ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් විවෘත කෙරේ !

Friday, 06 October 2023 15:23

තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි.

කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. රෝහලට ආසන්නයේ පිහිටා තිබීම නිසා මෙය වෛද්‍යවරුන් සහ රෝගීන් ඇතුළු සියලුම දෙනාට ඉමහත් පහසුවක් වනු ඇත.

විශේෂයෙන්ම මෙය මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ප්‍රයත්නයෙහි වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි වේ. මෙම ව්‍යාපෘතියට පිටුබලය සපයන ලද්දේ, මෙරට කාන්තාවන් සහ දරුවන් සඳහා සෞඛ්‍ය සේවාවන් සැපයීමේ ප්‍රමුඛයෙකු මෙන්ම විශේෂ කාණ්ඩ සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහල් අතර විශාලතම රෝහල වන නයින්වෙල්ස් රෝහලයි. නයින්වෙල්ස් රෝහල ලොව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහතික කිරීමේ ගෝලීය මට්ටමේ ප්‍රයත්නයක් වන UN Global Compact හි කාන්තා සමානාත්මතා වැඩසටහනේ සාමාජිකයෙකුද වේ.

මෙම Lanka IOC ඉන්ධන පිරවුම්හල නවතම තාක්ෂණික අංග රැසකින් සමන්විත ය. විශේෂයෙන්ම නව පෙරළිකාරී තාක්ෂණයක් වන, ගනුදෙනුවල කාර්යක්ෂමතාව ඉහළ නංවන NPND (No Print, No Delivery) ක්‍රමවේදයද මෙහි භාවිතා වේ. මෙම ක්‍රමවේදය යටතේ කිසියම් පාරිභෝගිකයෙකු වෙත සේවාවන් සපයනු ලබන්නේ පෙර පාරිභෝගිකයාට හිමි විය යුතු ලදු පත ඔහු හෝ ඇය වෙත ලැබුණු පසුව පමණි.

ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, Access සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා සහ Lanka IOC PLC හි කළමනාකාර අධ්‍යක්ෂ දීපාක් දාස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

“මෙය මා ගොස් ඇති ඉන්ධන පිරවුම්හල් අතරින් හොඳම පිරවුම්හලක් බවට කිසිදු සැකයක් නැහැ. LIOC, Ninewells සහ Access Group වැනි දැවැන්ත සමාගම් එක් වී අත්කරගෙන ඇති මේ ජයග්‍රහණය සැබැවින්ම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වේගවත් කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ මෙවැනි හවුල්කාරීත්වයන් කියා මා සිතනවා. ඔවුන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් මා ඔවුන්ට හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා.” විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසී ය.

නව ඉන්ධන පිරවුම්හලේ ස්වයංක්‍රීයව මිලගණන් සටහන් වන නිසා සියලුම ඉන්ධන වර්ග වඩාත් නිවැරදි සහ යාවත්කාලීන වූ මිලගණන් යටතේ ලබාගත හැකි වේ. LP 92, LP 95, Lanka Auto Diesel, Lanka Super Diesel, Extra Premium Euro 3 සහ Extra Mile Diesel ඇතුළු ඉන්ධන වර්ග, ලිහිසි තෙල් වර්ග සහ Laugfs LP ගෑස් සිලින්ඩරද මෙහිදී මිලදීගත හැක.

“ඉන්ධන පිරවුම්හල් දැන් හුදෙක් ඉන්ධන අලෙවි කිරීමෙන් ඔබ්බට ගොස් විවිධාකාර වූ සේවාවන් සපයනවා. මේ ආකාරයට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් පිරිසක් සමග එක් වී, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් ගෙනෙන සහ රටට නව ආදර්ශයක් සපයන ඉන්ධන පිරවුම්හලක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්.” ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා පැවසී ය.

ඉන්ධන අලෙවි කිරීමට අමතරව මෙම පිරවුම්හලේදී රථවාහන පිරිසිදු කිරීමේ සේවාවන්, ටයර් සම්බන්ධ සේවාවන් සහ Wheel Alignment සේවාවන් ඇතුළු තවත් සේවාවන් රාශියක්ද ලබාගත හැකි වේ. මීට අමතරව පාරිභෝගිකයන් වෙනුවෙන් Café 9 ආපනශාලාවක්ද එහි විවෘත කර ඇත. Absolute Detailing සහ Tyre Shop by Access Motors යන සමාගම් පාරිභෝගිකයන් ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමි වන සේවාවන් ලබාදීමට සූදානමින් සිටී.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us