වසංගතයේ හානිය බරපතලයි. තේරුම් ගනිමු. වැඩ කරමු. Featured

Thursday, 03 February 2022 16:15

කොවිඩ් 19 වසංගත තත්වය නිසා සමස්ථ ලෝකයටම ආර්ථික දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල පීඩනයකට මුහුණ දෙන්න සිදු වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතුව නැත. ශ්‍රී ලංකාවේ මේ තත්වයයද වෙනසක් නැත.

මේ සම්බන්ධයෙන් සිදුව තිබෙන හානිය ගැන මෙතෙක් විධිමත් සොයා බැලීමක අඩුපාඩුව යම් පමණකින් සපුරාලීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ . ඒ අනුව 2020 වසරේ කොවිඩ් පළමු රැල්ල තුලදී මෙරට ශ්‍රම බලකායට සිදුව තිබෙන බලපෑම ගැන ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ නවතම සමීක්ෂණ වාර්තාවක් එළිදක්වා තිබේ.

එම වාර්තාවට අනුව වැටුප් ලබන සේවකයින්ගෙන් සියයට 7කට මේ පළමු රැල්ල අවධියෙදී සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ රැකියා අහිමිව ඇත.

මේ අතර කෘෂි අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 64.3% ක් සාමාන්‍ය පරිදි ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වුවද 14.6% ක් පවසා ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදිත සාමාන්‍ය පරිදි අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර කෘෂි නොවන ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 92.9%ක් ම පවසන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග පෙර පැවති මට්ටමට වඩා පහළ ගිය බව හෝ සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි.

මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබූ විශේෂ කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

වැටුප් ලබන සේවක කාණ්ඩය

2020 මාර්තු 20 දිනෙන් පසු 26.5% ක සේවක සංඛ්‍යාවක් සාමාන්‍ය පැය ගණනට වඩා අඩු ප්‍රමාණයක් සේවයට වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ පළමු රැල්ලට ගොදුරු වූ අවස්ථාවේ දී ලොක්ඩවුන් කාලසීමාව තුළ සමස්ත වැටුප් ලබන සේවක සංඛ්‍යාවෙන් 45% ක් වැටුප් සහිතව සේවයට වාර්තා නොකරන ලදී.
සමස්ත වැටුප් ලබන සේවකයින්ගෙන් 7% ක් සේවයෙන් සම්පූර්ණයෙන්ම සේවයෙන් ඉවත්වීම/ රැකියා අහිමිවීම සිදුව ඇත.
සියයට 12කට ඔවුන්ගේ රැකියා වැටුප් රහිතව තාවකාලිකව නවත්වා ඇත.
සියයට 60 ක ප්‍රමාණයකට ඔවුන් සාමාන්‍යයෙන් ලැබූ වැටුපට වඩා අඩුවෙන් වැටුප් ලැබීමට හෝ වැටුප් නොලැබීමට සිදුව ඇත.


කෘෂිකර්මාන්ත අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්

කොවිඩ් පළමු රැල්ල සමයේ කෘෂිකර්මාන්ත අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 64.3% ක් ඔවුන්ගේ කෘෂි ආර්ථික කටයුතුවල සාමාන්‍ය පරිදි නිරත වී ඇත.
12.7% ක් විසින් ඔවුන් කළ වගා, සත්ත්ව පාලන, ධීවර ක්‍රියාකාරකම් නවත්වා හෝ ප්‍රමාද කර ඇත.
14.6% ක් ඔවුන්ගේ නිෂ්පාදිත සාමාන්‍ය පරිදි අලෙවි කර ගැනීමට නොහැකි වූ බව සඳහන් කරයි.
67.3% ක් පවසන්නේ ඔවුන්ගේ සාමාන්‍ය කෘෂි නිෂ්පාදිතය පෙර පැවති සාමාන්‍ය මට්ටමට හෝ ඊට වඩා වැඩි වී ඇති බවයි.


කෘෂි නොවන ස්වයං රැකියාවන් හි නිරතවන්නන්

2020 මාර්තු 20 දිනෙන් පසු කොවිඩ් පළමු රැල්ල පැවති කාලපරිච්ඡේදය තුළ දී කෘෂි නොවන ස්වයං රැකියාවන් හි නිරත වූ අයගෙන් 59.2 කට ඔවුන්ගේ කෘෂි නොවන ආර්ථික කටයුතු නවතා දැමීමට සිදුව තිබේ.
14% ක් ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් නවත්වා ඇත.
92.9%ක් ම පවසන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග පෙර පැවති මට්ටමට වඩා පහළ ගිය බව හෝ සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි.

මෙම සම්පූර්ණ වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් පරිශීලනය කළ හැකිය.

මේ අනුව මෙරට ආර්ථිකයට උර දෙන වැඩ කරන ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන පීඩනය තේරුම් ගත හැකිය. එසේම මේ අනුව කොවිඩ් දෙවැනි ‍රැල්ල සහ වඩාත් දරුණු ප්‍රතිපළ අත්කර ගත් තුන්වන ‍රැල්ල තුළ තත්වය මීට වඩා අයහපත් බවද උපකල්පනය කළ හැක. එම සමීක්ෂණ වාර්‍තාද නිකුත් කෙරේ නම් රටේ ආර්ථිකය කෙරෙහි වසංගතය සිදු කළ බලපෑමේ තරම ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.

