විපක්ෂය ෆේල් - හේන මුවන් කෑ පලියට මුව හමට තඩි බායි ! Featured

Friday, 01 April 2022 19:44

ඕනෑම ස්වාධින රටක පාලන තන්ත්‍රයක් තුළ පුරවැසියාගේ මානව අයිතිවාසිකම් ඇත්තේ සියල්ලන්ටම ඉහළිනි

. මානව අයිතිවාසිකම් අතරින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ප්‍රධාන තැනක් ගනී..ඒ නිසාම අතීතයේත් වර්තමානයේදීත් අපට දැක ගන්නට හැකි වන්නේ මහා පාරේ බෝඩ් ලෑලි උස්සන් සටන් කරන , තම අයිතීන් වෙනුවෙන් හඬනඟන ජනතාවය..භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් එදා කෙසේ වෙතත් අද ඕනෑවටත් වඩා එයට නිදහස හිමි වී ඇත..

ඊයේ දින රටේ ඇතිවී ඇති අර්බුද හේතුවෙන් ජනතාව මුහුණ දී ඇති ගැටළු වලට විසදුමක් සෙවීමට සැබෑ විරෝධතාවයක් ජනතාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස ආසන්නයේ දියත් කෙරුවද , එය ටිකෙන් ටික මහා ප්‍රචණ්ඩකාරී විරෝධතාවයක් දක්වා දියත් වුයේ මළමිනී මතින් හෝ බලය ලබාගැනීමට දතකන විපක්ෂය ප්‍රමුඛ පක්ෂ කණ්ඩායම් තම සගයින් යොදවමින් එම විරෝධයේ සැබෑ අරමුණු වෙතකට හැරවීමත් සමගය..

බස් රථ වලට ගිනි අවුලවලමින් ,රථ වාහන වලට අලාභ හානි කරමින්,ගල් මුල් වලින් පොලිස් කණ්ඩායම් වලට පවා පහර දෙමින් ඊයේ දියත් කෙරුවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයක් නොවන බවත් යම් පාර්ශ්වයන්ගේ වුවමනාවන් වලට සිදුකළ ප්‍රචණ්ඩකාරී විරෝධතාවයක් බවත් දැන් ඔප්පු වී හමාරය.. ඕනෑම විරෝධතාවයකට ඉඩ ඇති සේම එයට සීමා ද ඇත. තමන්ගේ හැරමිටිය කැරකැවීමේ නිදහස අනකොගේ නහය කෙළවරින් අවසන් වේ යැයි කියන්නේ ඒ නිසාය. ඒ අනුව ඊයේ දින මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය පාලනය කර ගත නොහැකි තැන පොලිසිය,හමුදාව ඇතුළු කණ්ඩායම් විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර දියත් කිරීමට සිදු විය. එය මහජන සාමය සහ ආරක්ෂාව බාර පොලිසියේ රාජකාරියය.

විරෝධතාවය එතැනින් අවසන් වුවද විපක්ෂයේ ඊළඟ නාටකය වී ඇත්තේ මෙම කලහකාරී සිදු වීම පිටු පස ඇවන්ට්ගාර්ඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිස්සංක සේනාධිපති මහතා සිටින බව රටට කියා පෑමය.

බලලෝභිත්වයෙන් වියරුව සිටින විපක්ෂයට අවශ්‍ය රටේ ඇත්ත ප්‍රශ්න වලට විසදුම් සෙවීම නොව, ඉන් ප්‍රයෝජන ගෙන බලය ලබාගැනීම බව නොරහසකි. ඒ නිසාම නිස්සංක සේනාධිපති මහතා රටේ සිදු වන සෑම අකටයුත්තකටම වරද කරුවා ලෙස නම් කරමින් තම හදවත් තුල ඇති කුහකත්වය ,බලලෝභිත්වය ,තම කුණු අනුන් පිට පැටවීමට විපක්ෂය තරම් දක්ෂයන් තවත් නොමැත.

පසුගිය කාලයේ සජබ මන්ත්‍රී අශෝක අබේසිංහ පාස්කු ප්‍රහාරයට නිස්සංක සේනාධිපති මහතා සම්බන්ධ යැයි කියමින් අන්දෝලත්මක ප්‍රකාශයක් සිදු කළ බවත්, එය සිදු කරමින් පැය 24ක් යන්නට මත්තෙන් රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවට උත්තර බදින්නට සිදු වූ බවත් එහිදී කට උත්තර නැතිව ගිය අශෝක අබේසිංහ සිදුවීමට අදාළ පොස්ටුව සමාජ මාධයෙන් ඉවත් කරමින් සිංහයා සුනඛයා වූ හැටිත් අපට හොද හැටි මතකය. එදා මෙදා තුර අශෝක අබේසිංහ යැයි පුරවැසියෙකු මෙරට සිටි දැයි අප තවමත් නොදනී..

රට ශක්තිමත් කිරීමට නිරන්තරයෙන් කැප වෙමින්, තම ව්‍යාපාර තුලින් රටට විදේශිය විනිමය ආදායම් එක් කරමින්, තම ශක්තියෙන් නීතිගරුකව, සාධාරණව මුදල් උපයන නිස්සංක සේනාධිපති මහතා මේ ශ්‍රීලංකා රාජ්‍යය ගොඩනැංවීම වෙනුවෙන් දක්වන දායකත්වය දෙස බලන් සිටින්නට බැරි විපක්ෂය ප්‍රමුඛ පක්ෂ කණ්ඩායම් එල්ල කරන මෙම චෝදනා වල පරමාර්ථය තේරුම් ගැනීමට තරම් මෙරට පුරවැසියෝ ළදරුවන් නොවෙති.

දැන් මෙම චෝදනා වලට අදාළව ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරය නීතිය ඉදිරියට පැමිණ ඇත..දැන් ඇත්තේ මේ චොදනා කරනවුන් නීතියේ දේවගනගේ නාමයෙන් ඒ බව ඔප්පු කිරීමය. හැමදාමත් බොරු කප්පරක් ගහමින් ඇවන්ගාර්ඩ් ව්‍යාපාරයට එරෙහිව චෝදනා දහස් ගනනින් එල්ල කළත් අද වන තුරුත් කිසිදු චෝදනාවක් හෝ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සමත්ව නැති වටපිටාවක ඉදිරියේදීත් එල්ල කරන මොනයම් හෝ චෝදනාවක සත්‍ය බව මේ රටේ ජනතාව පිළිගනු ඇති යැයි විපක්ෂය සිතන්නේ නම් එ සිහිනයෙන් ඇහැරෙන්නට දැන් කාලය පැමිණ ඇත..

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us