ආතල් ඉවරයි. ඔය ළමයි දැන් ගෙදර යන්න. Featured

Wednesday, 06 April 2022 13:02

මධ්‍යම පාංතික මහජන නැඟීටීමේ තීරණාත්මක දිනය විය යුතුව තිබුණේ ඊයේ (05) දිනයයි. එනම් දෙකෙන් එකක් බේරාගැනීමට තිබූ දිනයයි. එහෙත් දෙකෙන් එකක්වත් බේරාගැනීමට මේ නැගිට්ට මිනිසුන්ට හැකි වූයේ නැත. සූක්ෂම ලෙස මේ මහජන නැගිටීම දියාරු කර දැමීමට ආණ්ඩුවට හැකිවූ අතර පාර්ලිමේන්තු විපක්ෂයද ඊට ඉහළ සහයෝගයක් ලබා දී තිබිණි.

ලිච්චවිවරු ආණ්ඩු කළ විදිහට අරගල කරන්නැයි මහජනතාවට දිගින් දිගටම කීවේ මේ විපක්ෂයය. සාමකාමීව රැස්වෙන්න, සාමකාමීව සාකච්ඡා කරන්න, සාමකාමීව විසිරෙන්න...දැන් ප්‍රශ්නය පාර්ලිමේන්තුවේය. ඔවුන් ඔවුන්ගේ විසඳුමක් දෙනු ඇත. ඒ දෙස බලා සිටීම පමණක් ඉතිරිකරගෙන තිබේ.

ඊට නොදෙවෙනි ලෙස ගොබ්බ මධ්‍යම පාන්තික හිඟන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ද ඒ වැඩේට උපරීම බරක් යොදනු ලැබීය. 'අරගලය පොෂ් වී - දේශපාලනය පුස්' විය. ඒ අනුව දේශපාලනය ගැන, දේශපාලන අරගලය ගැන, මහජන නැගිටීම් වල දේශපාලනය ගැන, මෙලෝ අලබෝලයක් නොදත් මේ මධ්‍යම පාන්තික සමාජ මාධ්‍ය අරගලකරුවන් ‍මේ මොහොතේ තිබූ විප්ලවීය දේශපාලනික අවස්ථාව දියාරු කර දැමීමට ඉහළ දායකත්වයක් සැපයීය. රටට ලබා ගැනීමට තිබූ දේශපාලන ජයග්‍රහණයට වළ කැපුවේ මේ 'සාමයෙන්, සනීපෙන්, ආතල් එකේ කරන වැඩක් කරමුය' කියන යෝජනාව ගෙන ආ වුන්ය. එයින් එක පාර්ශ්වයක් 225 ම එපා කියන අමු ගොබ්බ සටන් පාඨයටත් යට විය. ඒ සටන් පාඨයත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ ආශිර්වාදයෙන් සමාජ ගත කරන ලද්දකි. තවත් අය අනාගත ජනාධිපති අපේක්ෂකයන්, මැති ඇමැතිවරුන් නම් කිරීමේ තැන දක්වා ගමන් කර තිබිණි. මේ ආකාරයෙන් අරගලයේ දිශානතීන් වෙනස් කිරීමට ආණ්ඩුව සහ විපක්ෂය සමත් විය. එහි දේශපාලනික වාසිය මේ වන විටත් මේ අය අත්පත්කරගෙන අවසන්ය.

ආණ්ඩු පෙරළන්න බලන් සිටින පාර්ලිමේන්තු විපක්ෂය මොකටද මේ මහජන අරගල දියාරු වෙන්න අරින්නේ කියා කිසිවකුට ප්‍රශ්නයක් තිබේ නම් ඒ දේශපාලනික ගොබ්බකම විනා වෙන යමක් නොවේ. හදිස්සියේ කිසිදු දේශපාලන පක්ෂයක මෙහෙයුමකින් තොරව, පාලනයකින් තොරව වූ මේ මහජන නැගිටීම තිබුණේ දේශපාලන පක්ෂ වල තක්කඩි බල හුවමාරු සෙල්ලමට යටත්ව නොවේ. මේ නිසා ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම දේශපාලන අර්බුදයකට ගියේය.

මතක ඇති නම් බොහෝ පක්ෂ පාහේ මේ මහජන නැගිටීමට සම්බන්ධ නොවන බව, වගකීමක් නොගන්නා බව කල් තියාම ප්‍රකාශ කර සිටියේ එයින් තමන්ට සිදුවන හානියය බරපතල බව වටහා ගෙනය. සජබය පමණක් මේ මහජන නැගිටීමට එකතුවන බව ප්‍රකාශ තර තිබිණි. සජබයේ නායකත්වයේ සිටම පක්ෂ සාමාජිකත්වය දක්වාම දේශපාලන ගොබ්බකම හැර වෙන කිසිවක් නොමැති අතර සමාජයෙන් එන සටන් පාඨ මත පවතින්නක් බව ඒ පක්ෂ ඉතිහාසය හැදෑරීමෙන් පෙනී යයි. මේ නිසා මහජනතාව පාරට එනකොට අපිත් එනවා පාරට යැයි කීවේය. විධායක ජනාධිපතිධුරය අහෝසි නොකිරීමේ ස්ථාවරයක සිටි සජබය හිටි හැටියේ පැත්ත මාරු කළේ මේ මහජන නැගිටීම අස්සේ ඒ ඔවුන්ට හොඳින් ඇසුනු සටන් පාඨයක් නිසාය. නැතුව දේශපලනිකව කිරා මැන බැලීමක් ඔවුන්ට නැත. මීට සති කිහිපයකට කලින් සජබයේ උද්ඝෝෂණ රැලියක දී සජිත් කීවේ වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවය. ඒ තමන්ගේ ඉදිරිපත්වීම වෙනුවෙනි. බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ඕනෑම අගතිගාමිත්වයක් සමඟ ඔවුන් සිටගනී.

