මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි ! Featured

Tuesday, 30 November 2021 13:06

මේ වසරේ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. නොවැම්බර් පළමු වනදා සිට පසුගිය 28 වනදා දක්වා සංචාරකයින් 41,177 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශය සදහන් කරයි.

පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වනදා දක්වා සංචාරකයින් එක් ලක්ෂ එක් දහස් අටසිය හැත්තැ දෙදෙනෙකු මෙරටට පැමිණ තිබේ. පසුගිය දින 28 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛන තහවුරු කරයි. ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයින් පැමිණ තිබේ.

වසංගත අර්බුදයත් සමග කඩා වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම සදහා වත්මන් ආණ්ඩුව සුවිශාල පරිශ්‍රමයක් දරමින් සිටි. ඒ අනුව රටේ විවිධ ක්ෂේත්‍රයන් වෙත දැඩි අවධානයක් යොමු කරමින් එකී ක්ෂේත්‍රයන් පුළුල් පරාසයක් කරා ගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත.

රටේ ආර්ථිකයේ මුදුන් මුල වන් සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල වුයේ පසුගිය යහපාලන සමයේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු එය නගා සිටුවීම ඇරඹු අතර මෙරට සංචාරය කිරීමට සිමා පනවා තිබු රටවල් ක්‍රමයෙන් එම සිමාවන් ලිහිල් කිරීම දක්වා සුබදායි වර්ධනයක් ළගා කර ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි විය. එහෙත් අවාසනාවකට මෙරට කොවිඩ් වෛරසයේ ගොදුරක් වීමට සිදු වූ නිසා යථා තත්වයට පත්වෙමින් තිබු සංචාරක ක්ෂේත්‍රයට දෙවන වරටත් මරු පහරක් එල්ල විය.මේ සියල්ලෙහි අවසාන ප්‍රතිපලය වුයේ රටේ විදේශ විනිමය හිඟ තත්වයක් උදාවීම ඇතුළු තවත් අර්බුද ගණනාවකට රටක් වශයෙන් අපට මුහුණ දීමට සිදු වීමය. ඕනෑම රටක ආර්ථික සංවර්ධනය ගැන උපක්‍රම තෝරද්දී රටේ සම්පත්, හැකියාවන් සහ පහසු මාර්ග ගැන අවධානය යොමු කළ යුතුය. ඒ අනුව සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීමට ඇති පහසුම වඩාත් වාසිදායක කර්මාන්තයකි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට හැකි කර්මාන්ත අතර, අද වන විට ප්‍රමුඛස්ථානයට එන්නේ සංචාරක කර්මාන්තයය. ශ්‍රම සූක්ෂ්ම කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය විශාල පිරිසකට රැකියා සපයන සේවා යෝජකයකු ලෙස ක්‍රියා කරයි. ලෝකයේ ප්‍රධාන කර්මාන්ත ගත් විට ඒවායේ නිෂ්පාදනයේ යම් සීමාවක් දැකිය හැකිය. එනමුදු සංචාරක කර්මාන්තයට එවැනි සීමාවක් නැති වීම විශේෂ වාසියකි. තවත් සුවිශේෂ වාසියක් නම්, මෙරටට එන විදෙස් සංචාරකයන් ගනුදෙනු කරන්නේ ලොව වැඩිම ඉල්ලුමක් පවතින මුදල් ඒකක සමඟින් වීමය. වර්තමානය වන විට එය වැඩි වශයෙන් අමෙරිකානු ඩොලර්වලින් ලැබීම රටට විශේෂ වාසියකි. එබැවින් රටට බලපා ඇති විදේශ විනිමය ගැටළු විසඳාගැනීම සඳහා ප්‍රධාන වශයෙන් එය භාවිත කළ හැකිය.

