වංචාකර ත්‍රිරෝද රථ රියදුරන් ආණ්ඩුවෙන් මට්ටුවන ලකුණු ! Featured

Monday, 22 November 2021 14:38

එළැඹෙන ජනවාරි (2022) මාසයේ සිට ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීමට ඒ නියමයන් පැනවූ ගැසට් පත්‍රය අත්සන් තබා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.

බස්නාහිර පළාතට අනිවාර්ය කරමින් ජනවාරි 1වැනි දින ගෙන එන මෙම නීතිය මාස තුනක් ඇතුළත දීපව්‍යාප්ත කරන බවත් ඉන් අනතුරුව මීටර් නොමැතිව කුලී ගමන් යන ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගැනීම සඳහා නීති සකස් කරන බවත් හෙතෙම කීය.
මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් පාක් ඇන්ඩ් රයිඩ් බස් සේවාව ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (21 වැනිදා) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය. කුලී ත්‍රිරෝද සියල්ල මීටර් ටැක්සි බවට පත්කිරීම අනාවාර්ය කෙරෙන ගැසට් පත්‍රය අත්සන් තබා ඇතත් තවමත් නිකුත් නොකරනු ලැබුවේ අදාළ වැඩපිළිවෙළ සම්බන්ධව ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් දැනුවත් කරන තෙක් බවද හෙතෙම පවසා ඇත.

ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීම, ඒ මඟී ප්‍රවාහන සේවාවක් ලෙස සලකා ඒ වෙනුවෙන් විශේෂ නීති පද්ධතියක් සහිත නියාමනයක් සහ ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවය කාලාන්තරයක් තිස්සේ තිබු අවශ්‍යතාවයකි.

වර්තමානයේදී මෙම කුලී රථවලින් බහුලව භාවිතා වන්නේ ත්‍රිරෝද කුළී රථ සේවවායි. මේ වන විට මිලියනයකට වැඩි ත්‍රිරෝද කුළී රථ මහා මාර්ගයෙහි මේ මොහොතේත් ඇත. මිලියනයක් පමණ දෙනාගේ ආදායම් මාර්ගය මෙන්ම තවත් මිලියන කිහිපයක යැපීම් මාර්ගය වන්නේ මේ ත්‍රීරෝද රථයයි. මෙම සේවාව මෙරට ආර්ථිකය පැත්තෙන් ගත් විට කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි වැදගත් සේවයකි. කොහොම නමුත් මේසා විශාලව පවතින මේ ත්‍රී රෝද කුළි රථ සේවය පදනම් කරගෙන රටට මුහුණ දෙන්න සිදුව තිබෙන නරක තත්වයන්ද නැතුවා නොවේ. මේ නිසා මේ සේවාව නියාමන කිරීම රජයේ වගකීමක් බවට අනිවාර්යයෙන් පත්ව තිබේ. මෙමඟින් කුලී රථකරුවන් මෙන්ම මඟියාවද ආරක්ෂා වන ලෙස මේ සේවය විධිමත් වගකීම් සහගත ක්‍රමවේදයක් මත පවත්වා ගැනීම සිදුවීම අපේක්ෂා කරයි.

1978 වසරේ සිට සිමාවකින් තොරව ත්‍රිරෝද රථ මෙරටට ගෙන්වුවද මේ වන තෙක් ඒවා නියාමනය හෝ පාලනය කිරීමට මෙතෙක් පැවති කිසිදු රජයක් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. විටින් විට ඒවා පාලනය කිරීම උදෙසා ගත් ක්‍රියා මාර්ගයන්ද නිසි පරිදි ක්‍රියාවේ යෙදුනේ නැත. කොහොම නමුත් මඟියාගේ පැත්තේන් බැලු විට නිරන්තරයේන් සිදුවන අසාධාරණයක් වී තිබෙන්නේ ත්‍රිරෝද රථකරුවන් අය කරන සේවා ගාස්තු හිතුමනාපේ තීරණය වීමය.

ඇතැමුන් මිරටයක් සවි කොට තිබුණද එය ක්‍රියාත්මක නොකර අසාධාරණ ලෙස මඟියාගෙන් මුදල් උපයුවේය. එමෙන්ම මීටරයේ තිබිය යුතු සම්මත මිළ ගනන් වැඩි කර අය කළේය. මීට කලකට පෙර සම්මත මිළ ගනන් යටතේ මීටරය අනිවාර්ය කිරීම් ගැන නියමයන් පැන වූවද නිසි පරිදි නියාමනය කිරීමක් එවකට පැවති රජයේ පාර්ශ්වයෙන් සිදු වූයේ නැත. එසේම මීටර් සවි කිරීම කොළඹ ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයකටත් වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව සුළුවෙනුත් දකින්නට ලැබුණත් නගරයෙන් ඈත් වෙන්න වෙන්න මීටරය දකින්න ලැබුණේම නැත. මිටරය අනිවාර්ය කරන අදාළ නියෝගයන් 2017 වසරේ දී නිකුත් කර ඇතත් එම නියෝගය හරි ආකාරයෙන් ක්‍රියාත්මක නො​විය.

එමෙන්ම මීටර් සවිකර ගැනීම සඳහා ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා සහන කාලයක් ලබාදීමටත් ,ජූනි 01 වැනිදායින් පසු මීටර් නොමැතිව ධාවනයේ යෙදෙන කුලී ත්‍රීරෝද රථ සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පොලිසියට උපදෙස් ලබාදෙන බවත් එම අමාත්‍යාංශය සදහන් කර තිබේ.

පිඩාවට පත්ව සිටින ජනතාව තවත් පිඩාවට පත් නොකර වත්මන් ආණ්ඩුව ගත් මෙම තීරණය කුලී රථ රියැදුරන්ට සාධනීය සාධාරණ සේවයක් ලබාදීමටත් හැකිවන පරිදි ගත් හොඳ තීරණයක් බවත් ,එය ඇගයිය යුතු තීරණයක් බවත් අවසාන ලෙස සදහන් කළ යුතුය.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us