ජවිපෙ සාමාජිකයන්ටත් ලැජ්ජා හිතෙන, අනුර දැන් කියන කතාව Featured

Friday, 12 August 2022 12:14

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා කළ ආරාධනාව ප්‍රතික්ශේප කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබිණි. එම ලිපියට පිළිතුරක් මේ වන විට ජවිපෙ නායකයා විසින්ද ජනාධිපතිවරයාට යොමු කර තිබේ.

මේ ලියුම් ගනුදෙනුවට වඩා එක මේසයක වාඩි වී මේ ගැන කතා බහ කර එළඹෙන එකඟතාවයක් හෝ නොඑකඟතාවයක් ගැන රට වැසියාට දැනුම් දුන්නානම් වඩා වැදගත් විය හැකි නමුත් ඒ අවස්ථාවද ජවිපෙ මඟ හැර ඇත.

කොහොම නමුත් අවසන් වශයෙන් ජවිපෙ නායකයා යොමු කරන ලද ලිපියෙන් පැහැදිලි වන්නේ කිසිදු ආකාරයේ එකඟතාවයකට ජවිපෙ ඇති නොකැමැත්තයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් සියලු පාර්ශ්වයයන සර්වපාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා ඇති එකඟතාවය පිළිගනිමින් මේ අසීරු මොහොතේ අවම කොන්දේසි යටතේ එකතු වී රට වැටී තිබෙන අර්බූදයෙන් ගොඩගැනීමට හැකි පමණින් දායක වීමට තරම් නම්‍යශීලී වී ඇත. එහෙත් ජවිපෙ සිටින්නෙ කවර ලෙසකින්වත් මේ අර්බුදයෙන් රට ගොඩගැනීමට දායක නොවිය යුතුය කියන දැඩි ස්ථාවරයේය.

මේ මොහොතේ රටේ දේශපාලනය

බලය අත්පත් කරගැනීමේ හුදු පාර්ශ්වික චේතනාවෙන්ම කටයුතු කරන පක්ෂයකට එවැනි තීන්දු තීරණ ගත හැකිය. එය ඔවුන්ගේ අයිතියකි. පක්ෂ දේශපාලනය පදනම්වන්නෙම ආණ්ඩු බලය අත්පත් කරගැනීම වෙනුවෙනි.. එහි වරදක් නැත.

එහෙත් මේ මොහොතේ රටේ දේශපාලනය විය යුත්තේ එවැනි ප‍ටු දේශපාලනික වුවමණාවන් සන්තර්පනය කරගැනීම වෙනුවෙන් නොවෙන බවත් පැහැදිලි කරුණකි.

සර්වපාක්ෂික වැඩ පිළිවෙලක අවශ්‍යතාවය ගැන සාකච්ඡාව එන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන කාලයේ සිටමය. එදා ඔහු විසින් කළ ඇරයුමද ජවිපෙ ඇතුළු පක්ෂ කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබුණු නමුත් අගමැති තනතුර සඳහා පොර කෑමක්ද ඔවුන් වෙතින් ප්‍රකට කෙරිණි. ඒ අතර ජවිපෙ නායකයාද සිටියේය.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ධුරය අත්හැර ගෝස් ඇති අතර රනිල් වික්‍රමසිංහ එම තනතුරට පාර්ලිමේන්තුව විසින් පත් කරගෙන ඇත. රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපති තරගයට ඩලස් අලහප්පෙරුම මෙන්ම අනුර කුමාර දිසානායකද ඉදිරිපත්ව සිටියේ මේ ජනාධිපති තනතුර අත්පත් කරගැනීම වෙනුවෙනි. අගමැතිධුරයටත් ජනාධිපතිධුරයටත් ජවිපෙ නායක අනුර කෙල හලමින් සිටිය බව අමතක නොකර ඔහු අවසන් වශයෙන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය කියවිය යුතුය.

අනුරට මඟ හැරුණු අවස්ථාව

මෙම ලිපිය ම‍ඟින් ජනාධිපතිවරයා සමඟ වන සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ කරුණ ලෙස දක්වා ඇත්තේ මේ එයට අවස්ථාව නොවන බවත් ඒ අවස්ථාව මඟ හැරුණු බව අවධාරණය කරමිනි. එහෙත් 08 වෙනිදා සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමට පෙර දිනයේදී සාකච්ඡා සඳහා 09 වෙනිදා පැමිණෙන බව ජනාධිපතිවරයාට දන්වා තිබිණි. ඒ මොහොතේ දී සාකච්ඡාව සඳහා මේ අවස්ථාව නොවන බව ජවිපෙට තීරණය කරගැනීමට නොහැකි වී තිබුණේ කවර අභග්‍යයකට දැයි ජවිපෙ නායකයා මෙතෙක් පැහැදිලි කර ද නැත.

