කෝට්ටේ–නාවල යා කරන ලංකාවේ දිගම ගුවන් පාලම අවසන් අදියරේ Featured

Saturday, 17 February 2024 22:51

නාවල – අංගම්පිටිය ගුවන් පාලම් මාර්ගයේ ඉදිකිරීම කටයුතු අවසන්කර මහජනතාවට විවෘත කිරීම ජූලි මාසයේදී සිදුවෙනු ඇති බව වාර්ථා වේ.

මීට වසර 4 කට පමණ පෙර මෙහි වැඩ කටයුතු ආරම්බ වුවත් පරිසර සංවේදී කලාපයක් වන බැවින් කෝට්ටේ හා නාරාහේන්පිට යා කිරීමේ මාර්ගයක් නාවල – අංගම්පිටිය හරහා ඉදි කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවට පර්සරවේදීන්ගේ විරෝධය සහ කොඩිඩ වසංගත සමයත් පසුව පැමිණි ආර්ථික අර්බුදය ආදී හේතු නිසා ඉදිකිරීම කටයුතු අඩාල වී තිබිණි.

නුගේගොඩ සිට වන පිටකෝට්ටේ (බත්තරමුල්ල) මාර්ගය සහ නුගේගොඩ නාවල (රාජගිරිය) මාර්ගය සම්බන්ධ කරමින් නාවල රාජගිරිය ඇළ (කොලොන්නාව ඇළ) හරහා ඉදි කෙරෙන නාවල – අංගම්පිටිය පාලමේ ඉදි කිරීම් අවසන් කිරීම සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 900ක මුදලක් වෙන්කරනු ලැබීය.

මීටර් 700ක දිගින් යුතු මෙම පාලමේ පළල මීටර් 10.4 කි. එහි ඉදි කිරීම් සඳහා ඇස්තමේන්තු ගත සමස්ත පිරිවැය රුපියල් මිලියන 2600ක්‌ විය. කොවිඩ් සමයට පෙර එහි වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වියදම් කර එහි වැඩ කටයුතු සිදු කර තිබුණි.

flyover nawala

පාලමේ ඉදි කිරීම අවසන් වීමෙන් පසුව කෝට්ටේ සිට නාරාහේන්පිට දක්වා නුගේගොඩ හරහා යාමට ගත වූ කාලය විනාඩි 10ක් පමණ දක්වා අඩු වනු ඇත. එමෙන්ම කෝට්ටේ සිට කිලෝමීටර් 7.5කට ආසන්න දුරක් ගෙවා නාරාහේන්පිට දක්වා යා යුතු වූ දුරද අඩකටත් වඩා අඩුවනු ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක මේ ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (SD & CC) විසිනි.

මේ පාලම ඉදි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ (SD & CC) සභාපති කුෂාන් දේවින්ද පැවසුවේ මේ ඉදි කිරීම තුළින් රටට අංශ කිහිපයකින් වාසි සැලසෙන බවයි.

‘‘සමහරු හිතන්නෙ අලුතින් පාලමක් ඉදි කිරීම සාමාන්‍ය දෙයක් ලෙසින්. නමුත් නාගරිකව මේ වගේ පාලමක් ඉදි කරනව කියන්නෙ. එම නගරය හා ආශ්‍රිතව ඇති විශාල මාර්ග තදබදයක් දුරු කිරීමයි. ඒ හරහා ජනතාවගේ වටිනා කාලය ඉතිරි වනවා පමණක් නෙමෙයි රටින් ඉන්ධන ආනයනයට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණයකුත් අපට ඉතිරි වනවා.

මේ වෙනකොට විශාල රථ වාහන තදබදයක් කෝට්ටෙ, බත්තරමුල්ල, නාවල, නාරාහේන්පිට ආශ්‍රිතව තියෙනවා. විශේෂයෙන්ම උදේට සහ හවසට. ඒ සම්බන්ධව වාර්තා අරගෙන තමයි මේ වගේ පාලමක අවශ්‍යතාව මතුව තිබුණෙ. ඒ අවශ්‍යතාව අනුව තමයි මේ පාලම ඉදි කිරීම ආරම්භ වුණේ.

විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදි කිරීමෙන් පස්සෙ කොට්ටාවෙන් හා අතුරුගිරිය හුවමාරුවලින් පිටතට පැමිණෙන වාහන නිසා අධික වාහන තදබදයක් තියෙනවා. විශේෂයෙන්ම බත්තරමුල්ල, තලවතුගොඩ, කෝට්ටෙ ප්‍රදේශ හරහා තමයි ඒ අධිවේගයේ පැමිණෙන වාහන වැඩි සංඛ්‍යාවක් ගමන් කරන්නෙ.nawala flyover map

අංගම්පිටිය පාලම ඉදි කිරීමෙන් පසුව මේ රථ වාහන තදබදය විශාල ලෙසින් අඩු කරගන්න පුළුවන් වෙනවා. කෝට්ටෙ සිට නාවල පාසල් මාවත හරහා කිරිමණ්ඩල මාවතෙන් නාරාහේන්පිට දක්වා යන්න පුළුවන්.

අංගම්පිටිය පිවිසුමට දෙපසකින් පැමිණිය හැකි නිසා මාර්ග දෙකින් එක් මාර්ගයක් පැමිණීමටත් අනෙක් මාර්ගය පිටවීමටත් යොදා ගැනෙන අතර ඒ පරිද්දෙන්ම පාසල් මාවත පිවිසුමට ද මාර්ග දෙකක් තිබෙන නිසා එම පෙදෙසටද එක් පසෙකට ගමන් කළ හැකි පරිදි මාර්ග දෙක වෙන් කිරීමට කටයුතු කරන හෙයින් මාර්ග තදබදයක් ඇති නොවන පරිදි පාලමට පිවිසෙන මාර්ග දෙකම එක් පසෙකින් පැමිණීමටත් නෙක් පසින් යෑමටත් හැකිවන පරිදි පහසුව සැලසෙනවා.

මේ මාර්ගයේ බරවාහන ගමන් කළ හැකි වුණත් අපි බලාපොරොත්තු වන්නේ සැහැල්ලු වාහන ගමන් කිරීම පමණයි. මේ වන විට ඉංජිනේරුවන් 06 දෙනකු ඇතුළත්ව 30 දෙනකු පාලමේ වැඩ කටයුතු කඩිනම් කිරීම පිණිස සේවයේ යොදවා තියනවා. අපි මාස 5ක් ඇතුළත ඉතිරි වැඩ කටයුතු නිම කරනවා. ඇත්තෙන්ම දැන් ඉතිරිව තියෙන්නෙ මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා දෙපස ඉදි කිරීම පමණයි.

දිගම ගුවන් පාලම ලෙසින් ඉදි වන මේ පාලම සම්පූර්ණයෙන්ම කුලුනු මත ඉදි වෙන්නෙ. ඒ කුලුනු මත ඉදි කිරීම නිසා කිසිදු ආකාරයක පරිසර හානියක් සිදු වන්නේ නැහැ. විශේෂයෙන්ම වගුරු බිම් හරහා ඉදි වන මේ පාලම නාවල ඇළ (කොලොන්නාව ඇළ) හෝ අවට භූමීන්ට කිසිදු ලෙසකින් හානිවන ලෙසින් ඉදි කර නැහැ. ගුවන් මාර්ගයක් වන හෙයින් පරිසර හානි සිදු වීමක් කිසිසේත්ම සිදු වන්නේ නැහැ.''

අතරමඟ නතරව තිබු මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය බන්දුග ගුණවර්ධන පවසන්නේ, අවස්ථා කිහිපයකදී මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වත්මන් ජනාධිපතිතුමා වෙත විශේෂ කරුණු දැක්වීමක් සිදුකර මෙම ව්‍යාපෘතියේ අවසන් අදියරේ පවතින කටයුතු නිමාවට පත් නොකිරීම විශාල අපරාධයක් බව පෙන්වා දුන්නා. මෙම වසර තුළ නිම කළ කටයුත්තක් වශයෙන් මෙම පාලමේ ඉදි කිරීම් අවසන් කිරීමට රුපියල් කෝටි අනූවක මුදලක් මෙවර අය වැයෙන් ජනාධිපතිතුමා විසින් අනුමත කර දී තිබෙනවා. ඒ අනුව මේ මෙම පාලමේ අවසන් අදියරේ ඉදි කිරීම් මෙලෙස ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එළඹෙන ජූලි මාසය අවසන් වන විට මෙම පාලම පොදු ජන අයිතියට පත් කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය සහ දායකත්වය අඛණ්ඩව අවශ්‍ය වෙනවා.” යනුවෙනි.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us