නැවත මෙරට කාස ලෙඩ්ඩු ගැන අහන්න වෙන එකක් නැහැ ! Featured

Wednesday, 27 October 2021 12:03

පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය සම්බන්ධයෙන් අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී 2030 වසර වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට රජය කැපවී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දී ඇත.

මෙහිදී මෙරට නාගරික ජනතාව අතර යම් යම් පිරිස් ක්ෂය රෝග ගැටලුවට මුහුණු පා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වාර්ෂිකව මෙරටින් රෝගීන් 8,000ක් පමණ වාර්තා වන බව ද පවසා තිබේ.

ක්ෂය රෝගය යනු සෛල තුළ වර්ධනය වන හා සෛල වෙන් කරන බැක්ටීරියාවක් වන Mycobacterium tuberculosis මගින් ඇතිවන බෝවෙන වායුවකි. මෙම රෝගය පෙනහළු වලින් ආරම්භ වන ආසාදනය කාලයත් සමග වකුගඩු, මොළය හා කොඳු ඇට පෙළ ඇතුළු අනෙකුත් අවයව වලට පැතිර යා හැකි බව වෛද්‍ය මතය වී තිබේ.

ශ්‍රී ලංකාවේ බහුලව පවතින බෝවන රෝග අතර, ක්ෂය රෝගය දෙවන ස්ථානයේ පසු වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට 500 - 600 ත් අතර සංඛ්‍යාවක් මරණයට පත් වේ.

මෙරට තුළ වසරකට ක්ෂය රෝගීන් 8,000-9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවත් එය 13,000 -14,000 ත් අතර සංඛ්‍යාවක් විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිලිබඳ ජාතික වැඩසටහන වරෙක ප්‍රකාශ කර තිබුණි.

එසේම මෙරට තුළ ක්ෂය රෝගය වැඩිම ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්ක වනුයේ කොළඹ,ගම්පහ,කළුතර,නුවර,ගාල්ල යන දිස්ත්‍රික්කයන්ය. තම සෞඛ්‍යාරක්ෂා නොතකා හැරීම නිසා ක්‍ෂය රෝගය මිනිසා විසින්ම ඇතිකරගන්නා නිසා එය මැඩලීම සුළුපටු නැත.

එමෙන්ම ලජ්ජාව හා භය නිසා මෙම රෝගය සගවා සිටින පිරිස වැඩිය. එම නිසා ඔවුන්ගෙන් තව තවත් මේ රෝගය බෝ වේ. ක්‍ෂය රෝගය හේතුවෙන් බොහෝ විට දුක් විදීම, ආර්ථික අමාරැකම්, තම අසල්වාසීන් විසින් 'කාස ලෙඩෙක්' යන අපහාසාත්මක යෙදුම් මඟින් කොන් කිරීම නිසා රෝගීන්ගේ සිතෙහි ඇතිවන මානසික පෙලීම ආදී තත්ව දැකිය හැක.

එහෙත් සතුටට කරුණ නම් ක්‍ෂය රෝගය සුව කිරීම සදහා අවශ්‍යවන සියලුම සම්පත් අද වනවිට අප සතුව පැවතීමය. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන ක්ෂය රෝගය, විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී ඇති යුගයක එය මැඩලීමට වත්මන් රජය සමත්ව ඇති බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි.

රෝගයක් මැඩලීමට අවශ්‍ය ප්‍රධාන සාධකය වනුයේ එම රෝගය ව්‍යාප්ත වන මුලාශ්‍රයන් හදුනා ගැනීමය. ඒ අනුව මෙම රෝගයේ අවදානම් කණ්ඩායම හදුනා ගැනීමම විශාල වාසියකි. මේ වන විට ලංකාවේ ළය රෝහල්, ළය සායනික හා ක්‍ෂය රෝගීන් සදහා වූ රජයේ අනෙක් සේවාවන්ගේ විශාල වෙනස්වීම් සිදු වී ඇත. අද වන විට ලංකා රජයේ ක්‍රියාමාර්ගය වී ඇත්තේ මසකට සෑහෙන ඖෂධ ප්‍රමාණයක් නොමිලේ රෝගීන්ට ‍බෙදා දීමයි. එමෙන්ම රෝගී කාලය තුළ පුද්ගලයා හෝ පවුලට දීමනාවක් රජය විසින් ලබා දේ.

ක්ෂය රෝග මර්දන හා පපුවේ රෝග සඳහා වූ ජාතික වැඩසටහන (NPTCCD) යනු ශ්‍රී ලංකාව පුරා ක්ෂය රෝගය (ක්ෂය රෝගය) සහ අනෙකුත් ශ්වසන රෝග පාලනය කිරීම හා වැළැක්වීම සඳහා වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම සංවිධානයයි. එය ක්‍රියාත්මක වන්නේ පපුවේ සායන, රසායනාගාර, පපුවේ වාට්ටු සහ රෝහල් ජාලයක් හරහා ය. NPTCCD හි කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGHS) සහ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (DDG-PHS) ගේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ සිදු කෙරේ.

ක්ෂය රෝග මර්දන කටයුතුවල විධිමත් ප්‍රවේශයන් අනුගමනය කිරීම සඳහා මුලින් ක්ෂය රෝග කොමිසම ලෙස නම් කරන ලද NPTCCD 1910 දී පිහිටුවන ලදී. NPTCCD හි අරමුණ වන්නේ පපුවේ රෝග සහ ඒවායේ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව විවිධ සමාජ මට්ටම් දැනුවත් කිරීම ය.

NPTCCD හි ජාතික ප්‍රතිපත්තියට අනුව එහි කාර්ය වන්නේ සියලුම ක්ෂය රෝගීන්ගේ දැනුම්දීම, ජාතික ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන්ට අනුව ක්ෂය රෝගයෙන් පෙළෙන සියලුම රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දීම, දිස්ත්‍රික් පපුව සම්බන්ධ සායනවල සියලුම ක්ෂය රෝගීන් ලියාපදිංචි කිරීම සියලුම ක්ෂය රෝග රෝගීන්ට නොමිලේ ස්පුටම් අන්වීක්ෂීය සේවා සැපයීම සහ ප්‍රතිකාර කාලය පුරාම ඩොට්ස් සැපයීමයි.

මේ අනුව මෙරට සෞඛ්‍ය සේවා පද්ධති පුළුල් කරමින්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයුමට අවශ්‍ය ප්‍රමිතීන් වැඩි දියුණු කරමින් වත්මන් රජය ක්ෂය රෝගය මැඩපැවැත්වීමට දැක්වන දායකත්වය අගය කළ යුතු මට්ටමක තිබේ.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us