ජනතාවගේ පක්ෂය සහ ජනතාවට විරුද්ධ පක්ෂය අතර සටනක්

Saturday, 14 May 2022 16:35

රටේ තත්වය හොඳ අතට පත් වීමට පෙර, තවත් නරක අතට හැරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ බීබීසීට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

එය යථාර්තයයි. මේ වන විට රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය පහසුවෙන් ගොඩගැනීමට හැකි තත්වයක් නොවන බව ආර්ථික ක්ෂෙත්‍රයේ විශේෂඥයන්ගේද මතයය. රජය සතු විදේශීය සංචිත මුලුමනින්ම අවසන් වී ඇත. පසුගිය දෙවසර තුළ රුපියල් ට්‍රිලියන 3 ක පමණ එනම් බිලියන 3000 ක් පමණ මුදල් අච්චු ගසා රජයේ වියදම් පියැවීම සිදු කිරීමට කටයුතු කළත් මේ වන විට භණ්ඩාගාරය සතුව පවතින්නෙ රු බිලියන 100 කට ආසන්න මුදල් බවත් අගමැතිවරයා හෙළි කර තිබේ. මේ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැ‍ටුප් ගෙවීමට මුදල් නැවත අච්චු ගැසීමට වන බවත් පැවැසේ.

කෙසේ නමුත් තව දුරටත් ඉන්ධන ගෑස් පොහොර සහ ආහාර හිඟතාවයෙන් පීඩා විඳීමට ජනතාවට සිදු වෙනු ඇති බව පැහැදිලිය.විදේශ විනිමය ආදායම් අත්පත් කරගැනීම තව දුරටත් කල් ගත වන තැනක තිබේ. ජාත්‍යන්තර මුල්‍ය ආයතන හරහා ණය මුදල් ලබා ගැනීම තවමත් එකඟතාවයකට පැමිණිම වෙනුවෙන් පවතින සාකච්ඡාය. මිතුරු විදෙස් රාජ්‍යයන් හි හදිසි මුල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලැබෙන බව ප්‍රකාශිතව තිබුණත් එය රටේ ආර්ථිකය ගොඩනැගීමට තරම් වන්නෙ නැත. ඒවා මේ වන විට ජනතාව මුහුණ දී තිබෙන පීඩා කාරිත්වයන් අවම කිරීමට යම් තරමකින් සෑහෙනු ඇත.

මේ තත්වයන් මත ශ්‍රී ලංකා රාජ්‍ය විනාශ වී යෑමට ඉඩ නොදී කෙසේ හෝ ගොඩනඟා ගැනීම සියලු දේශපාලන පක්ෂ වල යුගයේ කාර්යභාරය වීම නොවැලැක්විය හැකිය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරය ලෙස පත් කර අලුත් ආණ්ඩුවක් ගොඩ නැගුවාට මේ ප්‍රශ්න දවසකින් දෙකකින් මාසයකින් හමාරකින් අවසන් වෙන්නේ නැත. අප මුහුණ දී තිබෙන අර්බුදය යම් තරමකට ආපසු හැරවීමට වසර කිහිපයක් ගත වනු ඇත.

පසුගියදා ජාජබයේ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවා පැහැදිලිව කියා සිටියේ ජාජබයට බලය ලැබුණත් මෙය ප්‍රශ්න කෙටි කලකින් අවසන් කළ නොහැකි බවය. ඔවුන් රට මුහුණ දී ඇති තත්වය හොඳාකාරවම දන්න බවට එය සාක්ෂියකි.

එසේම කිසිදු පක්ෂයකට රටේ ආර්ථික අර්බූදයන් විසඳිය හැක්කෙ කෙසේද යන්න ගැන අවබෝධයක්ද නැත. ඒ නිසා නිශ්චිත විසඳුම් කිසිවකුත් ඉදිරිපත් කරද නැත. ඒ නිසා රටේ වගකීම බාරගෙන රට අර්බුදයෙන් ගොඩගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව රට බාරගැනීම මේ අය දිගින් දිගටම පමා කිරීම දකින්නට ලැබිණි.

