මීපුර, ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයෙන් ගෞරව සම්මානයක්!   Featured

Saturday, 25 November 2023 20:45

නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ (East Timor /Timor-Leste) ජනාධිපති රාමෝස් හොර්ටා විසින් විශේෂ ගෞරව පදක්කමක් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට පිරිණමා ඇත.

මේ මස 27 (නොවැම්බර් 27, 2023) වෙනිදා නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පැවැත්වෙන උත්සවයකදී මෙම පදක්කම පළදවුනු ඇත. මේ වන විට ෆ්‍රෙඩී ගමගේ මහතා නැගෙනහිර ටිමෝරය බලා පිටත්ව ඇත.

 ඉන්දුනිසියාවට යාබදව පිහිටා ඇති වර්ග සැතපුම් 5,743 ක පමණ කුඩා භූමියක් සහිත නැගෙනහිර ටිමොරයේ නිදහස් සටන දශක කිහිපයක් පුරා පැවැතුනකි. පෘතුගීසි යටත් විජිතයක්ව පැවැති නැගෙනහිර ටිමොරය 1975 නොවැ 28වෙනිදා නිදහස ලැබු අතර එදිනම ටිමෝරියානුවන් සිය නිදහස් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම සිදු කළේය.

වත්මන් ජනපති රමෝස් හොර්තා ඒ නිදහස් රාජ්‍යයේ පළමු විදේශ ඇමතිවරයා විය. එහෙත් නැ.ටිමොරය සිය රජය පවත්වාගත හැකිව තිබුනේ දින කිපයක් පමණි.
1975 දෙසැම්බර් 07වනදා ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරය බහලත්කාරයෙන් අල්ලාගෙන ම්ලේච්ඡ පාලනයක් ගෙන ගියේය.

මෙම පාලනයට එරෙහිව නැ.ටිමොර ජනතාව පෙරමුණු දෙකකින් සටන් කළේය. ඉන් එකක් වුයෙ ගරිල්ලා සටනයි. අනික වුයේ ලොව පුරා රටවල සහයෝගිතාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වු පුළුල් වැඩපිළිවෙලයි. මේ යටතේ 1994 මැයි මාසයේ පිලිපිනයේ මැනිලා නුවරදි සංවිධානය කෙරුණු නැ.ටිමොර ආසියා පැසිපික් පළමු සමුළුව තහනම් කරන ලෙස ඉන්දුනීසියාව විසින් පිලිපින රජයට බලකර සිටියේය.

කෙසේ වෙතත් සංවිධායකයන්ට අධිකරණයට ගොස් තිබුණ අතර එහිදි තීන්දු වුයේ සමුළුව පැවැත්විමට ඉඩ දිය යුතු බවය. එහෙත් විදේශිකයන්ට එය තහනම් විය.
එයට සහභාගිවිමට මැනිලා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගිය ෆ්‍රෙඩී ගමගේ,ඇතුලු පිරිසව රටින් පිටුවහල් කිරිමට සුදානම් වෙද්දි මේ අවස්තාව වාර්තා කිරිමට පැමිණි සිට මාධ්‍යවේදීන් අවධානයට නැගෙනහිර ටිමොර් නිදහස් අරගලය ගැන යොමුකරමින් ෆ්‍රෙඩි ගමෙග් මැනිලා ගුවන් තොටුපල මධ්‍යයේ විනාඩි 5ක පමණ කතාවක් පැවැත්විය.
එසැනින් ලොව පුරා මේ පුවත ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පලමු පුවත බවට පත්විය. ලංකාවේද පුවත් පත් කිපයක් ජායාරූප සහිත මුල්පිටු ජායාරුපයක් බවට මෙය පත්ව තිබිණි.

එතැන් පටන් ටිමොරයට නිදහස ලැබෙන තෙක්ම මෙරට ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඉදිරිපිටදි සෑම වසරකදිම විරෝධතා සංවිධානය කිරීමද ෆ්‍රෙඩී ගමගේ ප්‍රමුඛව "තුන්වන ලෝකයේ මිතුරෝ'' සංවිධානය විසින් සිදු කළේය.

කෙසේ නමුත් 1999 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ස්වයං නිර්ණ පනතක් මගින් ඉන්දුනීසියාව භූමියේ පාලනය අත්හැරීමට කටයුත් කළ අතර ටිමෝර්-ලෙස්ටේ ලෙස, එය 2002 මැයි 20 වන දින 21 වන සියවසේ පළමු නව ස්වෛරී රාජ්‍යය බවට පත් විය. නැ. ටිමොරයේ මුළු ජනගහනය මිලියන 1.2 ක් පමණ වේ.

ෆ්‍රෙඩී ගමගේ නැගෙනහිර ටිමොරයේ නිදහස් අරගලයට කළ ඒ දායකත්වය සිහිකරමින් ගෞරව සම්මාන පදක්කම් පිරිනැමිමට ඒම රජය තීරණය කරන්නේ ඒ අනුවය.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් අත්නොහරින අරගලයක යෙදී සිටින ෆ්‍රෙඩී ගමගේ මහතා පාසල් ජීවිත කාලය තුළදී පවා තම කාලය සහ ශ්‍රමය වැය කළේ පීඩිතයින්ගේ නිදහස වෙනුවෙනි. 1979/81 කාල වකවානුවේදී මීගමුව ශාන්ත මරියා මහා විදුහලේ උසස් පෙළ සිසුවකු ලෙස කටයුතු කරන කාලයේ දී මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය ස්ථාපිත කර එය ඉදිරියට ගෙන යාමට යොවුන් ෆ්‍රෙඩී ගමගේ මහතා කටයුතු කර තිබිණි.

මේ අතර බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස බී.ඒ උපාධියත්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව උසස් ඩිප්ලෝමාවත් ලබා ගත්තේය.පසුව "තුන්වන ලෝකයේ මිතුරෝ'' නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඔහු විවිධ සමාජ ක්‍රියාකාරකම් වල නිරත විය.

මේ නිසාම ඔහුට මරණ තර්ජන වලට මුහුණ දීමට සිදු වූ අතර 88/ 89 භීෂණ සමයේදී තම ජීවිතය බේරා ගැනීමට දේශපාලන සරණාගතයෙක් ලෙස පිලිපීනයේ ගත කිරීමට සිදුවිය. නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලයට වැඩි දායකත්වයක් ලබා දීමට ඔහුට අවස්ථාව සැලසෙන්නේ එම කාල වකවානුවේදීය.

මීගමුව කේන්ද්‍ර කරගත් 'මීපුර' ප්‍රාදේශීය පුවත්පත ආරම්භ කළ ෆ්‍රෙඩී ඉතාමත් අවම පහසුකම් යටතේ එය ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති පුවත්පතක් බවට පත් කළ අතර හා මීපුර වෙබ් අඩවිය ද අද ජනප්‍රිය පුවත් වෙබ් අඩවියකි.

මෙම මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා මැර දේශපාලනය දේශපාලනයේ ගොදුරක්ව රෝහල් ගතවීමට පවා ඔහුට සිදු විය.

east timoreast timor1east timor 3east timor 2east timor 6east timor 8east timor 4east timor 7east timor 5

Leave a comment

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us