එදා අනුර ..අද විජිත...හෙට කව්ද ??? Featured

Saturday, 05 February 2022 20:12

ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට දැඩි විවේචන වලට එදා සිට අද දක්වාම ගොදුරු වූ පක්ෂයකි..

මෙතරම් ජනතා අප්‍රසාදයක් ජනතා විමුක්ති පෙරමුණට ඇති වී තිබෙන්නේ ඉතිහාසයේ සිට ඔහුන් ක්‍රියා කළ ආකාරය අනුවය..87/89 භීෂණ යුගය ගැන රටේ ජනතාවට අමුතුවෙන් මතක් කළ යුතු නැත..ඒ අඳුරු මතකය මේරට ජනතාවට හොද හැටි මතකය..මේ පුංචි දිවයින අඳුරේ තබමින්, රැයක් දවාලක් නොමැතිව ඇවිලෙන ටයර් සෑයවල් මත පිළිස්සෙන මළ සිරුරු වලින් හමන පුළුටු ගඳ එදා ගම් නියංගම් භීතියෙන් අවුලන්නට සමත් විය.

අශිෂ්ඨ තුච්ඡ දේශපාලන ක්‍රියාමාර්ග නිසා තරුණ ජිවිත දස දහස් ගණන් විනාශ කර දැමීමට එදා ජනතා විමුක්ති පෙරමුණට හැකි විය..එදා ඔවුන් සෙවූ විමුක්තිය කුමක්දැයි අප අදටද නොදනී..කොහොම නමුත් එදා ජනතා අප්‍රසාදයට ,පිළිකුලට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණ අද වන විටත් ඒ අප්‍රසාදය ඒ ලෙසින්ම පවත්වාගෙන යාමට සමත්ව ඇත..මේ කාලයත් ජවිපෙට එතරම් සුභ දායක කාලයක්ද නොවේ. සියයට තුනක ඡන්ද ගොට්ටක් අතැතිව රටෙන්ම පිචන් වී ඇති ජවිපෙ තව තවත් කරනු ලැබූ පිචන් වැඩ පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය වලින් හෙළි විය.

ඒ හැම තැනකම ජවිපෙ ම්ලේච්ඡත්වය මනාව රටට තව තවත් හෙළි විය..පසුගිය දවස් වල ජවිපෙ රැස්වීමක් අතර තුර මෙරට සිවිල් පුරවැසියෙකුට ජවිපෙ සාමාජිකයන් විසින් ඉතා අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් නිසා මෙරට පුරවැසියාට ජවිපෙ තව තවත් අපුල සහගත පක්ෂයක් බවටම පත් විය. ජවිපෙ ම්ලේච්ඡත්වය කොතරම් වසන් කරගෙන සිටීමට ඔවුන් උත්සහ දැරුවද ඔවුන්ගේ ජඩ පුරුදු ඔවුන් නොදැනීම එළියට පැමිණේ.

එම සිදුවීමේ උණුසුම යන්නට මත්තෙන් අදද ජවිපෙ තවත් මැර බලය පෙන්වීමට ගොස් පිචන් වී ඇත..එම සිදු වීම සිදු වුයේ අන් කිසිවෙකුට නොව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ටය. ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියෙක් තම පුද්ගලික වුවමනාවක් වෙනුවෙන් පස් කපා ඇති අතර ඒ පිළිබඳ එම දිස්ත්‍රික්කයේම ජවිපෙ සාමාජිකයන් විසින් අදාල පැමිණිල්ල කර ඇත්තේ පොලිසියට වෙනුවට විජිත හේරත්ටය..එම පැමිණිල්ල අනුව විජිත හේරත් මන්ත්‍රීවරයා අදාළ ස්ථානයට පැමිණ සිද්ධියට අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ තම බලය පෙන්වීමටය...

මේ වන විට අනුර දිසානායක වෙන්ඩ ජනාධිපති සිහිනයේ ගිලී තිබීමත්, ජවිපෙ එළඹෙන මැතිවරණයෙදී සියයට 80වක 90වක ඡන්ද ප්‍රතිශතයක් ගනු ඇති බවට විජිත හේරත් ගනන් හදාගෙන ඇති නිසාත් තමන්ට නැති රාජ්‍ය බලයක් ආරෝපණය කරගෙන මේ චණ්ඩිකම් පෙන්වන්වනවාද විය හැකිය. කොහොම නමුත් මේ චණ්ඩිකමට එරෙහිව එම මොහොතේ සිද්ධියට අදාළ පුද්ගලයා විජිත හේරත්ට ගල් ප්‍රහාරයක් දීමට සුදානම් වෙද්දී විජිත එම ස්ථානයෙන් මාරු වී ඇත්තේ භූමිතෙල් වලින් හොඳ හැටි සප්පායම් වූ ගැරඩියෙකු සේය...කොට්ටෝරුවා හැම ගහටම කොටමින් ගිහින් කෙසෙල් ගසට කොටපු දවසට වැඩ වරද්දා ගන්නවා යැයි කියමනක් අප අසා ඇත...එය යළිත් අපට සිහිපත් කිරීමට අද දිනයේ විජිත හේරත් සමත් විය..

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us