කොරෝනා එන්නතකින් ඩොලර් 5 ක් ගසා කාලා..වැඩේ ඇත්ත ද? Featured

Sunday, 30 May 2021 11:14

මේ දිනවල සමාජ මාධ්‍ය වල ලැව් ගින්නක් සේ පතිර යමින් තිබෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් චීනයේ ඖෂධ නිශ්පාදන ආයතනයක් විසින් නිපදවනු ලැබූ සයිනොෆාම් එන්නත මෙරටට මිළදී ගැනීමේදී එක් එන්නතකින් ඩෝලර් 5 ක යටි මඩි ගසා ගැනීමට මෙරට පාලකයන් කටයුතු කර ඇති බවය.

ඒ තහවුරු කිරීමට යොදා ගනිමින් තිබෙන එකම මූලාශ්‍රය වී ඇත්තේ බංග්ලාදේශයේ මාධ්‍ය විසින් එරට කැබිනට් තීරණ ලෙස වාර්තා කළ පුවතකි.. ඒ අනුව බංගලාදේශය මෙම එන්නත් මාත්‍රා මිලියන 15 ක් එක් එන්න්තක් ඩොලර් 10 ක් වන සේ මිලදී ගැනීමට තීරණය කර ඇතැයි කියන පුවතය.

මෙරට කැබිනට් මණ්ඩලය සයිනොෆාම් එන්නත් මාත්‍රා  මිලියන14 ක් එක් එන්නතක් ඩොලර් 15 ගනනේ මිළදී ගැනීමට තීන්දුවක් ගෙන තිබීම මත බංග්ලා දේශයට 10 ට ගන්න හැකි නම් ඇයි අපට එම මුදලට ගන්න බැරි ? කියන ප්‍රශ්න කිරීම මතු විය . එහි දිගුවක් ලෙස එන්නතකින් ඩොලර් 5 ගස කාලා යනුවෙන් කිසිදු සාක්ෂියක්, පදනමක්, තර්කයක්, නැතිව කතන්දරයක්ද නිර්මාණය විය. මේ ගැන දැනටමත් බොහෝ වාද විවාද දේශපාලන මාධ්‍ය හමුවල, සමාජ මාධ්‍ය වල පලවී ඇත.

එහෙත් මෙම කතන්දරයේ මුලාශ්‍රය ඇත්තෙ වෙන තැනකය.. එන්තකින් ඩොලර් 5 ක් ගසා කාලා කියන චෝදනාව මුලින්ම නැගුණේ ශ්‍රි ලංකාවෙහි නොව බංග්ලාදේශයේය. ඒ ඉන්දියාවේ නිශ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නත ඩොලර් 5 කටත් වඩා අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාව තිබියදී බංග්ලදේශය එය ඩොලර් 10 ගනනේ චීන එන්නත ගැනීමට සූදානම් වන බවත් කියමින් මතයක් බංග්ලදේශය තුළ මතු විය. ඇත්ත වශයෙන්ම මතු වුණා නොව එය බාහිර පාරශ්වයක් විසින් මතු කළාය යන්න වඩා නිවැරදිය. එය පි‍ටුපස සිටියේ ඉන්දියාවය. ඉන්දියාව සහ චීනය අතර පවතින විරසකයේ ප්‍රතිපලයක් ලෙස මෙය ඉන්දියාව විසින් පතුරවනු ලැබූ කතන්දරක් විය. ඊට ඉන්දියාවේ මාධ්‍ය විසින්ද අවශ්‍ය තරමට උල්පන්දම් දෙනු ලබීය. ඉන්දියාවේ නිශ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නත එරට දැඩි ඉල්ලුම සපුරා ගැනීමට තරම් හෝ නිශ්පාදනය කරගත නොහැකිව එරට විශාල අර්බුදයක් නිර්මාණය වී තිබියදී එම එන්නත් තවත් රටකට විකිණීමේ හැකියාවක් නැත. මෙරටට අත්‍යාවශ්‍යව තිබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් සුළු ප්‍රමාණය හෝ ලබාදීමේ හැකියාවද ඉන්දියාවට මේ මොහොතේ නැත. එම නිසා බංගලාදේශය පාලනයට එරෙහිව එරට විරුද්ධ පක්ෂ වෙතින් නැගෙන චෝදනාවද තනිකර විකාරයකි.

එහෙත් බංග්ලදේශය ඩොලර් 10 කට එන්නත මිළදී ගැනීමට තීරණය කළාය, එම මුදලට චීනය එන්නත ලබා දීමට එකඟ වුවාද යන්නෙහි සත්‍යතාවය තවමත් පැහැදිලි නැත. බංග්ලාදේශ ආණ්ඩුව පවසන්නේ තවමත් නිශ්චිත තීරණයක් නැති බවත් ඒ සාකච්ඡා මට්ටමෙහි ඇති බවත්ය. එරට චීන තනාපති කාර්යාලයද ඊට සමාන ප්‍රකාශයක් සිදු කර ඇත. ඒ අනුව මෙරට තුළ ද එන්නතෙන් ගසා කෑමක් සිදුවන බව විශාල වශයෙන් ප්‍රචාරය වීම නිසා මෙරට චීන තානාපති කාර්යලයද පවසා සිටියේ බංග්ලා දේශ ගනුදෙනුව ගැන තවමත් නිශ්චිත තීන්දුවකට පැමිණ නැති බවත් ප්‍රචාරය වන කතන්දරවල ඇත්තක් නැති බවත්ය.

