කඩදාසි නැති පාර්ලිමේන්තුවක් වෙනුවෙන් පියවර ගනී ! Featured

Friday, 24 December 2021 14:33

පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා වන වැඩ පිළිවෙලක් 2022 වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අදහසක් පරිදි පරිසර අමාත්‍යංශය මගිනි. මෙම වැඩපිළිවෙල පිළිබඳව මුලික සාකච්ඡාවක් පසුගියදා පරිසර අමාත්‍යංශයේදී පැවත් වුණා.

පාර්ලිමේන්තුව පැවැත්වෙන සෑම දිනකම පොත්පත් පත්‍රිකා ගොඩ ගැසෙන බැවින් එම තත්වය හේතු වෙන් විශාල පාරිසරික හානියක් මෙන්ම සම්පත් නාස්තියක්ද සිදුවන බව අමාත්‍යවරයා පවසයි. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්ථා,න්‍යාය පත්‍ර, න්‍යාය පුස්ථක,කාරක සභා වාර්ථා, මන්ත්‍රී ප්‍රශ්න සහ උත්තර වාර්ථා.. ආදිය මුද්‍රණය සදහා දිනකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වන අතර පාර්ලිමේන්තුවේ දිනකට වැය කෙරෙන කඩදාසි නිපදවීම සදහා අඩි 40 ගස් තිස් හතක් කපා දැමීමට සිදුවන බව පරිසර විශේෂඥයන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කඩදාසි වලින් තොර පාර්ලිමේන්තුවක් බිහිකිරීමට කැමැත්තෙන් සිටියද ඇතැම් මන්ත්‍රීවරුන් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ඉල්ලා සිටීම නිසා ඒවා මෙලෙස සැපයීමට සිදුවී තිබෙන බවයි.

මන්ත්‍රීවරුන් ලිපිද්‍රව්‍ය වෙනුවට සිය මේස මත ඇති ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන්නේ නම් එම ගැටලුව විසඳෙන බවත් ලිපි ද්‍රව්‍යවල ඇති සියලුම තොරතුරු පරිගණකයෙන් ලබා ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය. මේ නිසා කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් සදහා කටයුතු සැලසුම් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් 2008 වසරේ විධිමත් අධ්‍යයනයක් කර තිබුණු නමුත් එම නිර්දේශයන් නිසි ලෙස ක්‍රියාවට නැංවී තිබුණේ නැත. එම වාර්ථාවට අනුව වාර්ශිකව හැන්සාඩ් වාර්ථා ගබඩා කිරීම වෙනුවෙන් පමණක් වර්ග අඩි 600 ක පමණ ඉඩ කඩක් වෙන් කිරීමට සිදුව තිබේ. ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුවේ දශක 40 ක පමණ ඉතිහාසය තුළ හැන්සාඩ් පමණක් ගබඩා කිරීමට වර්ග අඩි 600 ක තට්ටු 40 ක පමණ ඉඩක් මේ වන විටත් පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් වෙන්කර තිබේ. සමස්ථයක් වශයෙන් වාර්ශිකව මුද්‍රණය කරන හැන්සාඩ් පිටපත් ප්‍රමාණය ලක්ෂ දෙකකට ආසන්නය. මේ වෙනුවෙන් රුපියල් කෝටි ගනනාවක් රජය වැය කරයි. එමෙන්ම අනෙකුත් ලිපි ලේඛන වෙනුවෙන් ඊටත් වඩා ඉඩක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ වෙන් කර ඇත. එසේම පාර්ලිමේන්තුවට ලබා දෙන රාජ්‍ය ආයතනවල කාර්ය සාධක වාර්ථා, වාර්ශික වාර්ථා අතිවිශාල ප්‍රමාණයක්ද එකතුවේ. බොහෝ මනත්‍රීවරු මෙම වාර්ථා රැගෙන යාම සිදුනොකරන අතර ඒවා කසල ගොඩවල් ලෙස පාර්ලිමේන්තුව තුළම එකතුවේ.

මෙම ලිපි ලේඛන වෙනුවෙන් නාස්ති කරන කඩදාසි ප්‍රමාණය එක අතකින් ජාතික අපරාධයකි. මේ වෙනුවෙන් වැය කරන්නේ මහජන මුදල්ය.
කොහොම නමුත් මේ ඩිජිටල් යුගයේදිත් ලෝකයේ කඩදාසි භාවිතය දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. 2009 වර්ෂයේ දී ලෝකයේ ඒකපුද්ගල වාර්ෂික කඩදාසි පරිභෝජනය කිලෝග්‍රෑම් 54.71ක්‌ පමණ විය.

