සිර මැදිරියේ සිට පුනරුත්ථාපනයට ! Featured

Tuesday, 02 November 2021 11:45

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට යොමු කරන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කර තිබෙනවා.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටකට අවශ්‍යම ක්‍රමවේදයකි. අපරාධ මර්දනය සඳහා දඬුවම් නියම කිරීමේ ක්‍රමවේදයෙහි ඇති අඩුපාඩු ගැන අද ලෝකය පුරාම සාකච්ඡා වන මාතෘකාවක් වී තිබේ. දඬුවම් මඟින් අපරාධ වැලැක්විය හැකිද යන්නත් , මෙම සංවාදවලදී දඬුවම් ලබාදීම වෙනුවෙන් බන්ධනාගාර ගත කිරීමේ දී තවතවත් අපරාධකරුවන්ම බිහි වීමේ ප්‍රවණතාවයන් ගැනද හඳුනාගෙන තිබේ. මන්ද බන්ධනාගාර තුලදී පුනරුත්තාපන ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදු නොවීම මෙයට එක් හේතුවක් ලෙස හැඳින්විය හැකිය. එසේම විවිධ තලයේ අපරාධකරුවන් වෙන් කිරීමකින් තොරව රැඳවීම නිසා සුළු අපරාධකරුවන් පවා අපරාධමය සංවිධාන ජාලවලට එකතුවීම වැනි දේ සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබේ.

එසේම මෙහිදී තවදුරටත් අපරාධමය මනසින් බැහැර වුණ වඩා හොඳ ශිෂ්ඨ සම්පන්න දිවියක් ගත කිරීමේ අධිෂ්ඨානය සහිත පිරිස් ද දීර්ග කාලීනව දඬුවම් ලබමින් නිරපරාදේ කාලය ගත කිරීමට සිදුව තිබෙන බවත් හඳුනාගෙන ඇත. ඇතැම් විට මත් ද්‍රව්‍ය සමබන්ධයෙන් දඬුවම් ලැබ සිටින පිරිස් රටක සංවර්ධනය වෙනුවෙන් දායක කරගත හැකි එවැනි හැකියාවන් සහිත අය වේ. එසේනම් එවැනි අයට එම අවස්ථා මේම දඬුවම් ක්‍රමය නිසා මඟහැරී ඇත. එවැනි පිරිස් වෙත දඬුවම් ලිහිල් කර නිදහස ප්‍රදානය කිරීම දැන් ලෝකය පුරා සිදුවෙමින් පවතින්නකි. මේ නිසා මෙවැනි චුදිතයන් බන්ධනාගාර ගත කිරීම හුදු සිර දඬුවමකට වඩා පුනරුත්තාපන ක්‍රියාවලියක් දක්වා දියුණු කිරීම අතිශය වැදගත්ය.

එහි වැදගත් කම මැනවින් අවබෝධ කරගෙන සිටින වත්මන් රජය මෙරට පුනරුත්පාපන ක්‍රියාවලිය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ගත් තීරණය වැදගත් තීන්දු ලෙස සැලකිය හැකිය.

අද ඊයේ පමණක් නොව ඓතිහාසිකවම මෙරට බන්ධනාගාර ක්‍රමය ගැටළු රැසක මූලයක් ලෙස සැලකිය හැකිය . විශේෂයෙන්ම ලංකාවේ බන්ධනාගාරවල රැඳවා සිටිය හැකි උපරිමය ඉක්මවා රැඳවියන් විශාල පිරිස් වශයෙන් බන්ධනාගාර තුළ සිටීම ජාතික හා ජාත්‍යන්තර අවධානයට පවා වරින් වර ලක්වූ ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය මහා ව්‍යසනයක් බවට දිග්ගැස්සෙන්නේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සමඟ බන්ධනාගාර රැඳවියන් එහි ගොදුරක් වීම නිසාය.

