Rubik කැටෙන් මතු වූූ අසම සම ලෝක සූරයා   Featured

Thursday, 16 May 2024 21:14

අද ලියන්න යන්නේ Max Park නැමැති Speed cubing ලෝකයේ අසම සම රජු ගැන. Speed cubing කරන හැමෝම කථා කරන කෙනෙක් තමයි Max park. ඔහු තමයි 3x3x3 අඩුම කාලය ලෝක වාර්තාව 3.134  හිමිකම් කියන්නේ.


ඒ විතරක් නෙමෙයි ඔහු 7x7x7, 6x6x6, 5x5x5, 4x4x4 සහ 3x3x3 one hand අඩුම කාලය වාර්ථා සියල්ලටමත් හිමිකම් කියනවා. ඇතැම් වාර්ථා ඔහු විසින්ම නැවතත් අළුත් කරලා තියෙනවා. ලෝක ශූරතා 10ක් සහ ඇමරිකානු ජාතික ශූරතා 22ක් හිමිකරුවෙක්

හැබැයි මේ විස්තරයට වඩා කවුද මේ මැක්ස් පාක් කියලා ගොඩක් අය දන්නෑ. ඒක නිසා අද අපි දිග හරිමු ඔහුගේ කථාව.

මැක්ස් කොරියානු සම්බවයක් ඇති කැලිෆෝනියාවේ ජීවත් වෙන ඇමරිකන් ජාතිකයෙක්. තාම වයස අවුරුදු 22ක් පමණයි. "මෙච්චර ලෝක ශූරයා ගේ සම්මුඛ සාකච්ඡාවක් කවුරුවත් ගන්නේ නැද්ද?" කියලා මම හිතපු වාර අනන්තයි.

පස්සේ තමයි මම ඔහු ගැන කරපු සැබෑම වීඩියෝ වලින් සැදි Netflix ඩොකියුමෙන්ට්‍රිය The Speed Cubers දකින්නේ. ඒක හැමෝම බලන්නම ඕන ඩොකියුමෙන්ට්‍රියක්.

Max උපතින් දරුණුම තත්වයේ ඔටිසම් ළමයෙක්. මුල්ම අවධියේ දෙමව්පියන් හිතන්නේ ඔහු බිහිරි ළමයෙක් කියලා. මොකද ඔහු වසර කිහිපයක් යනතුරු දෙමව්පියන්ට කිසිම ප්‍රතිචාරයක් දක්වන් නෑ. ඔහු ගොඩක් ලොකු වෙනකන්ම ඉන්නේ තමුන්ගේ ම ලෝකයක. තමුන් කරන වැඩේට තියුණු ෆෝකස් එකක් තියෙන ඔහු අවට පරිසරය ගැන කිසිම අදහසක් නෑ. ඔහුගේ මව තේරුම් ගන්නවා ඔහු තම ලෝකයට ගෙන්වාගන්න බැරි බව. ඒ නිසා මව දරුවාගේ ලෝකයට යන්න ඕන කියලා. ඇය ඔහු කරන හැම නොදරු වැඩකටම එකතු වෙනවා. එතනින් තමයි මැක්ස් ගේ ලෝකය මුලින්ම වෙනස් වෙන්න පටන් ගන්නේ.

ඔය අතරේ දෙමව්පියෝ දෙන්නා ගොඩක් මහන්සි වෙනවා ඔහුව සාමාන්‍ය ලෝකයේ ජීවත්වීමට අවශ්‍ය මූලික කුසලතා ඇතිකරවන්න. උපකරණයක් අතින් අල්ලලා තමුන්ගේ වැඩක් කරගන්න ඔහු සමත් නැති නිසා ඔහුව යොමු කරනවා පුංචි පුංචි ක්‍රියාකාරකම් වලට. නමුත් ඔහු ඒ කිසිවක් හරියට කරන්න උනන්දු වෙන්නෑ.

ඔහුට ගෙදර තිබුන රූබික් කැටයක් අහුවෙන්නේ ඔය අතරේ. ඔහු ඒක විසදීමට ඉතාම උනන්දුවෙන් උත්සාහ කරනවා. මේක දකින මැක්ස් ගේ මව මුලින්ම YouTube ආධාරයෙන් රූබික් කැටය විසදන්න ඉගෙනගෙන මැක්ස්ටත් උගන්වනවා. එතැන් සිට ඔහු රැයක් දවාලක් නොමැතිව රූබික් කැටය විසදීම ප්‍රගුණ කරනවා. ඔහුගේ මව තේරුම් ගන්නවා මේක තමයි ඔහුගේ ලෝකයට ඇයට සම්බන්ධ වෙන්නත්, ඔහුගේ දුරුවලකම් මඟහරවාගන්නත් ක්‍රමය බව.
ඒක තමයි ලෝක වීරයෙකුගේ කතාවේ ආරම්භය.