ගැටළුව ඇත්තේ කඩදාසි නිෂ්පාදනය සැලකිය යුතු පාරිසරික බලපෑමක්‌ සහිත ක්‍රියාවලියක් වීමය. කඩදාසි නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා කෙඳි ප්‍රමාණයෙන් 55%ක්‌ අලුත් දැවවලින් (virgin wood) ලබාගනු ලැබේ. ලෝකයේ කාර්මික භාවිතයට ගනු ලබන දැව අතරින් 42%ක්‌ කඩදාසි නිෂ්පාදනය සඳහා යොදාගැනේ. ඉන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ පැරැණි හා ද්විතීයික ස්‌වාභාවික වනාන්තරවලින් හෙළනු ලබන ගස්‌ වීම ගැටළුවක්‌ ඇති කර තිබේ. ඒ අනුව වන විනාශය සඳහා කඩදාසි කර්මාන්තය සැලකිය යුතු බලපෑමක්‌ සිදු කරයි. මේ නිසා ඇතැම් රටවල් කඩදාසි නිෂ්පාදන ආනයනය කිරීමේදී ඒවා තිරසර ලෙස කළමනාකරණය කළ වනාන්තරවලින් (වන වගා වැනි) නිපදවන ලද බවට සහතිකයක්‌ අවශ්‍ය වේ.

එසේම කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය බොහෝ පරිසර දූෂක විශාල ප්‍රමාණයක්‌ පරිසරයට එක්‌ කරන ක්‍රියාවලියකි. කඩදාසි හා පල්ප නිෂ්පාදන ක්‍රියාවලිය ලෝකයේ පරිසර දූෂණය අධික කර්මාන්ත අතන් එකකි. ඝන අපද්‍රව්‍ය, අපජලය මෙන්ම වායු දූෂණයද මේ අතර වේ.

එපමණක් නොව කඩදාසි කර්මාන්තය ලොව වැඩිම බලශක්තිය භාවිත කරන කර්මාන්ත අතරින් ඉන්නෙ 5වැනි තැනය . කඩදාසි කර්මාන්තය ලොව වැඩියෙන්ම ජලය භාවිතා කරන කර්මාන්තයද වේ . කඩදාසි ටොන් 1 ක් නිපදවන්න වතුර ගැලුම් 2000ත් 10,000ත් අතර ප්‍රමාණයක් වැය වේ. මේම විශාල ජල පරිභෝජනය නිසා පරිසර අර්බුද රැසක් හටගෙන තිබේ. උදාහරණයක් වශයෙන් මැද පෙරදිගට කඩදාසි නිපදවන ලෙබනනයේ ඇති ගංගා සියල්ලකම පාහේ ජල මට්ටම අඩුවී සිඳීයෑමේ තර්ජනයට ලක්වී තිබීමෙන් මෙහි ඇති පාරිසරික බලපෑම කෙතරම්ද කියා වටහාගත හැක. ඒ ලෙසම කඩදාසි ටොන් 1ක් නිපදවීමට දළ වශයෙන් 10ත් 17ත් අතර අතර ගස් ප්‍රමාණයක් අවශ්‍යවේ.

මේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ කඩදාසි යනු මිනිසාට අත්‍යවශ්‍ය ද්‍රව්‍යක් වන අතරම එය මිනිසාගේ ජිවිතවලටද නොදැනුවත්වම අභියෝග කරමින් සිටින බවය. එම තත්වයන් පිටු දැකීම වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දීමත් අරමුණු කරගෙන මෙරට පාර්ලිමේන්තුව තුළ අධික කඩදාසි භාවිතය පාලනය කිරීම සදහා වැඩ පිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. මේ සදහා ඩිජිටල් තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කඩදාසි භාවිතය අවම කිරීම සිදුවෙනු ඇත. මෙය අතිශය වැදගත් තීන්දුවක් වන අතර රටේ අනෙකුත් ආයතන වල‍ට මේ සදහා නීති රීති පැනවීමට මත්තෙන් රටේ මහජනයා නියෝජනය කරන උත්තරීතර පාර්ලිමේන්තුව තුළින්ම මෙම ආදර්ශය රටට ලබා දීම පැසසුමට ලක් විය යුතු කරුණක් වනු ඇත.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us