ලෝකයේ සෑම රටක්ම පාහේ සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි විමසිල්ල යොමු කර ඇත්තේ, එමඟින් උදා කර ගත හැකි මෙකී ආර්ථික යහපත සැලකිල්ලට ගනිමිනි. එයට හේතුව, එහි ප්‍රධානතම ප්‍රතිලාභය රජය වෙත යොමු වන බැවිනි. සංචාරකයන් තම ගමනාන්තයේදී වැය කරන විදේශ විනිමය රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබීමෙන්, එහි 'විනිමය වත්කම්' ඉහළ නඟී. එනම් මේ විදේශ මුදල් රුපියල් බවට පත් කිරීම සිදුවන නිසා බැංකු තුළ විදේශ විනිමය සංචිත ගොඩනැගේ. ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රය හා බැඳුණු ආයතනවලින් අය කෙරෙන බදු මඟින්, රජයට ආදායම් ලැබේ. සංචාරක ප්‍රවේශ ගාස්තු, ගුවන් තොටුපොළ ගාස්තු, රේගු ගාස්තු ආදිය මඟින් ද රජයට විශාල ආදායමක් ලැබේ.

ලෝකයේ සෙසු රටවලට සේම මෙරටට බලපා ඇති කොවිඩ් අර්බුධයත් සමග සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ මාරු පහර නැවතත් යථා තත්වයට ගැනීමට රජය ගන්නා දැඩි උත්සාහයෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය මස වසර හයකට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර යළි සෘජු ගුවන්ගමන් ආරම්භ කෙරිණි. මෙය රටක් වශයෙන් වසර ගණනාවකට පසු අප තැබූ තවත් ඉදිරි පියවරක් බව කිව යුතුය. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම කෙරෙහි මහත් බලාපොරොත්තු තබා තිබෙන විට ලෝකයේ කොහේ හෝ සිට පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමීණීමේ පහසුකම් සලසා තිබීම විය යුතුය. මේ අනුව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන බොහෝ සේවා අඩාල වී තිබු යුගයක එම සේවාවන්වලට නැවතත් නැවුම් මුහුණුවරක් තබමින් වත්මන් රජය රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට උත්සුක වීම වැදගත් කොට සැලකිය යුතුය.

එසේම පසුගිය කාලයේ ජාත්‍යන්තර ගුවන් සමාගම් පහක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ආරම්භ කෙරිණි. සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස නව ගුවන් සමාගම්, ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට පෙළෙඹී තිබේ. කොහොම නමුත් නව ගුවන් සමාගම් කිහිපයක්ම ලංකාවට නව ගුවන් ගමන් වාර කිහිපයක් ලබා දිම නිසා සංචරක කර්මාන්තයේ ඉදිරි පිම්මක් පැණිමේ අවස්ථාව නිතැතින්ම හිමිවේ. ඒ සමඟම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින කීර්ති නාමය තව තවත් වර්ධනය කිරීම හරහා සමස්තයක් ලෙස එය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට හේතුවෙයි. මෙමඟින් ලැබෙන විදේශ විනිමය මෙරට ජාතික ආර්ථිකය තව දුරටත් ශක්තිමත් වීම සිදු වෙනු ඇති අතර සංචාරක කර්මාන්ත ක්ෂෙත්‍රයේ නව ආදායම් අවස්ථාද ගොඩනැගීම සිදුවේ.

ශ්‍රි ලංකාව ලොකයේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස වසර කිහිපයක් තිස්සෙ ලොකයේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධන ආයතන වල උත්කර්ෂයට නැංවී තිබේ. එසේම මේ වන විට මේ රටේ පවතින සාමකාමී හා ආරක්ෂිත වටපිටාවද ඊට මහත් රුකුලක්ව තිබේ. කොවිඩ් තර්ජනය යම් පමණකින් හෝ සමනය කර ගැනීමට සමත්වීමද රටට හිතකර ලෙස බලපා තිබේ. එය මේ මොහොතේ අප රට ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. වත්මන් ආණ්ඩුවේ නොපසුබට උත්සාහයන් නිසා මෙරට සමස්ථ ආර්ථිකය මෙන්ම ජන ජීවිතය නැවතත් නොබෝ කාලයකින් යථා තත්වයට පත්වනු ඇතැයි දැන් දැන් පෙනී යන යථාර්තයක් බවට පත්ව ඇත.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us