පාස්කු ප්‍රහාරය වියරු නාඩගමක්.. ඒත් රටේ ජනතාව එහි රඟන්නේ නැත...   Featured

Tuesday, 08 February 2022 11:57

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේත් ස්වර්ණවාහිණි රූපවාහිනී නාලිකාවේ විවාදයක් පැවැතිනි. එය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ මැදිහත්වීම මත සිදු වූවක් වන අතර සජබය වෙනුවෙන් මනූෂ නානයක්කාරද ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ කාන්චන විජේසේකර ඇමැතිවරයා සම්බන්ධ විය.

මෙම විවාදය පැවැත්වූයේ කුමක් ඔප්පු කර ජයග්‍රහණය කරවන්නද කියන කරණය විවාදයෙන් පසුවත් විවාදාත්මකව තිබෙන බව කීවාට වැරදි නැත. මන්ද මෙයින් ඔප්පු සිද්ද වූ කරුණක් නැති නිසාය. කොහොම නමුත් ඒ ඒසේ සිදු විය යුතුය. මන්ද මෙම ප්‍රහාරයේ අලගිය තැන් මුල ගිය තැන් ගැන තවමත් නිශ්චිත සාක්ෂි මත තහවුරු වූවක් නොවන නිසාය. මේ වන විට මෙහි ඇතැම් චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුවකි. එසේම තවදුරටත් විමර්ශන සිදුවෙමින් තිබෙන්නකි. ඒ අතර වාරයේදී මේ ප්‍රහාරයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල පවතින විවාදය ගැලරි චූන් කරන විකාරයක් බව කීවාට වැරදි නැත.

එහෙත් මෙම දේශපාලනික විවාදයට පසුබිමක් තිබේ. ඒ මෙම ප්‍රහාරය නිසා ඒ පදනම් කරගෙන දේශපාලනික මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බැවිනි. සත්‍ය වශයෙන්ම මෙම ප්‍රහාරය නිසා ජන සමාජය තුළ සිදු වූ අනාරක්ෂිත බව, භීතිය,හිස් කම පැවැති ආණ්ඩුව වෙනස් කිරීම සඳහා ඉතා සාධාරණ අවස්ථාවක් නිර්මාණය කර දී තිබිණි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වීම මෙන්ම පොදුජන පෙරමුණු ආණ්ඩුව පිහි‍ටු වීම සඳහා හා වන ජනවරමට මෙම ප්‍රහාරය විශාල වාසියක් විය.

මෙම තත්වය මත පරාජයට පත් වූවන්ට වත්මන් පාලනය සමඟ බරපතල දේශපාලන විවාදයක් ඇති වීම වැලැක්විය නොහැකි දෙයකි. හරීන්ල මනූෂලා උත්සහ ගන්නේ තමන් නියෝජනය කරන පාර්ශ්වය මෙම ප්‍රහාරයේ වගකීමෙන් ගලවා සුද්ද කර ගැනීමටය. එදා පැවැති මෛත්‍රීපාල සිරිරිසේන සහ රනිල් වික්‍රමසිංහගේ ගැ‍ටුම්කාරී පාලනය නිසා සහ දුර්වල පාලන තන්ත්‍රය නිසා මෙම පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබියදී ඒ නොහැකි වීම පිළිගත යුතුව තිබෙන්නකි. දැනට ප්‍රසිද්ධ වී ඇති කරුණු කාරනා අනුව ඒ පැහැදිලිය. ඒ අනුව එදා එම පාලනය නියෝජනය කළ හරීන්ල මනූෂලා ඇතුලු සජබ කණ්ඩායමට මේ ප්‍රහාරයේ වගකීමෙන් ගැලවීම තීරණාත්මක දේශපාලනික කාරණයකි. එසේ නොමැතිව ඔවුන්ගේ දේශපාලනය මහජනතාව ඉදිරියට ගෙන යෑම සිදු කිරීම අසීරුය.