දැන් ජවිපෙ නායක අනුර කියන අවස්ථාව වන්නේ ගොඨාභය රාජපක්ෂ ධුරය අත්හල අවස්ථාවේදී සර්වපාක්ෂික ආණ්ඩුව පිහි‍ටුවිය යුතුව තිබුණු බවය.

කෙසේ නමුත් තවමත් ඇත්තේ ඒ අවස්ථාවය. ආණ්ඩුවක් පිහි‍ටුවීමට කලින් ව්‍යවස්ථානුකූලව සිදු විය යුතු මූලික කරුණ, හිස් වූ ජනාධිපතිධුරයට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු තෝරා පත් කරගැනීමය. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් පවත්වා ජනාධිපතිවරයා ‍තෝර ගනු ලැබීය.

රනිල්ගේ ආණ්ඩුව

ඉන් පසුව ජනාධිපතිවරයාට අගමැතිවරයකු නම් කර ආණ්ඩුවක් පිහි‍ටු වීමේ අවස්ථාව ව්‍යවස්ථාවෙන්ම හිමිවේ. එහෙත් ඒ මොහොතේත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුව ගැනීම සඳහා වන සකච්ඡාවන් සිදු කෙරෙමින් තිබුණු අතර ජනාධිපතිවරයා පැහැදිලිවම අවධාරණයෙන් පවසා සිටි කරුණ වූයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමේ එකඟතාවයකට සියලු පක්ෂ පැමිණ පසුව එම ආණ්ඩුව පිහි‍ටු වන තෙක් තාවකාලික ආණ්ඩුවක් පිහි‍ටුවීමට කටයුතු කරන බවය. මන්ද ආණ්ඩුවක් නොමැතිව රටේ කටයුතු ඉදිරියට පවත්වගෙන යෑමේ දුක්ෂරතාවය පවතින බැවිනි. ඒ මොහොත වන විටත් ආණ්ඩුවක් නොපැවැති දින කිහිපයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ගත යුතු මුල්‍යමය කරුණු මඟ හැරීම නිසා මෙරට ඉන්ධන ආනයනය කටයුතු පවා කල් දැමිමට සිදු විය. අයි එම් එෆ් සාකච්ඡ පවා කර දැමීමට සිදුව තිබිණි.

ඒ අනුව දිනේශ් ගුණවර්ධන අගමැතිවරයා ලෙස නම් කර කැබිනට් මණ්ඩලයක් පිහි‍ටුවීම සිදු කෙරිණි.

අලුත් ආදර්ශයක්

රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ ඊට විසඳුමක් ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය බව කියමින් දිගින් දිගටම පාර්ලිමේන්තුව දෙදරවමින් උද්වේගකර කතා පැවැත්වූ සියලු පක්ෂ වලට ඒ සඳහා තමන්ගේ අවංක වුවමණාවක් තිබුණා නම් ඔවුන්ට ඒකරාශී වී ඒ ගැන සාකච්ඡා ආරම්භ කිරීමේ හැකියාව තිබිණි. කොටින්ම ආණ්ඩුවක් පිහිටුවා රටට අලුත් ආදර්ශයක් පවා දිය හැකිව තිබිණි.

එහෙත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සාකච්ඡා සිදු කරමින් පාර්ලිමේන්තුව එම වුවමණාව වෙනුවෙන් පොළඹවා ගැනීමද අවසානයේදී කරන්න සිදුවූයේ ජනාධිපතිවරයාටමය. මේ දක්වාත් මේ පක්ෂ සහ කණ්ඩායම් පස්සෙන් පන්න පන්නා මේ වෙනුවෙන් එකඟතාවයක් ගොඩ නඟාගැනීමට ජනාධිපතිවරයා මහන්සි වෙන බව පැහැදිලිව තිබේ.

මේ අනුව ජවිපෙ විසින් ප්‍රකාශ කරන කරුනු කාරණා මත ගොඨාභය ඉවත්ව යන මොහොතේම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට අසමත් වීම නිසා දැන් එයට අවස්ථාවක් නැතැයි කීම තනිකර විකාරයකි. එමෙන්ම පට්ටපල් බොරුවකි.

ජවිපෙ බැරිකම

ආණ්ඩුවකට එක්වී රටත් ජනතාවත් අද මුහුණ දෙමින් තිබෙන අර්බුදයයන්ට විසඳුම් සොයා ගැනීමට තිබෙන අවස්ථාව ජවිපෙ මඟ හරින්නේ මේ මොහොතේ ආණ්ඩුකරණය වඩාත් අසීරු දුෂ්කර තත්වයක් නිසා එයට මුහුණ දීමට ජවිපෙට ඇති නොහැකියාව නිසා නොවේ නම් මේ දුෂ්කර මොහොත ජය ගැනීමට කවර ආණ්ඩුවකට හෝ හැකියාවක් නැතැයි උපකල්පනය කර ආණ්ඩු පාක්ෂිකයන් සියලු දෙනා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමෙන් එළඹෙන මැතිවරණයකදී ජනතාව එම පක්ෂවලට ඡන්දය ලබා දීම නොකරනු ඇති බවට වන විශ්වාසය අනුව විය හැකිය.