කොහොම නමුත් අවසානයේදී එයට ඉදිරිපත් වූයේ පාර්ලිමේන්තුවේ එක් ආසනයක් ඇතිව සිටි රනිල් වික්ර්මසිංහය. එය අතිශය අවදානම්කාරී තීන්දුවකි. ඔහු ඉතිහාසයේ වීරයකු වනවාද ද්‍රෝහියකු වනවාද යන්න මෙම තීන්දුව ක්‍රියාත්මක කරන ආකාරය අනුව විසැඳේ එමෙන්ම එජාපයේ දේශපාලන අනාගතය ද ඒ අනුව තීරණය වෙනු ඇත. එහෙත් රනිල් ඒ අභියෝගය බාරගෙන තිබේ. ඒ් ඔහුගේ නායකත්ව පෞර්ශයයි.

එහෙත් රනිල් දුවන කොච්චියට බෙල්ල තැබීමට සූදානම් අවස්ථාවේදී වත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෝ පක්ෂ තවදුරටත් පස්ස ගසන්නෙ කුමණ හේතුවක් නිසාදැයි පැහැදිලි නැත. එක්කො ඔවුන්ට කොන්දක් නැත. ජනතාව ගැන වගවීමක් නැත.නැතිනම් දේශපාලනික තක්කඩිකමය.

මේ තත්වය හමුවේ ප්‍රධාන විපක්ෂය සජබය අගමැති තනතුරට පොර කෑවේ කුමණ තේරුමකිද යන්න අපහැදිලිය. දැන් නිර්පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ලබා නොගනිමින් එයට එරෙහිව කටයුතු කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අපහැදිලිය. ආණ්ඩුවේ කොටස් කාරයන් නොවී ආණ්ඩුව කරන කියන දේට එරෙහිවෙමින් කෑ ගසා සිටියාම මීළඟ මහ මැතිවරණයකින් ඔවුන්ව බලයට පත් කිරීමට ජනතාව තීරණය කරනු ඇතැයි ඔවුන් සිතනවාද විය හැකිය. ජාජබයද එහෙම කල්පනා කරාන්ව විය හැකිය.

මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන භාවිතාව ඇතුලේ එහෙම දේවල් විය හැකිය. එහෙත් මේ ගෙවෙන්නෙ ඒ සාම්ප්‍රදායික දේශපාලනය අවසන් වූ යුගයකි. ජනතාව වෙනුවෙන්, ඔවුන් මුහුණ දෙන දුෂ්කරම පැයේ සහයෝගය නොදෙන දේශපාලන පක්ෂ වලට යළි ජනතාවගේ ආකර්ෂණය හිමි වීමේ ඉඩක් නැත. ජනතාව තවත් බොරු කතන්දර වලින් රැවටිය නොහැක. අද අධි නාගරික ජනතාවගේ සිට ඈත ගම්මානයක දුෂ්කරම ජීවිත ගත කරන පුද්ගලයා දක්වා මේ සිදුවෙමින් පවතින අර්බුදය සහ ඒ වෙනුවෙන් දේශපාලනඥයන් ගන්න තීන්දු තීරණ ගැන දැනුවත්ය. තමන් වෙනුවෙන් පෙනී සිටින්නෙ කවුද තමන්ට එරෙහිව කටයුතු කරන්නෙ කවුද යන්න ජනතාවගෙන් දැන් වසන් කළ නොහැක.

ඒ නිසා ජනතාවට ද්‍රෝහී වීම හෝ නොවීම ගැන දේශපාලන පක්ෂ අද ගන්නා තීරණය හෙට ඔවුන්ට ජනතාව අතරට යෑමට ඇති හැකියාව තීන්දු වෙනු ඇත. ජනතාවට ද්‍රෝහී දේශපාලනයක නිරතවූවන්ගෙ ගෙවල් දොරවල් ගිනි ඇවිලවීම ගැන ජනතාව විරෝධයක් නොදරන්නේ ඇයිද යන්න ගැනවත් මේ දේශපාලන පක්ෂ නායකයන් කල්පනා කළ යුතුය.

ජනතාවට ද්‍රෝහී වීමෙ අනතුර ඔවුන්ට තේරුම් ගන්න බැරි නම් තව දුරටත් දේශපාලනය නොකළ යුතුය. තමට එරෙහිව වන පීඩාවට එරෙහිව දැන් ජනතාව ක්ෂ්ණිකව නැගී සිටියි. දැන් සිටින්නෙ අලුත් ජනතාවකි. දේශපාලන පක්ෂ මෙය තේරුම් ගත යුතුය.

හුදු පක්ෂ දේශපාලනය දැන් වලංගු නැත. දැන් ජනතාවට පක්ෂ වෙනවාද නැද්ද කියන කාරණය පමණක් වලංගුය. හෙට දවසේ දේශපාලනය වන්නේ එයය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us