ඉගුරු දී මිරිස් ගන්නවාද ??? Featured

Thursday, 28 April 2022 09:58

මෙරට ආර්ථික අර්බුදය පුපුරා ගිය තැන පුරවැසියා ආවේගශිලිව මහා පාරට බැස අරගල කරන්නට පටන් ගත්තේය..

ඇතැම් අරගල සාමකාමිව ඇත්ත ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටි අතර බහුතරයක් අරගල ඉතාම ආවේගශීලි විවිධ දේශපාලන හස්තයන් මගින් තම උවමනා වෙනුවෙන් රා පෙව් නාලාගිරි ඇතුන් බවට අහිංසක ජනතාව පත්කොට පාරට අත්හරිය අරගල යැයි කීවට වරදක් නැත.

අද දිනයේද එවැනි අරගල රට පුරා ක්‍රියාත්මක වනු ඇත. මේවා පිටු පස දේශපාලන හස්තයන් සිටින බව හොදින්ම ඔප්පු වන්නේ මුලින් ජනතාව පාරට බැස්සේ තම සාධාරණ ඉල්ලීම් අනුව වුවද පසුව එම ඉල්ලීම් වලින් නොනැවතී ජනාධිපතිවරයා,අගමැතිවරයා ගෙදර යැවීමට සටන් පාඨ ක්‍රියාත්මක වීමෙනි. එපමණකින් නොනැවතී අද වන විට එම අරගල වල ස්වභාවය වී ඇත්තේ සමස්ත ආණ්ඩුවම කණපිට පෙරලිමටය..ආර්ථික අර්බුදයෙන් බැට කෑ පුරවැසියා දේශපාලන පක්ෂ වල රූකඩ බවට පත් වී සිටීම මේ යුගයේ ඛේදවාචකයකි.

රටේ ජනතාවට උසුලාලිය නොහැකි ආර්ථිකයකින් බැට කන්නට සිදු වී ඇති බව සැබෑවකි..එහෙත් එය එසේ සිදුවන්නට සාධාරණ හේතු සාධක බොහොමයක් අතරේ වත්මන් ආණ්ඩුව විසින් ගත් යම් යම් තීරණාත් හේතු වූ බවද සත්‍යකි. එය නිවැරදි කිරීමට මේ මොහොතේ ආණ්ඩුව මහත් පරිශ්‍රමයක් දරමින් සිටීම ගැන අප සතුටු විය යුතුය. මන්ද ඉතිහාසයේ සිට මේ දක්වා පැවති කිසිදු ආණ්ඩුවක් සර්ව සම්පුර්ණ ආණ්ඩු බවට පත් වුයේ නැත..එහි වඩා වැදගත් වන්නේ පාලකයන් තමන් අතින් වූ වැරදි නිවැරදි කර ගැනීමට උත්සහා ගැනීමය..සිදු විය යුත්තේද එයය.

මෙහිදී අප තවත් දෙයක් අමතක නොකළ යුතුය..ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වන විට මේ රට ගොඩ නගන්න ඔහුට සැබෑම වුවමනාවක් තිබු නායකයෙක් බව මතක් කල යුතුය..ඒ සදහා පැහැදිලි දැක්මකින් වැඩ කිරීම උදෙසා ඔහු සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්විය.
එහෙත් රටේ අවාසනාවට ඒ සියල්ල කන පිට පෙරලුණේ කොවිඩ් වෛරසය මෙරටට ඇතුළු වීමත් සමගය..එදා මේ රට සියල්ලන් සිතුවේ විසාලවක් වන බවය. අද පරට බැස ''ගෝ හෝම් ගෝඨා '' යැයි හඩ නගන ජනතාව එදා ආණ්ඩුවෙන් අයැද සිටියේ කන්න බොන්න නැතත් ජිවිත සුරක්ෂා කරන ලෙසය..
එම මොහොතේදී රටේ නායකයා වශයෙන් ජනධිපතිවරයාට අන් සියලු දේවල් පසෙකලා පුරවැසියාගේ ජිවිත රැක ගැනීමේ බර කරට ගෙන වැඩ කිරීමට සිදු විය..එම මොහොතේදී ගත් ඇතැම් තීන්දු තීරණ එම අවස්ථාවට උචිත උවද ,එය වර්තමානයට අවාසි සහගත ලෙස බල පෑ බවද කිව යුතුය..ඒ කෙසේ වුවද එදා මෙහෙම කරනම් මෙහෙම නොවෙන්න තිබුණා යැයි කිසිවෙකුට ඇගිලි දිගු කිරීමට බැරිය..මන්ද ඕනෑම රටක හදිසි අවස්ථාවන් එනම් යුද්ධයක් හෝ වසංගතයක් හෝ වේවා එකී රාජ්‍යයේ නායකයන්ට තීන්දු තීරණ ගැනීමට සිදු වන්නේ එම මොහොත ,එම අවස්ථාව ගැන සිතා පමණි..එය පසුවට රටට කොතරම් බලපෑමක් කලද ඒ හදිසි අවස්ථාව අනුව එලෙස තීන්දු ගැනීමට සිදු වේ. එය එසේ නොවූන හොත් එයින් වන්දි ගෙවීමට සිදු වන්නේ තම රටේ පුරවැසියන්ටමය. ඕනෑම රටක රාජ්‍ය නායකයා පුරවැසියා ඉදිරියේ ජනතාවට ,රටට වගවන බවට දිවුරුම් දෙන්නේ ඒ නිසාය..