ඒ අතර එදා පැවැති පාලනයේ කොටස් කාරයන් වූ මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ශ්‍රී ලනිප කණ්ඩායම වත්මන් පාලනයෙහිද කොටස් කාර්යන් වී සිටී. පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ගැන හිටපු ජනාධිපතිවරයාට සහ ඔහු ගේ පාර්ශ්වයටත් එදා ඔහු යටතේ සිටි පොලිස්, බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වලටද වගකීමෙන් ගැලවිය නොහැක. එහෙත් ඔවුන් අද ආණ්ඩු පක්ෂය නියෝජනය කරයි. ජනාධිපතිවරණයේ දීත් මහ මහමැතිවරණයේදිත් ඔවුන්ගේ සහය හිමි වූයේ ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණටය. එම කණ්ඩායම වත්මන් ආණ්ඩුව නි‍යෝජනය කරන්නේත් එම කණ්ඩායම ආණ්ඩුවේ නියෝජිතයන් ලෙස තබාගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව කතාකරන්නේත් වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණවාය කියමින් සිටීමත් කියන කාරණා සෙසු ආණ්ඩු පාර්ශ්විකයන් විසින් පැහැදිලි කළ යුතුවද තිබේ. එසේම හිටපු ජනාධිපති ප්‍රමුඛ කණ්ඩායම තමන්ගේ ස්ථාවරයන් සාධාරණීයකරණය කිරීමද විය යුතුය. මේවා දේශපාලනික කාරණාය.

පාස්කු ප්‍රහාරයේ දේශපාලන වාසිය අත්පත් කරගත් වත්මන් ජනධිපතිවරයාත් පොදුජන පෙරමුණු කණ්ඩායමත් අදාල මැතිවරණ වලදී පොරොන්දු පිට පොරොන්දු දුන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට, එය වලක්වා නොගැනීමට ක්‍රියා කළ සියලු දෙනාට එරෙහිව නීතිමය කටයුතු සිදු කර දඬුවම් ලබා දෙන බවය. මේ නිසා මේ නීතිමය කටයුත්ත නියමාකාරයෙන් ඉ‍ටු කර වින්දිතයන්ට සාධාරණය, යුක්තිය ඉ‍ටු කිරීම විශාල වගකීමක් ඔවුන්ට තිබේ. එය ඉ‍ටු නොකර ඔවුනට මහජනතාව හමුවට පැමිණිය නොහැක. එය ඔවුන් මේ රටේ ජනතාවට ලබා දුන් වගකීම සහගත පොරොන්දුව වේ. එය මඟහැරීම කිසිසේත්ම සිදුකළ නොහැක. එසේ නොවන්න දඩයම කරතියන් යන එකා අනුව තුවක්කුව බැන්දේ කවුද කියන එකා කවුද යන්න තහවුරු කිරීමට විපක්ෂයට පමණක් නොව සමස්ථ ජනතාවටම පහසු අවස්ථාවක් ලැබෙනු ඇත.

මේ සියලු කාරණා දේශපාලනිකය. මේ ප්‍රශ්නයන් එළඹෙන මැතිවරණයන්ට පෙර මෙම මොහොතේදී දේශපාලනකික විසඳා ගැනීම මේ සියලු පාර්ශ්වවලට තීරණාත්මකව බලපැවැත්වේ. ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග සිදුවෙමින් පැවැතියත් ඊයෙ දින පැවැති රූපවාහිනි විවාදයද මේ දේශපාලනික ප්‍රශ්න ඒ ඒ පාර්ශ්ව වලට වාසිදායක ලෙස විසඳා ගැනීමේ කුකුල් පොරයක් මිසක් වෙනකක් නොවේ. පාස්කු ප්‍රහාරය නිසා කර හෝ පාර්ශ්වයකට දේශපාලනික වාසියක් අත් නොවුණා නම් මේ ප්‍රශ්නය අද පවතින්නේ වෙනත් තැනකය.

කොහොම නමුත් මෙම විවාදයෙන් කිසිවකු දිනුවේ නැති බව නම් පැහැදිලිය. පාර්ශ්විකව ඒ ඒ පාර්ශ්ව විසින් අනෙක් පාර්ශ්වය තර්කානුකූලව පරාජයට පත් කළ බවට කියන්නට කවර හේතු ඉදිරිපත් කළත් නොවිසඳුනු ගැටලු රාශියක් තවමත් ඇති බවත් ඒවාට ඒ ඒ පාර්ශ්වලින් පිළිතුරු නොලැබුණු බවත් පෙනින. එසේම පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී සජබ මන්ත්‍රීන් කෑගහපු කෑ ගැහිල්ල මෙම විවාදය තුළදි නොපෙනීම සුවිශේෂී කරුණකි. ඒ කියපු කතන්දර සිංහ නාද බලු කෙඳිරි වාගේ ඒවා විය. එහෙත් ඔවුන් මතුකළ ඇතැම් කාරණාවලට ආණ්ඩු පක්ෂයෙන්ද නිශ්චිත පිළිතුරු ලැබුණේ නැත.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වල තවමත් පවතින හිස් තැන් සහ ඇතැම් කරුණු තවමත් රටට රහසක්ව ‍රැකීමට වගකිවයුත්තන් කටයුතු කරමින් පවතින නිසාත් පැහැදිලි කතාවක් කියන්නට නොහැකිවීමේ අර්බුදය ආණ්ඩු පාර්ශ්වයේ නියෝජිතයන් පත්ව තිබිණි.

