සජබයේ විනය පියවර ජනතාවට එරෙහිව මිස හරින්ලාට නොවේ

Friday, 20 May 2022 14:12

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් ඇමැතිධුර ගැනීමට එරෙහිව විනය පියවර ගන්නා බව සජබයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත.

සජබයෙ තීරණය ආණ්ඩුවට එක් නොවී විපක්ෂයේ සිට සහය දැක්වීම බවත් මේ විනය පියවර ගන්නේ ආණ්ඩුවට එක්වීම සජබයේ ප්‍රතිපත්තිය නොවන නිසා බවද කිරි ඇල්ල පවසයි.
සජබ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ගෝඨාභයගෙන් අගමැති තනතුර ඉල්ලා ලියුම් පිට ලියුම් ලිව්ව කාලය අමතක කර වර්තමාන තත්වය ගැන කතා කළහොත් සජබය ආණ්ඩුවට සහය දක්වන තීරණ කර ඇති නම් එය ඇමැති තනතුරු නොගෙන කරනවා කියන එකේ තේරුම ජනතාව වෙනුවෙන් වගකීමක් නොගන්න බවය. කොහොමත් පාර්ලිමේන්තුවේ විපක්ෂය කියන්නේ, ජනතාව වෙනුවෙන් ආණ්ඩුකරණයට සහය විය යුතු අනෙක් කණ්ඩායමය. එහි විශේෂයෙන් විපක්ෂයේ සිට සහය දෙනවා කියා දෙයක් නැත.

වර්තමාන ශ්‍රි ලංකව මුහුණ දී තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ එකමුතුවක් අවශ්‍ය බව සිහි බුද්ධියක් ඇති ඕනෑම මනුස්සයකු පිළිගන්නා තත්වයයි. එසේම විපක්ෂයට වී සිට ආණ්ඩුව කරන කරන දෙයට එරෙහිව කෑ ගගහා ඉන්නවාට වඩා රටේ ජනතාව වෙනුවෙන් වගකීමක් ගෙන ඒ් ඉටු කිරීමට මහන්සි වීම වඩා වැදගත් නොවේද? රට මුහුණ දී තිබෙන අර්බුද හමුවේ රට තව දුරටත් වළ පල්ලට වැටෙන්න නොදී ඉන් බේරාගෙන ගොඩ ගත යුතු බව සජබය අවංකව කල්පනා කරනවා නම් ඇමැති තනතුරු කිහිපයක් ගෙන ඒ සම්බන්ධයෙන් උපරීම සේවය රට වෙනුවෙන් ඉ‍ටු කිරීම ගැන කවුරුවත් දොස් කියන්නේ නැත. හුදු පාර්ශ්වික දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් වැඩ කරන පිරිස් වලට මේ ගැන ඕනෑම නරුම විවේචනයක් කළ හැකිය. රට ගැන අංශු මාත්‍රයකින් හෝ කල්පනා කරන අයෙකුට සර්වපාර්කෂික ආණ්ඩුවක් පිහි‍ටුවීම හෝ එහි ඇමැතිකම් දැරීම විවේචනයට පාත්‍ර කරන්නේ නැත.

කොටින්ම අද පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා බෙදීමක් නොතිබිය යුතුව ඇත.සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුව විය යුතුය.ජනතාව බලපොරොත්තු වන්නෙ එයය.

අද තෙල් ගෑස් විදුලිය නැති ප්‍රශ්න ආහාර සහ ඖෂධ නොමැති වීමේ අතිශය ඛේදජනක තත්වය කරා ගමන් කරමින් තිබේ. ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදයෙන් පසුව මහා මානුශික ඛේදවාචකයක් කරා ගමන් කිරීමේ අනතුරක තිබේ. ඒ වලක්වා ගැනීම වෙනුවෙන් සියලු දෙනා එක්විය මොහොතක හරීන්ලා මනූෂලා රට වෙනුවෙන් වගකීමක් බාර ගෙන ක්‍රියා කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුතුව තිබෙනකි. වෙනදා තිබු ඇමැති වරප්‍රසාද නැති මේ ඇමැති තනතුරු යෝජනා වන්නේම රටේ හදිසි අවශ්‍යතාවය වෙනුවෙන්ම පමණය.