ශ්‍රී ලංකා බන්ධනාගාර සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි බන්ධනාගාර ප්‍රජාවෙන් අඩක්ම සැකකරුවන්ය. එයින් 49%ක් උසාවියෙන් නියම කළ ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ අයය. බන්ධනාගාරගත කරන සිරකරුවන්ගෙන් තවත් 36%කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන්ය. තවත් 25%කට ආසන්න පිරිසක් සුරා බදු වැරදි එනම් නීතිවිරෝධී මත්පැන් හේතුවෙන් බන්ධනාගාරගත වූ අයයි. එකී නොකී සියල්ල අතරින් 46%කට වඩා වැඩි පිරිසක් සිරකරුවන් ලෙස බන්ධනාගාරගතව සිටින්නේ මාස 6කට වඩා අඩු කාලයකි. එනම් සුළු වැරදි ගනයට යටත් වන්නන්ය. මෙම සුළු වැරදිකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ එකට තැබීමෙන් ඔවුන් එම ජාලවල නව සාමාජිකයන් බවට පත්වීමෙන් සිදුවන විනාශය බරපතල බව වටහා ගැනීම අපහසු නැත. විශේෂයෙන්ම ලංකාවේ කුඩු ජාවාරම මැඩ පැවැත්වීම කෙරෙහි මෙම තත්වය බරපතල ගැටළුවක් තිබෙන බව හඳුනාගෙන ඇත.

මේ අතර රටේ සිදුවන අපරාධවලින් පොලිසියට පැමිණිලි කරන්නේ 40%කටත් වඩා අඩු පිරිසක් බව ද හඳුනාගෙන ඇත. මෙම ඇතැම් පැමිණිලි බරපතළ අපරාධ ලෙස සැකකරමින් අධිකරණය හමුවට ගෙන ආවද අධිකරණයෙන් වැරදිකරුවන් වනුයේද ඉන් 4% ක පමණ ප්‍රමාණයක් බවද එම තොරතුරු අනුව පැහැදිලිය.

අද ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක රැඳවියන් 28,951ක් සිටී. එහෙත් සැබැවින්ම ඉඩ කඩ පවතින්නේ ඉන් අඩක තරම් ප්‍රමාණයකටය. බන්ධනාගාර තුළ පවතින මෙම අධික තදබදය හේතුවෙන් කොවිඩ් වලින් ආරක්ෂා වීමේ සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම පහසු නැති බව පසුගිය කාලයේ පැහැදිලි වූ ඇත්තකි. එවැනි පරිසරයක් තුළ මෙවැනි වෛරසයකින් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපැදීම සැබැවින්ම දුෂ්කරය.

එමෙන්ම මෙරට බන්ධනාගාර තුළ අපරාධ සිදුවූ සෑම අවස්ථාවකම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලා විවිධ මට්ටමින් නිර්දේශ නිකුත් කර තිබෙන අතර ඒ සෑම අවස්ථාවකම එහි පවත්නා අධික තදබදය දැඩි අවධානයට ලක්ව ඇති බව නිරීක්ෂණය කළ හැක.

ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2018 වසරේ අප්‍රේල් හා සැප්තැම්බර් අතර කාලය තුළ මෙරට බන්ධනාගාර, රිමාන්ඩ් බන්ධනාගාර, වැඩ කඳවුරු සහ පුනරුත්තාපන කඳවුරු 20ක් සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනයක් ඇසුරින් වාර්තාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. එම අධ්‍යයනයේද ප්‍රධාන නිරීක්ෂණයක්ව පැවතියේ මෙම බන්ධනාගාර තුළ ඇති අධික තදබදයයි.

මෙයට පිළියමක් ලෙස විවිධ මට්ටමින් යෝජනා ඉදිරිපත්ව තිබූ අතර පසුගියදා සුළු දඬුවම් නියම වූවන් දසදහසකට ආසන්න පිරිසක් නිදහස් කිරීමට වත්මන් රජය කටයුතු කළ අතර ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව දීර්ඝ කාලයක් දඬුවම් විඳි රැඳවියන්ට නිදහස ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය. එසේම පුනරුත්තාපන ක්‍රියාවලියද විධිමත්ම කඩිනමින් සිදුවිය යුතු බවත් , විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දඬුවම් ලබන්නන් සහ සුළු වැරදිකරුවන් වෙනම රඳවා තබා ගෙන මෙය සිදුවිය යුතුවීම අතිශය වැදගත් බවත් ආණ්ඩුවේ මතය විය. ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට යොමු කිරීමට මේ මොහොතේ ආණ්ඩුව ගත් තීරණය සාධනීය තීන්දුවක් වන්නේ ඒ අයුරෙනි.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us