ඔහු දිනකට පැය 10ක් පමණ කියුබ් එක එක්ක ගතකරනවා කියලා මම තව තැනක අහලා තිබුනා. මැක්ස් Cubing තරගාවලියකට දෙමව්පියන් රැගෙන යන්න තීරණය කරන්නේ සමාජ හුරුව ඇති කරන්න. ගෙදර පුංචි ලෝකයෙන් මිදෙන්න. ළමයි අදුරගන්න. තරඟයක නීති රීති වලට වැඩ කරන්න. පෝලිමක වාඩි වෙලා ඉන්න. වගේ පුංචි පුංචි දේවල් උගන්වන අරමුණින්.

එතනදී තමයි මැක්ස් මුලින්ම දෙයක් ඇගිල්ලෙන් පෙන්වන්න, කියන්න ඉගන ගන්නේ. ඒක දෙමව්පියන්ට ලොකු ජයග්‍රහණයක්. අපි මේ කතා කරන්නේ අත දරුවෙක් නෙමෙයි අවුරුදු 11-12ක ළමයෙක් ගැන. ඔව් මැක්ස් ඒ තරම් හිමින් වර්ධනය වුන කෙනෙක්. දෙමව්පියන්ට ඊලඟ අභියෝගය ඔහුට පරාජය දරාගැනීම ඉගැන්වීම...

ඔහුගේ දෙවැනි තරගාවලියේ දී මැක්ස් පළමු ස්ථානයක් හිමිකරගන්න සමත් වෙනවා. ඒ සහතිකය ගන්න තනිව ඉදිරියට එන්න තරම් වත් ඔහුට වැටහීමක් නෑ. මව ඔහුගේ අතින් අල්ලං ඇවිත් ඒක අරගන්නේ.

එතැන් සිට මැක්ස් ගේ සිහින තරුව වෙන්නේ එවකට ලෝක ශූර ඔස්ට්‍රේලියානු ජාතික Feliks Zemdegs. මැක්ස්ට ඔහු කරන හොමදේම අනුකරනය කරන්න ඕන වෙනවා. දෙමව්පියන් මැක්ස්ට හැමදේම උගන්වන්නේ Feliks නුත් ඒක කරනවා කියලා.

16 හැවරදි Max 2017 ලෝක ශූරතාවයට එනකොටත් Cubing ලෝකයම දන්න තරුවක් වෙලා. 2017 ලෝක ශුරතාවයේදී මැක්ස් Feliks එකට ක්‍රීඩා කරනවා පළමු වතාවට. එහිදී ඔහු Feliks පරදා 3x3 ශූරතාව දිනාගන්නවා. නමුත් එහිදී දෙමව්පියන්ට ඊට වඩා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ වෙනත් ජයග්‍රහණයකට.
පළමු වතාවට ඔහු පෝඩියම් එක මතදී දෙපැත්තේ ඉන්න ක්‍රීඩකයින් සහතික සම්මාන අල්ලගෙන ඉන්න විදිහ බලලා තනිවම තම සහතික, සම්මාණ බිම තියලා නිවැරදිව නැවත අතට ගෙන ඡායාරූපයට පෙනීසිටීමට සමත් වෙනවා. ඒ වගේ දෙයක් බලලා හදාගන්න ඔහු ඉගණගන්නේ වයස 16දී.

එතැන් සිට Feliks මැක්ස්ගේ හොද මිතුරෙක් වෙනවා. Feliks වසර ගණනාවක් තිස්සේ තබාගෙන සිටි ලෝක වාර්ථා එකින් එක මැක්ස් ඉතාම කෙටි කාලයකින් අයිති කරගන්නවා.

අවුරුදු 17දීත් ඔහු හැසිරෙන්නේ අවුරුදු 7ක විතර කුඩා දරුවෙක් විදිහට. ඔහුගේ මේ ගමන පුරාවට මවත් පියාත් සෙවනැල්ල සේ ලඟම ඉන්නවා. ඔහුගේ හිතේ තියෙන හැගීම් ගොඩක් වෙලාවට පිටවෙන්නේ මුහුනින් සහ කඳුලක් විදිහට විතරයි. ඔහුට අදටත් වාක්‍ය 4 ක් ගලපලා කැමරාවකට කතාවක් කරන්න අමාරුයි. තාම ඔහු ජයග්‍රහණයන් හා පරාජයන් හමුවේ කුඩා ළමයෙක් විදිහට හැසිරෙනවා දකින්න පුලුවන්.

නමුත් ඔහුගේ ඇරඹුම හා අද ඉන්න තත්වය විශ්වාස කරන්නත් අමාරුයි. අම්මා තාත්තාට වත් ප්‍රතිචාර නොදක්වපු ළමයෙක් රූබික් කියුබ් එකකින් ලෝකයක් හොලවලා තියෙනවා. 2019 විතර ඉදන් ඔහුගේ වාර්තා ඔහුම හැර කිසිවක් තාම කඩලා නැති ම තරම්. තව වසර ගණනාවකට ඔහු පැරදවීමත් විශ්වාස කරන්න අමාරුයි.


- පුබුදු ඉන්දික

FB උපුටනයකි

WhatsApp Image 2024 05 16 at 20.21.39 4cbaeca6

WhatsApp Image 2024 05 16 at 20.19.00 4d7c8096

WhatsApp Image 2024 05 16 at 20.20.05 f3ae6757

 

Last modified on Thursday, 16 May 2024 21:23

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us