ජවිපෙ දිගින් දිගටම මහ මැතිවරණයක්ම ඉල්ල සිටින්නේ මේ මොහොතේ ආණ්ඩුව පිරිහී යාමට ඉඩ හැර එළඹෙන මැතිවරණයෙන් රට ගොඩ නගන්න හැකි එකම පක්ෂය නැතිනම් ඉතිරිව තිබෙන එකම පක්ෂය හැටියට ජනතාව ඉදිරියට පැමිණ ජනතා කැමැත්ත ඩැහැ ගැනීමේ වුවමණාව අනුවය. එය පැහැදිලිය.

අනාගත දේශපාලන බල ව්‍යපෘතියක් නැති මන්ත්‍රීවරයෙක්

ජවිපෙ ලියුමේ හැටියට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවීමට ඔවුන් කළ පෙර යෝජනාවලිය අනුව ඇති පළමු යෝජනාව වී තිබුණේ හිස් වූ ජනාධිපතිධුරයට ' අනාගත දේශපාලන බල ව්‍යපෘතියක් නැති මන්ත්‍රීවරයකු ‍තෝරා පත්කර ගැනීම ' විය යුතු බවය.

දැන් මේ 'අනාගත දේශපාලන බල ව්‍යපෘතියක් නැති' මන්ත්‍රීවරයකු අවශ්‍ය බවට කරන අවධාරණයද නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව චුට්ට්ටකුත් ඕනෙයි කියන්නා ලෙස කරන යෝජනාවකි.

අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක් නැති මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ සිටිය හැකිද? සෑම මන්ත්‍රීවරයකුම නියෝජනය කරන්නෙ දේශපාලන ව්‍යාපෘතියකි. එසේ නොමැතිව හෙට අනිද්දා ජීවිතයෙන් සමු ගනියි කියා හිතන වයෝවෘද්ධ මන්ත්‍රීවරයකු ගැනද මේ ජවිපෙ යෝජනා කරන්නේ කියන ගැටලුවද මේ තුළ ඇත. ඒ කියන අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක් නැති මන්ත්‍රීවරයා සොයසොයා සිටියා නම් තවමත් රටට ජනාධිපතිවරයකු නැත.

එහෙත් මෙහෙම කියන ජවිපෙද ජනාධිපතිධුරය වෙනුවෙන් සිය නායකයා අනුර දිසානායකව ඉදිරිපත් කළේය. එය අනාගත දේශපලන බල ව්‍යපෘතියක් නොවේද? ජවිපෙට එහෙම අවංක වුවමණාවක් තිබුණා නම් එවැනි අනාගත අපේක්ෂා නැති මන්ත්‍රීවරයකු වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬ නැගීමට හෝ එවැනි මන්ත්‍රීවරයකු යෝජනා කිරීමේ හැකියාවක් තිබිණි. එහෙත් ජවිපෙ එසේ කළේ නැත. තම නායකයා ඉදිරිපත් කළේය.ඒ නිසා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවීමෙ ජවිපෙ යෝජනාවලියේ පදනමම තනිකර බොරුවකි.

ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ පහසු ඉලක්කය

ජවිපෙ ඇත්තම වුවමණාව රට වළපල්ලට යන්න ඉඩ දී අනේක විධ පීඩාවන්ට ලක්වෙන ජනතාව රවටා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ පහසු ඉලක්කය වෙනුවෙන් දේශපාලනය ක්‍රියාත්මක කිරීමය.

ජනතාව වෙනුවෙන් දිවි පුදා සටන් කළ අභිමානවත් දේශපලන ඉතිහාසයක් ඇති පක්ෂයක් අද වැටී තිබෙන නරුම ආස්ථානය අතිශය කණගා‍ටුදායක තත්වයකි. පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දිවි පිදු එම පක්ෂයේ හිටපු නායක රෝහණ විජේවීර මෙන්ම ලක්ෂයක් පමණ වන පක්ෂ අනුගාමිකයන්ට කළ හැකි කැතම නින්දිතම අපහාසය සහ එම සටන පාවා දීම අද ජවිපෙ නායකත්වය විසින් නිර්ලජ්ජිතව සිදු කරමින් සිටින බව ඉතා පැහැදිලිව පෙන්වා තිබේ. මේ ගැන වත්මන් ජවිපෙ සාමාජිකත්වයද ලැජජා විය යුතුය.

-SJ

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us