මේ මොහොත යනු දේශපාලනකිව අභියෝගත්මක මොහොතකි. අවදානම් සහගත මොහොතකි. ඊට මුහුණ දී අසාර්ථක වුවහොත් හරීන්ලා මනුෂලා වැනි තරුණ නායකයන්ගේ දේශපාලන ජීවිතයද එතැනින් අවසන් විය හැකිය. ඒ ආනතුර ඉදිරියෙහි තබා ගෙන මේ වගකීම් බාර ගැනීම ගැන කිසිවකුට එරෙහි විය නොහැක. හරි නම් මේ මොහොතේ විය යුත්තේ සජබය සිය උපරීම සහයෝගය අඩුම තරමින් මේ මන්ත්‍රීවරු දෙදෙනාට හෝ ලබා දෙන බව ප්ර්කාශ කිරීමය. ඔවුන් සාර්ථත වේ නම් එහි ගෞරවයද සජබයට, සජබ නායකත්වයට ලැබීම වැලැක්විය නොහැක.

එහෙත් මේ මොහොතේ සජබය ගන්න තටමන මේ විනය පියවර වලින් තහවුරු කරන්නේ ' ජනතාවගේ ප්‍රශ්න අපිට වැඩක් නෑ.. අපිට තියෙන ප්‍රශ්නය පක්ෂයේ ඔලුගෙඩි ටික ‍රැක ගෙන පක්ෂය රැක ගැනීමය' කියන තමන්ගේ පටු වුවමණාව වෙනුවෙන් පමණක් සජබය පෙනී සිටින බවය. එහෙම හිතන්න අනෙක් හේතුව නම් ජනාධිතිවරයාගේ පස්සෙන් වැටී අගමැතිකම නොලැබුණු විට සජබ නායකත්වය ඒ හිතේ අමාරුවට ආණ්ඩුවට සහය නොදෙන ස්ථාවරයකට මාරු වී ඇති බවය. තව දුරටත් විපක්ෂයටම වී ආණ්ඩුවට එරෙහිවීමේ ප්‍රතිපත්තියක සිටින්නෙ ඒ නිසා විය හැකිය.

මේ ලැජ්ජා සහගත තක්කඩි, ජනතා ද්‍රෝහී දේශපාලනය මේ රටේ ජනතාව අනුමත කරන්නෙ නැත. සජබය පමණක් නොව ජාජබය ( ජවිපෙ) අනුගමනය කරමින් සිටින්නේද මේ තක්කඩි දේශපාලන ක්‍රියාවලියමය. ජාජබයට මහා ජන ‍රැල්ලක් ඇති වෙමින් තිබෙන බවට එම පක්ෂය පසුගිය කාලයේ ලොකූ සංදර්ශන ගනනාවක් පෙන්වූ නමුත් ඔවුන්ගේ මේ පක්ෂග්‍රාහී අවස්ථාවාදී පටු දේශපාලනය විසින් තිබුණු සියට තුනත් අහිමි කර ගත්තු බව ජනතාව ජවිපෙ සම්බන්ධයෙන් දැන් කියමින් සිටින කතා වලින් වටහා ගැනීම අපහසු නැත. විශේෂයෙන් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරවීම සහ නිවාස ව්‍යපාරික ස්ථාන මංකොල්ල කෑම ගැන ජවිපෙට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. පෙර සිටම සංවිධානය වී මේ සිදු කර ඇති බවට මේ වනවිට තොරතුරු හෙළිවීම නිසා ජාජබයට කුමන මට්ටමින් හෝ නැග එමින් තිබු ජනතා ආකර්ශණය නැත්තටම නැතිවී ද තිබේ.

කොහොම නමුත් මේ මොහොතේ සර්වපාර්ෂික ආණ්ඩුවට එකතු වී රට ගොඩනැගුම වෙනුවෙන් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකරන කවර හෝ පාර්ශ්වයක් වේ නම් ඒ පැහැදිලිවම ජනතා ද්‍රෝහී තක්කඩියන් ලෙස හැදින් වීමට දෙවරක් කල්පනා කළ යුතු නැත.

- the novemberist

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us