ජනතා විකල්පය කුමක්ද ??? Featured

Monday, 04 April 2022 21:25

ගෝඨාභය ගෙදර යා යුතුයැයි කියා අද දිනයටත් රට පුරා ජනතාව විරෝධය දක්වමින් සිටි. දේශපාලන හෝ ආර්ථික වුවමණාවන් වෙනුවෙන් පාරට බැසීමට පුරවැසි ජනතාවට අයිතියක් ඇත.

එය ගැන කිසිසෙත් ගැටළුවක් නැත..

එහෙත් ඒ ජනතාවගෙන්ම අපට අසන්නට සිදු වන්නේ ගෝඨාභය ගෙදර යවා බලය අතට දෙන්නේ කාටද? කුමකටද ?යන්නය..අපට නම් පෙනෙන තෙක් මානයක බලය අතට දිය හැකි නායකයෙක් හෝ විශ්වාසය තැබිය හැකි දේශපාලන කණ්ඩායමක් හෝ නොමැත. රටේ පවතින මේ අර්බුදයන්ට නිසි උත්තරයක් දන්නා ප්‍රතිවිරුද්ධ බලවේගයක් නැත. අපි ආවොත් කරළා පෙන්වන්නම් කියනා හැර ඇහුවට කියන්නේද නැත.

ගහනවා ගහනවා කියා 97 වතාවක් කියලත් යහපාලන අගමැති පුටුවේ නිදිකිරමින් සිටි රනිල් වික්‍රමසිංහ මිනිස් ජිවිත තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් අහිමි වන තෙක්ම සිටි පාලකයෙක් බව අපට නම් මතකය. මිටි නම් කම්කරු ,උස නම් සිකුරිටි යැයි කියමින් රැකියා වලට ප්‍රාථමික අධම න්‍යායක් ගෙන එමින් රටේ තරුණයන් අපහසුතාවයට පත් කළේ අද විපක්ෂයේ සිටින සජිත් ප්‍රේමදාස බව අපට මතකය..එවන් අයෙකුට රටේ අර්බුද විසදීම ගැන කවර කතාද...?

අද මහා ලොකුවට ජනතා අයිතීන් ගැන කතා කරන අනුර කුමාරලා එදා ජනතාවගේ ජිවත් වීමේ අයිතිය පවා නැති කළ ම්ලේජ්ජ පක්ෂයක් නියෝජනය කරන්නෙකු බව අපට නම් මතකය...ඒ අනුව ගෝඨාභය ගෙදර යවා ඔබ තෝරා ගන්නේ කව්රුන්දැයි අපට ප්‍රශ්නයක් ඇත..ඒ පිළිබදව ඔබටත් කිසිදු අදහසක් නොමැති කමගැන අපට ඇත්තේ භීතියකි..

මේ වෙනකොට රටේ ඇති වී ඇත්තේ ඩොලර් හිඟයක් නිසා ඇති වුණ ප්‍රශ්නයක් බව නොරහසකි. මේ රටේ ඩොලර් අච්චු ගසන්නේ නැත. අප එය පිටස්තරින් උපයාත යුතුය. එයට සංචාරකයන්ගේ පැමිණීම වැඩි කර ගන්න අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට අවශ්‍යය.. දෙවැනි කාරණය අපේ විදේශ ශ්‍රමිකයෝය. අද අපේ රටේ ජනතාව විශාල ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වනවාය . ගුවන්තොටුපොළ හරහා රැකියා සඳහා පිටත්ව යන අයගේ සංඛ්‍යා ලේඛන අනුව තව හය මසක් පමණ යන විට මේ රටේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි යන්න රජයට විශ්වාසයක් තිබේන්නේය.. අනෙක මෙරට නිශ්පාදන අපනයනයන්ය.

ගෙවුණු මාස පහ ඇතුළත සංචාරකයින් ලක්ෂය ඉක්මවා මේ රටට ගේනවා ගන්න වත්මන් රජයට හැකි වීම සුබ ලකුණකි. .යුද්ධය කාලයේදීත් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණියේ ලක්ෂ 4ක පමණ පිරිසකි.. එහෙත් මේ වෙද්දි දෙලක්ෂ අසූදහසකටත් වඩා සංචාරකයන් මෙරටට ඇවිත් තිබෙනවාය. වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වන්නේ 2021 මාර්තු මාසයේ ය. ඒ පහුගිය කාලයේ ඩොලර් මිලියන 500ක විතර ආදායමක් මෙම සංචාරක පැමිණීම හරහා රජයට ලැබි ඇත.

කොරෝනා වසංගතය හමුවේ වැටුනු රටේ එක මිනිසෙකු හෝ බඩගින්නේ නොතබා මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙමින් යන විට විපක්ෂය උත්සාහ කරන්නේ රටේ මේ ගමන කඩාකප්පල් කර රට අරාජික තත්ත්වයක් ඇති කරන්නය. එහෙත් අප අමතක කළ යුතු නැහැ. මේ අර්බුද උත්සන්න විමට නිදහසින් පසුව රට පාලනය කළ රජයන් විසින් ගත් පියවරයන් ද මේ තත්ත්වයට බලපා තිබෙන බව. හැමෝගෙම වැරදි මේ අද මුහුණ දෙමින් තිබෙන අර්බුදය පිටුපස තිබේ. මේ රට ගොඩගන්න සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ අන්න ඒ නිසාය.. විශේෂයෙන්ම මේ අර්බුදයෙන් ගොඩ එන්න සංචාරකයින්ට සුරක්ෂිත රටක් කියන පණිවිඩය ගෙනියන්න පුළුවන් වාතාවරණයක් දැන් අපේ රටට අවශ්‍ය වී ඇති කාලයකි.