ජවිපෙ ඒකායන අරමුණ මීළඟ මහමැතිවරණයෙන් තමන්ගේ ආසන ප්‍රමාණය දෙගුණයකින් හෝ වැඩිකර ගැනීමය. එජාපයට අවශ්‍ය මේ ක්‍රමය බිඳ වැටීමෙන් තොරව පවත්වාගෙන යෑමේ තම පංති යුතුකම කිරීමය. අනෙකුත් පක්ෂවල ද තමන්ගේ අවශ්‍යතාවයන් මුදුන්පත් කරගැනීමට යටත්ව සියල්ල තීරණය කරමින් තිබේ. ස්වයං මහජන නැඟිටීමකට ඔවුන් එකඟ වන්නේ ඒ අවශ්‍යතාවයන් ඉටු වන ප්‍රමාණයට පමණි.

කොහොම නමුත් මේ වන විට මහජන අරගලය දියාරු කිරීම, ආපසු මෙපිටට හරවා ගැනීමට අසීරු තැනක් දක්වා ඇදගෙන යාම සිදු කිරීම ආණ්ඩුවත් විපක්ෂයත් සිදු සමත්ව තිබේ. මේ අනුව මේ මොහොත වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රාහීව සිටී.

මේ තත්වය ආපසු හැරවිය හැකිද.? පුළුවන්. ඒ දේශපාලනයේ දී වෙනසක් කිරීම සඳහා ඇවැසි ගාමක බලවේගයන් මේ මහජන අරගලය ඉදිරියට වඩාත් ශක්තිමත්, ප්‍රචණ්ඩ මැදිහත් වීමක් කළහොත් පමණි. එනම් වැඩකරන ජනතාව ( කම්කරු, ගොවි) ගේ ස්වයං නැගිටීමකින් පමණි. තවම ඒ සඳහා තත්වයන් මෝරා වැඩී නැත. නමුත් ඒ දිනය වැඩි ඈතක් නොවිය හැකිය. මොකද පවතින දේශපාලනික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ ආර්ථික අර්බුදය වර්ධනය වීම තවදුරටත් වේගවත්ව සිදුවෙමින් පවතින නිසාය. එය වැලැක්වීමේ සම්භාවිතාව අවමය. එසේම තරුණ,ශිෂ්‍ය ප්‍රජාව,පහළ මධ්‍යම පාංතික ප්‍රජාව ඒ මහජන අරගලය වෙත දක්වා ඇද ගැනීමේ හැකියාව ඔවුන් සතු විය යුතුය.

එහෙත් ඒ සඳහා වන දේශපාලන විඥ්ඥානය කවුරුන් විසින් හෝ සැපයිය යුතුය. නැතිනම් නාහෙට නාහන ඒ කැරළිකාර මහජන නැඟිටීම තිරශ්චීන රාජ්‍ය මර්දනයක් මඟින් පහසුවෙන් අවසන් කළ හැකි නිසාය. මධ්‍යම පාංතිකයා සමඟ පාලක පංතිය ආතල් ගත්ත ද ඊට පහළ පංතීන් සමඟ ඒ ආතල් ගන්නේ නැත. එදාට, අද මෙන් මධ්‍යම පාංතිකයා ගන්නා මහජන නැඟිටීමේ ආතල් එක එදාට ගන්න ලැබෙන්නේ නැත. මොකද ඒ අරගලය දේශපාලනිකව හා ආර්ථිකමය වශයෙන් තීරණාත්මක වන නිසාය. නමුත් ඒ ජයග්‍රහණය දක්වා මෙහෙයවීම වෙනුවෙන් දෘඩ දේශපාලනික වුවමණාවක් සහිත මහජන ව්‍යාපාරයක නායකත්වය අවශ්‍යය. අද මහජන නැඟිටීම දියාරු වන්නත් මේ තිබෙන හිස්කමටත් හේතුව මේ එවැනි මහජන ව්‍යාපාරයක් නොමැතිකමය. එය බිහිවිය හැක්කේත් නාහෙට නාහන මහජන අරගලය මතින්මය. ඉතිං මේකට මේ පවතින ආණ්ඩුව හෝ විපක්ෂය කැමැති වෙයිද ? නැත. මහජන අරගල දියාරු කරන්නේ ඒ නිසාය.

එසේම මේ අස්සේ ඇසෙන 'එයාලව මෙයාලව එළෙව්වට පස්සේ කවුද ගේන්නේ ?' කියන ප්‍රශ්නය ද දේශපාලනිකව අමු ගොබ්බ ප්‍රශ්න කිරීමකි. ඒකට උත්තරය අරගලයේ ජයග්‍රහණය විසින් සොයා දෙනු ඇත.

- සුජය

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us