අපිම හදන් අපිම බොමු...පිටරටටත් පටවමු ! Featured

Wednesday, 03 November 2021 11:48

වසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී හමුවු අවස්ථාවේදී පවසා තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ අදියර පහක් යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි .

ඒ අනුව වසර පහක් තුළ මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිපදවීමේ වැඩපිළිවෙළ යටතේ පළමු අවුරුදු දෙක සදහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවත්,මුල් අදියර සදහා ඇමරිකා ඩොලර් මිලියනයක් ද දෙවන අදියරට මිලියන පහක්ද නැවත ඇමරිකා ඩොලර් මිලියන දහයක් ද ආදි වශයෙන් එම සැලසුම ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා සදහන් කර ඇත. කෙසේවෙතත් එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සදහන් කළේ ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට තම රටේ ආයෝජකයන් සූදානම් බවයි.

රටක් ලෙස අපට වසරකට බටහිර වෛද්‍ය ප්‍රතිකර්ම ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැය කිරීමට සිදුව තිබේ. ඉන් බොහොමයක් ඖෂධ මෙරටදී නිෂ්පාදනය කළ හැකිය. මේ පිළිබඳ සංවාදය අද ඊයේක ඇති වූවක් නොවේ. එහෙත් යම් යම් කාලවල මෙරට ඖෂධ වර්ග කිහිපයක් නිශ්පාදනය වී තිබුණද ඒ රටට අවශ්‍ය ප්‍රමාණයකින් සිදුව තිබුණේ නැත. ඒ අනුව රටේ ජනතාවට අත්‍යවශ්‍ය සියලුම ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කළ යුතු බවට වත්මන් රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි වසර 05 ක කාලය ඇතුළත මෙම ඉලක්කය ජයගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව මෙලෙස මෙම ඖෂධ මෙරට තුළදීම නිපදවීම සිදුවනු ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ පිළිකා වැනි රෝග සඳහා අවශ්‍ය, ඉහළ මිළක් ගෙවා මෙරටට ගෙන්වනු ලැබූ ඖෂධ වර්ග මෙරට තුළදීම නිෂ්පාදනය කිරීමට කටයුතු යෙදී තිබීමයි.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද මේ හා සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඔහු සදහන් කළේ රටට අවශ්‍ය ඖෂධ ඉදිරි වසර පහ තුළදී රට තුළම නිෂ්පාදනය කළ යුතු බවයි. ජනාධිපතිවරයා ලබා දී ඇති ඉලක්කයට අනුව ඊට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද ඔහු කියා තිබුණි. ඒ සමඟම මෙරට තුළ ඖෂධ පිළිබඳ සාකච්ඡා නැවත කරළියට පැමිණියේය. පසුගිය කාලය පුරාම මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවා ලීමට අවශ්‍යය කෙරුණු ඖෂධ වර්ග විදෙස් ‍රටවල් රැසකින් ම මෙරටට ආනයනය කිරීම සිදු විය. ඒ සඳහා අතිවිශාල මුදලක් ද වැය කෙරුණු අතර පැහැදිලිවම රටේ ජාතික ධනය විදේශ රටවලට ගලා යන එක මාර්ගයක් බවට එලෙස ඖෂධ ආනයනය කිරීම පත් විය. ඇස්තමේන්තු කර ඇති අන්දමට එලෙස ඖෂධ ආනයනය කිරීමට වසරකට රුපියල් බිලියන 60 ක පමණ මුදලක් මෙරටට වැය වී තිබේ.

මෙරට ඖෂධ නිෂ්පාදනය ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා තුළ ඇති දැක්ම පැහැදිලිව පෙන්නුම් කළ මුල්ම සාක්ෂිය වූයේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නව රාජ්‍ය අමාත්‍යාංශයක් ද ‍බිහි කිරීමට කටයුතු කිරීමයි. විදෙස් වෙළෙඳපොළ ද ඉලක්ක කරගනිමින් ඉදිරියේදී මෙම ඖෂධ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට ඖෂධ නිෂ්පාදනය හා සැපයීම නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය දැනටමත් තීරණය කර තිබේ. එයට අනුව විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 400 ක ආයෝජන කලාපයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ද විෂය භාර අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා අනාවරණය කර තිබේ. මීට අමතරව දේශීය ‍ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් සඳහා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100 ක මධ්‍ය පරිමාණ ආයෝජන කලාපයක් ද පිහිටුවන ලදී.

මෙතුවක් කල් විදෙස් රටවලට ගලා ගිය මෙරට ජාතික ධනය රට තුළ ඉතිරි කිරීමත්, විදෙස් ධනය මෙරටට අත්පත් කරගැනීමත් වත්මන් රජයේ අභිලාෂය වී ඇත. ඒ අනුව රජය මේ වන විට ගන්නා වෑයම දිනෙන් දිනම සාර්ථකත්වය කරා ගමන් කරමින් ඇති බව පැහැදිලිය. එය මෙරට ඖෂධ නිශ්පාදන කර්මාන්තය ගොඩනැංවීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග මඟින් යළිත් ඔප්පු වෙමින් තිබෙන බව කියන්නට තවත් අටුවාටිකා අවශ්‍ය නැත.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us