සෑම ගමකින්ම අන්තර්ජාලයීය ව්‍යවසායකයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙලක් Featured

Thursday, 14 October 2021 12:17

සෑම ගමකින්ම අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවසා තිබිණි.

‘කොවිඩ්’ වසංගත තත්ත්වය සමඟ ඉතාමත් අපහසු කාලසීමාවක් ගතකිරීම නිසා ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපෑමක් ඇති වී ඇති බවත් සෑම ගමකම දක්‍ෂ ව්‍යවසායකයෙක් බිහි කර එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළදපොළට අන්තර්ජාලය හරහා බෙදාහරින වැඩපිළිවෙල ආරම්භ කරන බවත් අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේය.

කොවිඩ් තත්වය හමුවේ සෑම රටකටම විවර වූ නව වෙළඳ දොර‍ටුව වූයේ අන්තර්ජාලය හරහා පාරිභෝගිකයා සමඟ වන සම්බන්ධතාවයය. සංවර්ධිත රාජ්‍ය වලට මෙය අලුත් තත්වයක් නොවුණද ශ්‍රී ලංකාව වැනි තවමත් අන්තර්ජාල ගනුදෙනු වල ප්‍රාථමික අවධියක් ගත කරමින් සිටින රටවලට මෙය තවම අලුත් තත්වයකි. මේ සම්බධයෙන් ගත් විට අන්තර්ජාල වෙළඳාම පැවැතුනේ ඉතා සුළු පරිමාණයෙන් සුළු පිරිසකගේ සහභාගිත්වය පමණි. නමුත් කොවිඩ් තත්වය සමඟ ඉතා විශාල පිරිසක් අන්තර්ජාලය හරහා ගනු දෙනු කිරීමට සිදු විය. එම තත්වය විධිමත්ව තව දුරටත් ගොඩ නැංවීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. ඒ අනුව සෑම ගමකින්ම එක් ව්‍යවසායකයකු හෝ අන්තර්ජාල මාධ්‍යයන් හරහා ව්‍යාපාර කටයුතු කිරීමට රජය මූලික වී අවස්ථාව සහ පහසුකම් ගොඩනගා දීම එම ක්ෂේත්‍රයන් හී සංවර්ධනය සඳහා කරන වැදගත් අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස හඳුනාගත හැක.

එසේම මෙහිදී අන්තර්ජාල ගනු දෙනු සම්බන්ධයෙන් දැනට පවතින බාධාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු විය යුතුය. විශේෂයෙන්ම. අන්තර්ජාතික මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙරට මුල්‍ය රෙගුලාසි අනුව කර තිබෙන සීමාවන් මෙරටට ගැලපෙන පරිද්දෙන් ඉවත් කිරීම සිදු විය යුතුය. මේවා සම්බන්ධයෙන් මෙරට තරුණ ප්‍රජාව කාලයක් තිස්සෙම ඉල්ලීම් කරමින්ද තිබේ.

මේ හරහා ග්‍රාමීය ආර්ථිකය ජාත්‍යන්තරය සමඟ ගැට ගැසීම සිදු වෙයි. ගමට ආදායම් වැඩි වෙයි. විදේශ විනිමය රටට ලැබෙයි. අන්තර්ජාලය හරහා වන වෙළඳාම පහසුවෙන් සිදු කිරීමට ගමේ පිරිස් පෙළඹෙන විට ගම නගරය අතර වන හිඩැසද පිරවෙනු ඇත. ඒ අනුව ඇමැති නාමල් රාජපක්ෂ මේ ගෙන තිබෙන පියවර රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගත් වටිනා පියවරක් ලෙස නිසැකවම හැඳින් විය හැකිය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us