වාර්ෂිකව කොස් ගෙඩි, කෝටි 20ක් අපතේ යවන රටක්, කන්න නැතිව මැරෙන්න හදන්නේ Featured

Friday, 03 June 2022 10:10

දැනට ඇති තොරතුරු අනුව ලංකාවේ වාර්ෂික කොස් අස්වැන්න කොස් ගෙඩි කෝටි 28ක් වන අතර ඉන් පරිභෝජනය කෙරෙනුයේ කෝටි 8ක් පමණ ප්‍රමාණයක් බව පසුගිය දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී කරුණු හෙළි වී තිබේ. මේ අනුව කොස් ගෙඩි කෝටි 20 ක් (ලක්ෂ 2000 ක්) ගස් යට කුණු වෙයි.

කොස්, දෙල්, කෙසෙල්, විවිධ අල වර්ග ඇතුලු ස්වභාවිකව වැවෙන ආහාරමය බෝග පළදාව නිකරුනේ විනාශ වී යෑම වළක්වා ගැනීම ගැන කාලාන්තරයක් තිස්සේ කතාබහට ලක්ව තිබුණද ඒ සම්බන්ධ ක්‍රමවත් වැඩපිළිවෙල සකස් වී නැත. විශේෂයෙන්ම කොස්, දෙල්, කෙසෙල්, විවිධ අල වර්ග ආදිය ඇසුරෙන් විවිධ ආහාර වර්ග නිශ්පාදනය කර විදේශ වෙළඳපොළට එක් කිරීමේ අවස්ථා ගනනාවක්ම හඳුනාගෙන තිබුණද මේ සම්බන්ධයෙන් රජයේ සහයක් ලැබී නැති තරම්ය.

පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම මේ වන විට සාර්ථකව එවැනි ව්‍යාපාර කටයුත්තක නිරතව සිටින නමුත් ලෝකයේ ඇති ඉල්ලුම අනුව ඒ ඉතා සුළු පරිමාණ තත්වයක් බව එම ව්‍යාපාරිකයන් පෙන්වා දී තිබිණි.

විශේෂයෙන්ම ආහාර විජලනය කිරීම තාක්ෂණය හරහා දේශීය ආහාර සුරක්ෂිතාවය ‍රැකගැනීම වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයිය හැකි වූවද මෙම තාක්ෂණය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් අල්පය.

එමෙන්ම මේ සම්බන්ධ නවීන තාක්ෂණික සොයා ගැනීම් ගනනාවක් තිබුණද මෙරට කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ආයතන හරහා ඉගැන්වීම් කෙරෙන්නේ තවමත් පරණ ක්‍රමවේදයන් මෙන්ම එතරම් සාර්ථක නැති තාක්ෂණයකි. අඩුම තරමින් විශිෂ්ඨ තත්වයේ විජලන යන්ත්‍ර සූත්‍ර හෝ මෙරටට ගෙන්වීමේදී අධික බදු මුදලක් ( සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන බදු කාණ්ඩයට ඇතුළත් කර තිබීම නිසා) අය කරයි.

විජලන තාක්ෂණය මඟින් නව නිශ්පාදනයන් කර ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසීමට ග්‍රාමීය ප්‍රදේශ වල බොහෝ පිරිස් සුදානමක්, උනන්දුවක්  දැක්වූවද මෙම ඉහළ තාක්ෂණික යන්ත්‍රසූත්‍ර, අවශ්‍ය නූතන තාක්ෂණික දැනුම සහ දෙස් විදෙස් වෙළඳපොළට පිවිසීම සඳහා වන සහයෝගය නොමැතිව සිටී. 

මේ තත්වයන් මත ආහාර විජලනය මඟින් මෙරටට ලබා ගත හැකි ආදායම් සහ වාසි සහගත තත්වයන් මඟ හැරී ගොස් ඇත. තායිලන්තය වැනි රටවල් අද ලෝක වෙළදපොල වැඩි පංගුවක් අත්පත් කරගෙන සිටින්නේ ඒ වෙනුවෙන් එම රාජ්‍යයන් ලබා දෙන සහයෝගය මතය.

අද මෙරට ඇතුලුව ලෝකයම මුහුණ දී තිබෙන ආහාර හිඟවීමේ ගැටළුවට මෙම ආහාර විජලනය මඟින් අනාගතයේදී තවදුරටත් වර්ධනය වීමට නියමිත වන ආහර හිඟ තත්වයන්ට අද පිළියමක් දිය හැකිය. ඒ තත්වයන්ගෙන් ව්‍යාපාරිකමය ප්‍රයොජනයක් ගැනීමට ඉතා පහසු අවස්ථාව මෙරටට තිබේ. එමෙන්ම මෙය ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් වන අගනා වැඩපිළිවෙලක් බවටද පත් කළ හැකිය.

කොස් ගෙඩි කෝටි 20 ක පමණ නිකරුනේ ගස් යට වැටී කුණු වී යෑමට ඉඩ නොදී ඒ පොෂ්‍ය ගුණයෙන් යුතු ආහාරයක් බවටත් මුදල් බවට පරිවර්තනය කිරීමට රජය දැන්වත් උත්සුක වෙනවා නම් එයත් මේ ආර්ථික අර්බුදය රටට වාසියක් කර ගැනීමට ඇති අවස්ථාවකි.

කොහොම නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට මහ ජනතාවට බලපත් නිකුත් කරන්නැයි කෘෂිකර්ම,වනජීවී හා වන සංරක්ෂණ ඇමති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දී ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත ඉඩම්වල ඇති කොස් ගස්වල මෙවර ඵලදාව ඉහළ ගොස් ඇතැයි ද නිලධාරීන් ඇමතිවරයාට පවසා ඇත.

ඇමති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡවකදී මෙසේ කරුණු හෙළි වී තිබේ.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් 3,000ක් පමණ දිවයින පුරා පිහිටා තිබෙන බවත් මෙම ඉඩම් සියල්ලේ ම කොස් වගා කර ඇති අතර එම ගස්වල හට ගන්නා ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට වැටී කුණු වී යන බව නිලධාරීන් එහිදී පෙන්වා දී තිබේ.

ආහාර අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ පෝෂණ ගුණය බහුල කොස්, දෙල් වැනි ආහාර අපතේ යෑම වැළැක්විය යුතු බව ත් වන සංරක්ෂණ ඉඩම්වල ඇති කොස් පලදාව නෙළා ගැනීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් ඇමතිවරයා පැවසීය.

රක්ෂිත ඉඩම්වලට යාම නීති විරෝධී බැවින් ඒවාට ඇතුළු වීමට බොහෝ දෙනා බියක් දක්වන නිසා කොස් පලදාව නෙළා ගැනීම සඳහා පමණක් මුදල් අය කිරීමකින් තොරව වන රක්ෂිතවලට ඇතුළු වීමට බලපත් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි ඔහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ය.

කොස් ආශ්‍රිතව ආහාර විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමේ හැකියාව ඇත ත් ඒ සම්බන්ධව විධිමත් දැනුමක් මහ ජනතාවට නැති නිසා කොස් ආශ්‍රිත නිෂ්පාදන හා ඒවා විජලනය කර ආහාර කල්තබා ගැනීම, පලතුරක් ලෙස අපනයනය කිරීම සම්බන්ධව වැඩපිළිවෙළක් ද කෘෂිකර්ම අමාත්‍යංශය හා ඒකාබද්ධව ඇරඹිය යුතු බව ද ඇමතිවරයා මෙහිදී අවධාරණය කර තිබිණි.

Last modified on Friday, 03 June 2022 10:15

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us