#GotaGoHome - රෙද්දක් ඇඳගෙන යන්න යෝජනාවක්. Featured

Tuesday, 05 April 2022 22:31

පවතින අර්බුදය සමථයකට පත්කරගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 2ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විය.

මෙහිදී පවතින අර්බුදය සමථයකට පත්කරගැනීම සඳහා පක්ෂ නායකයින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇති අතර එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ මෙම ගැටලුව විසදා ගැනීම සඳහා යෝජනා දෙකක් පවතින බවය.

* ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සිදුකළ යුතු බව. නමුත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැත.

* පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර එසේ සිදු කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් ඒ සඳහා මන්ත්‍රීවරයෙකු ගෙනඑන යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට හැකි බව.

පළමු යෝජනාව ක්‍රියාත්මක කිරීම වඩා යෝග්‍ය විසඳුමය. එහෙත් ඒ සඳහා ජනාධිපතිවරයා එකඟ විය යුතුය. එහෙම එකඟත්වයක් හෝ එවැන්නක් පිලිබඳව සාකච්ඡාවකටවත් කැමැති බවට ඉඟියක් හෝ මෙතෙක් නැත. මේ ලියන මොහොත වන විට ආණ්ඩුවේ මර්මස්ථාන සියල්ල මිනිසුන් විසින් වටලා ගෝඨාභය ජනාධිපතිධුරයෙන් ඉවත් විය යුතු බවද දැඩි බලපෑමක් සිදු කරමින් තිබේ. එහෙත් ඒ හැකි තරමින් සාමකාමීව ආවේගයන් මැඩ පවත්වාගෙනය. මේ තත්වය කෙතරම් දුරට මිනිසුන් දරා ගනියිද දන්නේ නැත.

මේ වන විට නාාගරිකයන්ගේ අරගලයක් බට සීමා වී තිබෙන මේ සටනට ග්‍රාමීය ජනතාව එකතු වී නැත. ග්‍රාමීය ජනතාවට හෙට දවසේදී මෙයට එකතුවීම විය හැකියග මන්ද ආර්ථික අර්බුධය නුදුරේම ඔවුන් වෙත පැමිණීමට නියමිත නිසාය. ඒ තත්වයන් හමුවේ මේ පාලනයකින් තොර වෙනු ඇත. මිනිසුනගේ දරා ගැනීමේ සීමාව ඉක්මවා ගියහොත් ගෝඨාභයට යන්න වෙන්නේ රෙදිත් නැතිව මේ මිනිසුන්ගේ කර පිටින් විය හැකිය. එම නිසා මේ මොහොතේ ජනාධිපතිවරයා මේ ගැටළුව සමතයකට පත් කරගැනීමට දේශපාලනික වශයෙන් සබුද්ධික විය යුතුය.

ඒ කොහොම වෙතත් මේ පාර්ලිමේන්තුවේ පළමු යෝජනාව අනුව ඊට ජනාධිපතිවරයාගේ කැමැත්ත සහ නීතිමය ප්‍රතිපාදනයක් නොමැති නම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ඉවත් කර 19 සංශෝධනය බලාත්මක කිරීම පාර්ලිමේන්තුවට සිදුකළ හැකිය. එම 19 සංශෝධනය තවදුරටත් සංශෝධනය කරමින් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අගමැතිවරයා නම් කිරීම සිදුකළ හැකිය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මේ සිදු කළ හැකිය.

රාජපක්ෂරුන්ට තමන්ගේ ඉදිරි පරම්පරා දේශපාලනයෙහි යෙදීම ගැන බලාපොරාත්තුවක් තිබේ නම් මෙයට මේ මොහොතේ සහය දීම දුරදිග බලා ගන්නා බුද්ධිමත් තීරණයක් විය හැකිය. එමඟින් ජනාධිපතිවරයාට හොඳ ළමයකු මෙන් හැසිරී තමන්ගේ ජාම බේරාගෙන ඉතිරි කාලය ගත කිරීමටද හැකිය. එසේම පොහොට්ටු පක්ෂයේ පැවැත්මටත් හිතකර වෙනු ඇත.

19 සංශෝධනය බලාත්මක කිරීමෙන් ජනාධිපතිවරයා නාමික ජනාධිපතිවරයකු බවට පත්වන අතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ බලය පාර්ලිමේන්තුවට පැවැරේ. ඒ අනුව සියළු පක්ෂවල එකතුවකින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සිදුකළ හැකිය. වැදගත්ම දේ මේ මොහොතේ සිදුවන ජනතා නොසන්සුන්තාවය පාලනය කර රට මුහුණ දෙමින් තිබෙන අර්බුදයට විසඳුමක් සෙවීමට පුළුල් ඉඩක් විවර වීමය.

දෙවන යෝජනාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැටළුවට පිළිතුරක් නොවෙයි. විසුරුවා හැරීමකින් පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවෙනු ඇති අතර එය මේ අර්බුද අවස්ථාවේ කිසිසේත්ම නොකළ යුත්තකි. කළ හැකිද නොවේ. එමෙන්ම එහි ප්‍රතිපළය අනපේක්ෂිතය. රට තවතවත් අර්බුදයන් කරා තල්ලු විය හැකිය. එවැනි අවදානමක් මේ මොහොතේ රටට ගත නොහැකිය.

මේ අනුව මේ පවතින් දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ජනාධිපතිවරයා අතය. ජාම බේරගෙන ඉතිරි මාස 30 ඉන්නවාද? රෙද්දක් ඇඳගෙන ධුරයෙන් සමුගන්නවාද නැද්ද යන්න ඔහුගේ තීරණය වෙනු ඇත.

 

-සුජය

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us