කෙසේ වුවද අපට කෙමෙන් සතුටු විය හැකි වෙනස්කම් ගණනක් දැන් දැන් සිදු වෙමින් පවතී.. මෙම අර්බුධයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහාය මේ වන විටත් පළ කර අවසන්ය..ජාත්‍යන්තර මට්ටමේ සියලු සකජ්ජාද ඉතාමත් සුබ වාදීව නිම වෙමින් පවතී..

මේ වන විට දිවයින පුරා ඉන්ධන පෝලිම ටිකෙන් ටික අඩු වන්නට පටන් ගෙන තිබේ. කුමන දේශපාලන මතවාදයක් දැරුව ද ඒ ගැන සතුටු විය යුතුය. ඇතැම් පිරවුම් මධ්‍යස්ථානවල පුංචි පෝලිමක් දැකිය හැකි අතර ඇතැම් පිරවුම් මධ්‍යස්ථානවල පෝලිමක් ඇත්තේම නැත. අලුත් අවුරුදු සමයේ ඉන්ධන ප්‍රවාහනය නිසි ලෙස සිදුවූයේ නැති බව කවුරුත් දනිති. එහෙත් තෙල් ඉල්ලුම වැඩියෙන්ම පවතින්නේ එම කාලයේය. කුමක් වුව අවුරුදු සමයේ තෙල් බෙදා හැරීම දුර්වල විය. ඒ අනුව මහජනයාගේ කෝපය ද ඉහළ ගියේය. එය සාධාරණය. දැන් අවුරුදු සමයේ නිමාවත් සමඟ ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. ඒ අනුව තෙල් පෝලිම් ද අඩු වී ඇත.

ලිට්‍රෝ සමාගම නිවේදනය කරමින් කියා සිටින්නේ නව මිල ගණන් යටතේ අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළදපොලට නිකුත් කරන බවය. මේ අතර ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාව ඊයේ කොළඹ වරයාට සේන්දු වූ අතර එම ගෑස් තොග ගොඩබෑමෙන් පසු වෙළෙදපොලට නිකුත් කළ හැකි බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

එපමණක් නොව මෙරට ඩොලර් අර්බුදයෙන් මුදවා ගැනීම සදහා වරාය හා නාවික නව කැබිනට් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සාධනීය තීරණයක් ගෙන ඇත. එනම් ජූනි 1 දා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ ආනයනය හා අපනයනයට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියට නැව් සමාගම් විසින් කරනු ලබන ගෙවීම් සඳහා එක්සත් ජනපද ඩොලර් භාවිත කරන ලෙස නියෝග කර සිටීමය. මෙතෙක් නැව් සමාගම්, වරාය අධිකාරියට ගෙවීම් කළේ ශ්‍රී ලංකා රුපියල් මඟිනි. මේම නව තීන්දුව මඟින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ඉක්මවන ආදායමක් ඉපයීමට හැකි හෙයින් රටට ලැබෙන ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ වන විට රට මුහුණ පා ඇති නූතන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ක්ෂණික හා ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක වන බව රජය ප්‍රකාශ කර තිබේ. මේ ඇති වී ඇති අර්බුද එක මොහොතකින් විසදීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි බව පළමුව මහජනයා තේරුම් ගත යුතුය. දැන් බොහෝ දේ රටට සුබ වාදී ලෙස සිදු වන මොහොතේ ඒ සදහා ඔබේ දායකත්වය සංයමයෙන් යුතුව රටට ලබා දීමට දැන් කාලය පැමිණ ඇත..ඉගුරු දී මිරිස් ගන්නවාට වඩා පුරුදු ඉගුරුම අවශ්‍ය පරිදි රසවත් කර ගැනීම ඊට වඩා කාලෝචිත බව හැගේන්නේ ඒ නිසාය.

-මහේෂි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us