ගෝලීය ව්‍යසනය මධ්‍යයේ අප රටක් ලෙස බරපතළම තත්ත්වයන්ට මුහුණ පාමින් සිටිමු. වරෙක දෛනික කොරොනා ආසාදිතයන් ප්‍රමාණය 4000-5000 සීමාවට යන විට දෛනික මරණ ප්‍රමාණය 200 සීමාව ඉක්මවා ගියේය. . ඔක්සිජන් අවශ්‍යතාව වඩා ඉහළට යන විට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන දහස් ගණනින් රජයට සකසන්න සිදු විය. . එන්නත්කරණය ප්‍රමුඛ විසඳුම ලෙසින් ගෙන බූස්ටර් එන්නතක් දක්වා එය සාර්ථක වැඩපිළිවෙළකට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට හැකි විය. .එමගින් සාර්ථක කොවඩ් මර්දනයක් කරා රට ගෙන යෑමට අද වන විට හැකි වී ඇත.

ව්‍යසනයේ උච්චතම තැන කරා රට මුහුණ දෙන විට බොහෝ දෙනකු කීවේ' ''කන්න නැතත් බොන්න නැතත් මිනිසුන්ගේ ජීවිත ටික බේරාදෙන්න'' කියාය. රට විශාලාවක් කරන්න එපා යැයි විපක්ෂය එදා කෑ ගැසු බව අපට මතකය. මිනිසුන්ගේ ජීවිත බේරා දෙන්නැයි ජනතාව හඬ නැඟීය. ව්‍යසනයෙන් පීඩා විඳි ජනතාව එදා භීතියෙන් වෙළී සිටියාය. ඒ තුළ බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාට ආණ්ඩුවට දොස් නැඟීය.

විපක්ෂය කීවේ කොරෝනා මර්දනය කළ නොහැකි නම් එය හැකි පිරිසකට බාරදී යන ලෙසය. මේ හඬ නැඟීම් අතරේ සාර්ථක එන්නත්කරණය හරහා රටෙහි කොවිඩ් පාලනය සාධනීය තැනකට ගෙන ඒමට රජයට හැකි විය.. අද වන විට දෛනික කොවිඩ් මරණ දෙකක් තුනක් වාර්තා වන විට ආසාදිතයන් 100ට අඩු ගණනක් වාර්තා වන යහපත් තත්වයක් මේ රට තුළ නිර්මාණය කරනු ලැබුවේ ඔබ ගෙදර යන්න යැයි එක හඩින් හඩ නගන ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා බව මතක් කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි.

එන්නත්කරණය හරහා එදා සාර්ථක කොවිඩ් පාලනයකට අත නොගැසූ වේ නම් අද රට ඇත්තෙන්ම විශාලාවකි. ආර්ථික බරින් මිරිකෙන ජනතාව දවසින් දවස කොවිඩ් මාරයාගේ බිල්ලට හසු වන්නට තිබිණි. ඉන්ධන, ගෑස් විදුලිය වගේම කන්න බොන්න නැතිව දුක් විඳින ජනතාවට තවමත් කොවිඩ් මාරයා සැරිසැරුවේ නම් තත්ත්වය මෙයට වඩා සිය දහස් ගුණයකින් වෙනස් වන්නට තිබිණි. එදා තිබුණේ හදිසි සෞඛ්‍යමය ව්‍යසනයක අර්බුදයකි. අද ඇත්තේ ආර්ථික අර්බුදයකි. ජීවිත අවදානමක් තුළ ව්‍යසනයක අර්බුදයකට වඩා ආර්ථික අර්බුදයකට ජනතාව සංවේදී බව අද හොඳාකාරව පැහැදිලිය. මේ මොහොතේ ජනතාවට සංවේදී ප්‍රශ්න වෙනුවෙන් ආණ්ඩුව පැහැදිලි මාවතක් ගෙන ආ යුතුව ඇත.

යුද්ධය කාලේ හමුදා මරණයක් ගෙදරට එනකොට ජනතාව එදත් ආණ්ඩුවට දොස් නගුවය.. ඒත් යුද්ධය අවසන් වුණාට පස්සේ ඒ ජනතාවම ජාතික කොඩි අරන් එළියට බැස්ස හැටි අපට මතකය.. කොවිඩ් වසංගතයෙන් ලෝකයම අපහසුතාවයට පත්වෙන කොට ජනතාවට ජිවත්වීමේ අයිතිය දෙමින් එන්නත්කරණ වැඩසටහන සාර්ථක කළේ දැන් ඔබ Go Home කියන ජනාධිපතිවරයායි .

තවම ජනාධිපතිවරයාට මේ අර්බුද විසදා රට නිවැරදි මාවතකට ගෙන ඒමට දෙවසරක ධූර කාලයක් තිබියදී ධූරයෙන් පහ කිරීමට ඔබ නගන හඩ නිවැරදිදැයි අපට නැවත අසන්නට සිදුව ඇත..ජනාධිපතිවරයා එම ධුරයෙන් පහ කරමින් හෙට දින ඔබ තෝරා ගන්නා විකල්පය කුමක්ද යන්න ගැන පමණක් අපට ඇති ගැටලුවකි.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us