රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුම බව ජනපති පවසයි ! Featured

Thursday, 24 February 2022 12:28

රාජ්‍ය සේවය නිසි මඟට ගැනීම සහ කාර්යක්ෂම කිරීම තුළ රටකට දිනිය හැකි බොහෝ දේ ඇත. ඒ උදෙසා රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවකයා උපරිම වැඩදායී ලෙස හැසිරවිය යුතුය..

එහෙත් එදා සිට අද දක්වා රාජ්‍ය සේවය ඉටු කරන කාර්යභාරයේ දක්නට ලැබෙන්නේ විශාල මන්දගාමී ස්වරූපයක්. බොහෝ ආයතනවල කණ්ඩායම වැඩියි. එහෙත් අදාළ ක්‍රියාවලිය නිසියාකාරයෙන් සිදු වන්නේ නැහැ.

මේක තිරසර භාවය පිළිබඳ ප්‍රශ්නයක්. රාජ්‍ය සේවය තුළදී ආයතන අතර අන්තර් සබඳතාවක් හෝ ආයතනය තුළ සේවකයන් අතර අන්තර් සබඳතාවක් නැහැ. උපරිමයෙන් සේවය ලබාදීම පිළිබඳව සිතුවිල්ලකුත් නැහැ. වැඩි සේවකයන් පිරිසක් සේවයේ නියුතු ව සිටියත් අදාළ බොහෝ රාජකාරි කලට වේලාවට නිසි ලෙස ඉටුවීමේදී දැකිය හැක්කේ ප්‍රමාදයක් හා අකාර්යක්ෂමතාවයක්.එය රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට බලපානවා වගේම එය රටේ ඉදිරි ගමනට විශාල බාධකයක්.

කෙසේ වෙතත් සැබෑ රාජ්‍ය නිලධාරියකුට නම් රටට ආදරය කරන පුද්ගලයකුට නම් රාජ්‍ය සේවය තුළ වෙහෙස නොවී කටයුතු කළ නොහැකියි. රටට ආදරය කිරීම පාසල් කාලයේ සිට ම පුද්ගලයන් තුළට කාවැද්දිය යුතුයි. ඉන්පසුව විශ්වවිද්‍යාල ජීවිතයෙන් ද සමාජයෙන් ද එය ලබාගෙන අවසානයේ රාජ්‍ය හෝ පෞද්ගලික සේවයට ඇතුළත් වන විට තමන්ගේ සක්‍රීය දායකත්වය රට වෙනුවෙන් ලබාදීමට සූදානම් ව සිටිය යුතුයි.

නමුත් කොතරම් වුවත් මෙරට බොහෝ දෙනෙක් කුමන හෝ හේතු සාධක මත රාජ්‍ය සේවයට දැඩි ප්‍රියතාවයක් දක්වයි..ඒ අතරින් සැලකිය යුතු පිරිසක් අවංකව ,සේවය කිරීමට කැමති අයවලුන් වේ. අවශ්‍යව ඇත්තේ ඔහුන්ගේ හැකියාවන් මැනවින් අවබෝධකර ගනිමින් නිසි ගමනාන්තයට පාර පෙන්වන නායකත්වයකි.

එය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඔබ්බට් ගොස් රටේ නායකයාගේ මගපෙන්වීමෙන් ,දිරි ගැන්වීමෙන් ඇරඹීම සුභදායි වනු ඇත..එහෙත් එවන් නායකත්වයක් මෙතුවක් කල් රට හිමි කරගෙන නොමැති වුයේ සියලු පාලකයන් රට හදන්න උත්සාහ ගත්තේ රජ පුටුවේ හිදය..එහෙත් ඒ සියල්ල උඩු යටි කුරු කරමින් රටට අවශ්‍ය නායකත්වය දැන් ලැබී ඇත..ඒම නිසාම ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ රජයේ ඉදිරි සැලසුම් පිළිබදව දැනුවත් කිරීමට ජනාධිපති රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට ඊයේ දින තීරණය කරන ලදී.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතු බවත් රාජ්‍ය සේවකයින්ගෙන් බහුතරය වැඩකිරීමට කැමති බවත් අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස්දීම හා දිරිගැන්වීම බවත්ය .තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව සදහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින් සියලු සේවකයින් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එහිදී පෙන්වා දී තිබේ.. සේවා ඉටු කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම හමුවේදී තවදුරටත් සදහන් කර ඇත්තේ.

එමෙන්ම එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරුන් කියා සිටියේ කාබනික පොහොර භාවිතයෙන් පළාත් මට්ටමින් ලැබූ අස්වැන්න පිළිබද සතුටු විය හැකි බවත් විධිමත් අයුරින් ගොවින් දැනුවත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු කරා ළගා විය හැකි බවත්ය. යල කන්නය සාර්ථක කර ගැනීමට ගෙන ඇති ඉදිරි සැලසුම් පිලිබදවත් එහිදී සකජ්ජවට ගැනුණු අතර සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි පස පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී සදහන් කර ඇත..මේ වන විටත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බවත් ,ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර තොරතුරු ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරමින් ඇති බවද අමාත්‍යවරුන් එහිදී සදහන් කර තිබේ..

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us