හේතු පසෙකලා විසදුම් සොයමු ! Featured

Tuesday, 03 May 2022 12:27

මේ වන විට මෙරට පවතින අර්බුදය රටේ ගමන්මඟ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. විරෝධතා ඔස්සේ ගොඩනැඟුණු දේශපාලන අර්බුදය ආණ්ඩුව කෙරෙහි වඩාත් බලපෑම එල්ල කළේ පසුගියදා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමඟය.

.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම තනතුරට පත්වීමෙන් පසු පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සමඟත් තුනෙන් දෙකක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ලැබිණි. එය ⁣ජේ.ආර්. නිර්මාණය කළ "78" ව්‍යවස්ථාවෙන් දශක හතරකට පසු එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව එය විය . එසේ මැතිවරණයකින් තුනෙන් දෙකක බලයක් ලබාගත් වත්මන් ආණ්ඩුවට වසර දෙකක් යාමටත් පෙර තුනෙන් දෙකක බලය අහිමි වී ගියේය. ආර්ථික අර්බුදය හරහා ගොඩනැඟුණු විරෝධතා, උද්ඝෝෂණ, වර්ජන, අරගල හරහා නිර්මාණය වුණු දේශපාලන අර්බුදය තුළ මේ වනවිට ආණ්ඩුවෙහිද අර්බුද රැසක් නිර්මාණය වී එය රටේ දේශපාලන අස්ථාවරත්වය කෙරෙහි ඉහළ බලපෑමක් එල්ල කර තිබේ.

එවැනි තත්ත්වයක් තුළ පසුගියදා ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවක් පළ කළේය. වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙසද සියලු දෙනාගේ ඉල්ලීම් පරිදිද පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව ජනාධිපතිවරයා කියා සිටි.

මේ මොහොතේ රටේ අර්බුදයට හේතු සෙවීමට වඩා වැදගත් වනුයේ විසඳුම් සෙවීමය. බොහෝ විට රටේ ජාතික අර්බුද පැන නැඟෙන විට ඒවාට විසඳුම් සොයනවාට වඩා එම අර්බුද පැන නැඟීමට හේතු සෙවීමෙහි ඇතැමුන් නියැළෙති. මේ තුළ විසඳුම් සෙවීම තව තවත් අපහසු වනු ඇත. දවසින් දවස අර්බුදය ඔඩුදුවා යනු මිස එයට විසඳුම් සෙවීම පහසු නොවනු ඇත. අද ද ඇතිව තිබෙන්නේ එවැනි තත්ත්වයකි. අර්බුදය තුළ බොහෝ අය මේ මොහොතේ කරනුයේ එය ඇති වීමට හේතු සෙවීම මිස එයට විසඳුම් සෙවීමට හෝ ප්‍රතිකර්ම යෙදීමට උත්සාහ නොකිරීමයි.

භාරකාර ආණ්ඩුවක් බොහෝ විට රටක් දේශපාලනික වශයෙන් අස්ථාවර වූ විට මෙන්ම ආර්ථික වශයෙන් අස්ථාවර වන විට රටේ ස්ථාවරත්වය ඇති කර ගැනීමට ව්‍යවස්ථාමය රාමුව තුළ සිදුකරගන්නා ආණ්ඩු පාලනය භාරකාර ආණ්ඩු බොහෝ රටවල් විවිධ අවස්ථාවන්හි ක්‍රියාවට නංවා තිබේ.
ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම මෙරටද විටින් විට ඒවැනි තත්වයන් ඇති වූ බව ඉතිහාසය තුලින්ම පැහැදිලිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ පොදුජන එක්සත් පෙරමුණ ජ.වි.පෙ. සමඟ ඇතිකර ගත් ගිවිසුම හරහා නිර්මාණය වූ පරිවාස ආණ්ඩුව එවැනි තත්ත්වයකි. 2015 බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් කරගනිමින් ගොඩනැගූ ජාතික ආණ්ඩුව එවැනි ආණ්ඩු පාලනයක් ලෙසත් හැදින්විය හැකිය.

රටේ ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස සම්මුතිවාදී ආණ්ඩුවක අවශ්‍යතාව ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන පෙන්වා දී ඇති පසුබිමක සෑම දේශපාලන පක්ෂයක්ම ඒ වෙනුවෙන් සුබවාදී ප්‍රතිචාර දැක්වීම වඩාත් සාධනීය වනු ඇත. මේ මොහොත රටේ එක් එක් දේශපාලන කණ්ඩායම්වලට දේශපාලනය කරන්න තිබෙන මොහොතක් නොවේ. ඒ හැම දේශපාලන කඳවුරකම දේශපාලන ගමන රැඳී ඇත්තේ රටේ ගමන්මඟ තුළමය. රටත් රටේ අනාගතයත් අරාජික වන හැමවිටම දේශපාලන අරාජිකත්වයක් ඇතිවීම වළකාලිය නොහැක. කාට කාටත් දේශපාලනය කරන්න එක පැත්තකින් රටක් තිබිය යුතුය. රටක් මෙන්ම රටට අනාගතයක් නැති වූ විට කිසිවකුට දේශපාලනයක් හෝ දේශපාලන ගමනක් නැත. ඒ නිසා මේ මොහොත දේශපාලන පක්ෂවලට දේශපාලන ගමනකට වඩා රට ස්ථාවර කරන ගමනකට එක්විය යුතුම මොහොතකි. ඒ තුළ කවුරුන් හෝ මස් රාත්තලම ඉල්ලන්නේ නම් සිය රටේ අනාගතයටම ද්‍රෝහිවීමකි.

-මහේෂි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us