කොහොම නමුත් බොහෝදෙනා මතු කර තිබුණු ගැටලුව වූයෙ එක රටකට 10 ට පුලුවන් නම් ඇයි අපි 15 ක් දීලා ගන්නේ යන ගැටලුවය. එය පැහැදිලි ප්‍රශ්නයක් වූවද ඊට ඇති උත්තරය පැහැදිලි කරගැනීමට නම් මෙම එන්නත වෙනත් රටවල් විසින් ලබා ගෙන තිබෙන මිල ගන්න පරික්ෂා කළ යුතුය. මේ සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කර ඇති දත්ත අනුව, ආර්ජන්ටිනාව ඩොලර් 40, හංගේරියාව ඩො.36, කස්කස්ථානය ඩො. 31.10, මොන්ගෝලියාව ඩො. 15, සෙනගලය 18.60 ආදී වශයෙන් එම එන්නත් මිලදී ගැනීම සිදු කර තිබේ. (අදාල මූලාශ්‍ර: https://www.unicef.org/supply/covid-19-vaccine-market-dashboard) මෙසේ මිලගනන් එකිනෙකට වෙනස් වීමට හේතු කිහිපයක්ම බලපා තිබේ. එම එන්නත ඉල්ලුම් කළ කාලය, චීනය සමඟ වන වෙළඳ ගිවිසුම්, රට රටවල ආර්ථික හැකියාවන් ආදී වශයෙන් වෙනස් වෙනස් තත්වයන් ඊට බලපා තිබේ. අඩුම මිළකට එනම් ඩොලර් 15 කට එන්නත සැපයීම සිදු කර ඇත්තේ මොංගෝලියවට පමණය. ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇත්තේද එම අවම මිලටය. කොටින්ම මෙම එන්නත චීන ආණ්ඩුව විසින්ම එරට පාවිච්චිය සඳහා අදාල ආයතනයෙන් මිලදී ගෙන ඇත්තේ ඩොලර් 29.75 බැගින්ය.

මේ අනුව මෙම එන්නත දැනට මාධ්‍ය හරහා ප්‍රකාශිත ආකාරය අනුව ඩොලර් 10 කට බංග්ලාදේශයට ලැබීමට ඉඩ කඩක් තිබිය හැකිය. එරට සහ චීනය අතර වන පවතින වෙලඳ ගිවිසුම් සහ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මත එය සිදුවෙනු ඇත. මේ නිසා එරටට ඩොලර් 10 කට එන්නත ලැබුණා කියා මෙරටට එය ඩො. 10 කට ලැබීමට හේතු වන්නේ නැත. එය මෙරටට ලබාදීමට එකඟව ඇත්තේ ඩොලර් 15 කටය. මේ නිසා මෙම එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා කිරීමට තරම් කිසිදු පදනමක් නැත. මෙය කරුණු කාරණා නොදන්නාකම හෝ දේශපාලනික තක්කඩිකම නිසා ප්‍රචාරය කෙරෙන ව්‍යාජ තොරතුරක් බව පැහැදිලිය.

අක්‍රමිකතාවයක් සිදුව තිබේනම් එම චෝදනා සිදුකරන පාර්ශ්ව විසින් විවිධ උපකල්පන, හිතළු මත එම චෝදනා සිදු නොකර පිළිගත හැකි සාක්ෂි මත ඒ සිදු කළ යුතුය. එහෙත් එහෙම කිසිදු තොරතුරක් මෙතෙක් ඉදිරිපත්ව නැත. එමගින් පැහැදිලි වන්නේ මේ මඩ අවලාද ගසමින් වත්මන් පාලනය වෙත ජනතාවගේ විරෝධය, අප්‍රසාදය ජනිත කිරීම වෙනුවෙන් මේ බොරුව සමාජගත කරමින් සිටින බවය. මේ රටේ අද පවතින විශාලම ඛේදවාචකය වී ඇත්තේ මෙලෙස දැන දැනම බොරු පුවත් මඩ අවලාද ප්‍රචාරය කරමින් ජනතාව නොමඟ යවමින් ඔවුන්ගේ සුබ සිද්ධිය තකා ගන්නා ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට දේශපාලනික කණ්ඩායම් සැදී පැහැදී සිටීමය. මේ තුච්ඡ උත්සාහයන් ප්‍රතික්ෂේප කර ඒවා පරාජය කිරීම තවදුරටත් සිදු නොවේ නම් අපට මේ රට ඉදිරියට ගෙන යෑමට නොහැක. හැමදාමත් බොරුවක් මත පැටලී ගහමරා ගනිමින් රට වළපල්ලට යනතෙක් සිටිය හැකිය. එම තත්වය මේ රටෙ ජනතාව සිහිබුද්ධියෙන් වටහා ගත යුතුව තිබෙන්නකි.

fakefake 1

Last modified on Sunday, 30 May 2021 11:44

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us