ඒ කොහෝම නමුත් මේ දේශපාලනික රණ්ඩු සරුවල් වලින් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව හෝ වගකිව යුතු පිරිස් වලට දඬුවම් නියම වීමක් හෝ වින්දිත පාර්ශ්ව වලට යුක්තිය ඉටු වීමක් හෝ සිදු නොවේ. එය අධිකරණය විසින් විසඳිය යුතු ගැටලුවකි. අධිකරණය හමුවේ මෙම නඩුව මෙහෙය වන නීතිපති දෙපාර්තමේන්තුවත් අදාල විමර්ශන සිදු කරන පොලිස් දෙපාර්තමේන්තුවන් නිවැරදි ලෙස මෙම කටයුත්ත සිදු කිරීමේ ප්‍රමාණය අනුව අධිකරණයට යුක්තිය පසිඳලීමට සිදු වෙනු ඇත. අධිකරණය යුක්තිය පසිඳලන්නේ ලැබෙන සාක්ෂිමය කරුණු සහ ඊට එදිරිව ඉදිරිපත් වන සාක්ෂිමය කරුණ අතර වන තර්ක විතර්ත හමුවේ ඒවායේ නීතිමය පදනම විමසීමෙන් පසුවය. ඒ අනුව අධිකරණයේ ස්වාධීන මතය ප්‍රකාශයට පත් වෙනු ඇත.

එහෙත් තව දුරටත් ප්‍රශ්නකාරී වන තැන වන්නේ නීතිපතිවරයා සහ පොලිසිය මේ අභිරහස විසඳීමට සත්‍යවාදීව කටයුතු කරාවීද? එසේ කිරීමට ඔවුන්ට හැකියාවක් ඉඩ කඩක් ලැබේද කියන කාරණා තුළය. විශේෂයෙන්ම දේශපාලනිකව එල්ල වන බලපෑම් හමුවේ හෝ තාක්ෂණික දෝශ නිසා නඩු තීන්දු වෙන බව මේ රටේ සුලබ අත්දැකීමකි. එය අධිකරණයේ වරදක් නොව නඩු මෙහෙයවන්නන්ගේ පාර්ශ්වික භාවයන් අනුව හෝ ඔවුන්ගේ දක්ෂ අදක්ෂතාවය අනුව සිදුවන්නකි. ඒ කෙසේද යත් එය අධිකරණය විසින් සාක්ෂි විහාගකරන විට හෙළිදරව් වෙනු ඇත. ඒ සියල්ල අවසනදී අධිකරණයේ තීන්දුව කවරක් වූවත් එය ස්වාධීන අධිකරණයෙහි තීන්දුව බව පිළිගැනීමට සියල්ලට සිදු වෙන අතර ඒ සම්බන්ධයෙන් වන දේශපාලනික විවාදයද අවසන් වී සියල්ලෝ විසිරෙනුද ඇත. සමහර විට වින්දිතයන් තවදුරටත් වින්දිතයන්ම වී ප්‍රහාරයට වගකිව යුත්තේත් මෙම වින්දිතයන්ම බවට කරුණු කාරණා වුව සිදු විය හැකිය. මේ රටේ හැටි එහෙමය.

මේ දේශපාලන කුකුල් පොරද තාවකාලික වින්දනයන් පමණි. මේ නිසා රටේ දේශපාලනය විසින් පාස්කු ප්‍රහාරය වියරු නාඩගමක් බවට පත්කරමින් රඟ දක්වමින් තිබෙනායුරු දෙස බලා සිටිනවා හැර මහජනතාවට දැනට කරන්න දෙයක් නැත. විකාරරූපී ප්‍රහසනයකින්ද මේ අවසන් විය හැක.

 

 

-සුජය

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us