අද රට මුහුණ දෙන බරපතල ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට නිශ්පාදන ආර්ථික ක්ෂේත්‍රයේ බිඳ වැටීමය. එමඟින් ජන ජීවිතයට වූ හානිය සුළු ප‍ටු නැත. ඇතැම් විපක්ෂ පාර්ශ්ව වලින් රටේ ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුව ලෙස වත්මන් පාලනය බවට පදනම් විරහිත හේතු ගෙන හැර පෑවත් සත්‍ය තත්වය මේ සංඛ්‍යා ලේඛනන වලින් දැකිය හැකිය.

එමෙන්ම කඩා වැ‍ටුනු ජන ජීවිතය මහා ව්‍යවසනකාරි තැනකට තල්ලු වීම වලක්වා ගැනීම වෙනුවෙන්ද ආණ්ඩුව පියවරයන් රැසක් ගනු ලැබ තිබිණි. බැංකු පොලී අනුපාතයන් පහළ දැමීම මඟින් ජනතාවට ආයෝජන අවස්ථා විවර කරමින් ආර්ථිකයේ සක්‍රීය භාවය රඳවා ගැනීමට කටයුතු කෙරිණි. එසේම ආහාර වර්ග රැසක බදු කපා හැරීමට කටයුතු කෙරිණි. ඒ අතර වඩාත් පීඩාවට පත් කොටස් වෙත රු 5000 බැගින් සහ 10,000 බැගින් වන සේ මුල්‍ය ආධාර ලබා දීමද සිදු කර තිබුණු අතර මෙවර අය වැය මඟින් හා ඉන් පසුවත් රාජ්‍ය සේවයේ වැ‍ටුප් හා දීමනා වැඩි කිරීම ආදියද සිදු කෙරිණි. එසේම ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මිලියන 25,000 කට වඩා වැඩි ප්‍රතිපාදන වෙන් කරමින් ප්‍රාදේශීය මට්ටමෙන් ව්‍යාපෘති ලක්ෂ ගනනක් බිහිකර ඒ ඒ ක්ෂේත්‍රවල ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රීය කිරීමටද මැදිහත්ව ඇත. එමෙන්ම දේශීය කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත වැඩි දියුණු කර දළ දේශීය නිෂ්පාදනයට එහි ඇති දායකත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් එම වැඩකරන ජනතාවට නව ආදායම් මාර්ග අවස්ථා ඇතිකිරීම වෙනුවෙන්ද ආණ්ඩුව විශාල වැඩ කොටසක් මේ මොහොතේත් සිදුකරමින් තිබේ.

මේ ආදී වශයෙන් මෙරට ජන ජීවිතය අඩාල නොවන පරිදි වැඩි මනත් පිරිසකගේ ආදායම් මාර්ග අහිමි වීම වලක්වාලමින් ගත් තීන්දු තීරණ නොවෙන්න රටේ තත්වය මීට බරපතල කඩා වැටීමක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබිණි.

ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග අතර මුදල් මුද්‍රණය කිරීම ගැන දැඩි විවේචන ඉදිරිපත් කෙරුණත් එහි අරමුණ සාධනීයය බව මේ වන විට පැහැදිලි වී තිබේ. මුදල් අච්චු ගැසීම උද්ධනමය කෙරෙහි යම් බලපෑමක් සිදු කළද මේ අසීරු අවස්ථාවේදී ඒ කැපකිරීම සිදු කිරීමට ජනතාවගේ යුතුකමක් විය යුතුව තිබේ. මන්ද එම දරා ගැනීම සිදු නොවුණහොත් පසුව විය හැකිව තිබෙන අනතුර වඩා භයානක විය හැකිය. රජය යන්නේ අතුරේ යනවා වැනි ගමනකි. ආණ්ඩුව විසින් සියල්ල තුලනය කරගනිමින් මේගමන පරිස්සමෙන් යන්න ගන්නා උත්සාහයට හානියක් සිදුකළහොත් බිම වැටෙන්නේ ආණ්ඩු කරන පක්ෂය නොව රටය. සමස්ථ රජයය. ඒ තේරුම්ගෙන මේ මොහොතේ කටයුතු කළ යුතුව තිබේ.

උද්ධමන තත්වය තාවකාලික. එය මෙරටට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම මේ මොහොතේ බල පා තිබෙන්නකි. වසංගත තත්වය පහව යනවාත් සමඟ ලෝක මට්ටමෙන්ම ආර්ථිකය යළි සුපුරුදු තත්වයට පැමිණීම මඟින් මෙ රටටද යම් සහනයක් අත් විඳිය හැකි වෙනු ඇත. එහෙත් එතෙක් අපිට මේ අතුරේ යන ගමන යන්න සිදුවීම අනිවාර්යයකි.

කොහොම නමුත් රට මේ වැටී තිබෙන තත්වයෙන් ගොඩ ඒමට නම් ආණ්ඩුව යමක් කරන තුරු බලා සිටීමේ සුපුරුදු කුසීත පිළිවෙතින් ඉවත් වී නව ජවයකින් වැඩ කිරීම සිදු විය යුතුය. මේ වෙනුවෙන් ආණ්ඩුව ලබා දෙන සහයෝගයෙන් උපරිම පළ නෙලාගෙන රටේ ආර්ථිකයටත් තමන්ගේ ආර්ථිකයටත් දක්වන දායකත්වය අනුව මේ දැවෙන ප්‍රශ්න වලින් ගැලවීමේ මඟ විවර වෙනු ඇත.

 

-the novemberist

Last modified on Thursday, 03 February 2022 16:18

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us