ජනාධිපතිවරණය, සුබවාදී කඳවුර සහ අසුබවාදී කඳවුර අතර සටනකට පෙරැළේ Featured

Tuesday, 25 June 2024 20:13

දේශපාලනයේ කඳවුරු බේදීම සාමාන්‍ය‍ය දෙයකි. මැතිවරණයක් ආසන්න වෙද්දී කඳවුරු බෙදිල්ලත් සාමාන්‍ය දෙයකි.පසුගිය කාලයේ මේ කඳවුරු බෙදිල්ල විවිධ දේශපාලන ආර්ථික මතිමතාන්තර සමඟ විවිධ විග්‍රහයන්ට පාත්‍ර වෙමින් තිබිණි. දක්ෂිණාංශක කඳවුර සහ වාමාංශික ජාතිකවාදී කඳවුර එහෙම වූ ප්‍රසිද්ධ බෙදිල්ලකි.

රට මුහුණ පා තිබෙනන ආර්බුදයන් හමුවේ ඉදිරි මැතිවරණය ආර්ථිකමය ප්‍රතිපත්ති සාදකය මත කඳවුරු ගත වීම අපේක්ෂා කර තිබිණි. රටට ගොඩගෙන ජනතාවට වඩාත් වාසිදායක වන ආර්ථික ප්‍රතිපත්ති අතර සාකච්ඡාවද පෙරට ගනිමින් තිබිණි. නමුත් මේ වන විට එම දේශපාලන ආර්ථික කඳවුරු බෙදිල්ල අහකට ගොස් සුබවාදි සහ අසුබවාදී ලෙස කඳවුරු බෙදීම ආරම්භ වී ඇත.

ආරංචිය සුබයි යන පොස්ටරයක් විසින් මෙම තිව්‍ර බෙදීම සිදු කර තිබේ. දේශපාලනය වෙනස් වන්න යන්නෙ ඇසිල්ලක කාලයකි යන්න මේ අනුව යළි සනාත කර ඇත.

දැන් සටන ඇත්තේ සුබවාදී සහ අසුබවාදී කඳවුරු දෙක අතරය.

සුබවාදී පිරිස රටට නායකත්වය දෙන රනිල් වික්ර්මසිංහ වටා ගොනු වෙමින් සිටී. එම කඳවුරට රටේ අනාගතය ගැන දැක්මක් ඉලක්කක් අරමුණක් සහ එ් ගමන යාම සඳහා ප්‍රතිපත්ති සැලසුම් වැඩ පිළිවෙලක් ඇත. බංකොලොත් රට එයින් මුදවා ගත්තෙත් ඒ් අනුවය. වැලේ වැල් නොමැතිව සිටි ජනතාවට සහනයක් ලැබුණේ ඒ අනුවය. දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණයන් තුළ රටට වාසිදායක දේ සිදු වෙමින් පවතින්නෙ ඒ අනුවය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඇතිව රට යළි හරි පිල්ලට ගත්තෙ ඒ අනුවය. ණය ප්‍රතිවයුහගත කරමින් රටේ ආර්ථිකය යළි ගොඩනගා ගැනීම සඳහා අවස්ථාව උදා කරගත්තෙත් ඒ අනුවය. මෙවැනි කාරනා බොහොමයක් නිසා කොහොමත් මේ කඳවුරේ පිරිසට රට ගැන ඇත්තෙ සුබවාදී ආකල්පයකි. එහි ලබමින් තිබෙන ජයග්‍රහනයන් සියල්ල එ් සුබවාදී බවට සාධකයන්ය.

මෙයට විකල්පව සිටින සියලු පාර්ශ්ව වල දැක්ම අසුබවාදීය. මෙම පිරිස මුල සිටම කළෙත් සුබවාදී වුවමණාවන් කඩාකප්පල් කර විනාශ කර, රට තවදුරටත් රට බංකොලොත් කිරීම වෙනුවෙන් යටිකූට්‍ටු වැඩය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියාට වැඩක් නෑ කිව්වේ මේ අයය. අරමුදලේ කොන්දේසි වලට යටවී මහ විනාශයක් කර ගන්නවා කිව්වේ මේ අයය. රනිල්ට ජනවරමක් නැති නිසා ජාතන්තර සහය නොලැබෙන්නේ කිව්වෙ මේ අයය. ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගොස් රටේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා කිව්වේ මේ අයය. ආර්ථික ප්‍රතිසංස්කරන අණ පනත් සියල්ලටම විරුද්ධ වෙමින් සිස්ටම් චේන්ජ් එකකට යනවාට විරුද්ධ වුණේ මේ අයය. දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුබාරංචිය එන විට ඊට එරෙහිව දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරමින් එම ජයග්ර්හනයේ වටිනාකම් කෙලසන්න වලි කන්නෙ මේ අයය. මෙවැනි තවත් දාහක් දේවල් කරමින් මම් අයට වුමණා කරන්නෙම අසුබවාදී පරාජිත ආකල්ප ගොඩනගමින් ජනතාවත් ඒ පරාජිත මානසිකත්වය වෙත ගෙන එන්නය. රට නැවත ගොඩනැංවීම වෙනුවට ජනතාව එතැනින් ඉවත් කර ඛේදවාචකීය යුගයකට කැඳවා තමන්ගේ ප‍ටු දේශපාලනික හෝ ජාවාරම්කාරී අරමුණ ජය ගැනීමය.

මේ අසුබවාදි කණ්ඩායම් සියල්ල දැන් එක කඳවුරකට ගාල් වී ජනපති රනිල්ගේ අසුබවාදී කඳවුරට පහර ගසමින් තිබේ.

මේ අතිශය ලැජ්ජා විය යුතු කුහක තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. රට බංකොලොත් වූ මොහොතෙ රට ගොඩනැගීමේ දුෂ්කර අභියෝගය බාරගෙන කිසිවකු හෝ රටට අත්වෙන්න තිබු මහා විනාශයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීම ගැන මේ අසුබවාදීන්ට වටිනා කමක් නැත. ගුණයක් නැත. අගය කිරීමක් නැත. එසේම ඊට සතුරු ප්‍රතිපත්තියක සිටිමින් ලැබු ජයග්‍රහණයන්ද ආපස්සට හැරවීමට තරම් ජරා ජීර්ණ වී ඇත.

කොහොම නමුත් දැන් රටේ බහුතර ජනතාවට මෙම කඳවුරු දෙකෙන් එකක් තෝරා ගැනීමට බල කර තිබේ. සුබවාදි ලෙස කල්පන කර සුබවාදී බලාපොරොත්තු සහිතව සුබවාදී ප්‍රාර්ථනා ඉටු කර ගන්වාද අසුබවාදීන්ගේ අසුබවාදි ජඩ වුවමණාවන් සමග පෙල ගැසී නැවත වළ පල්ලටම යනවාද යන්න තීරණය කළ යුතුය.

දැන් වෙනත් වාද විවාද අවශ්‍ය නැත. කවුද නායකයා මොකක්ද පක්ෂය අදාල නැත. සුබවාදි වුවමණාවන් ඉ‍ටු කරන කඳවුර සහ අසුබවාදී වුවමණාවන් සහිත කඳවුර අතර සටනේ බෙදුම් රේඛාව දැන් ඇඳ ඇති නිසා තෝරා ගැනීම ජනතාවට ලෙහෙසිය. ඒ රේඛාව ඇඳීම ගැන නම් අසුබවාදීන්ට ස්තූතිය පිරිනැමිය යුතුය.

කොහොම නමුත් දැන් සටන විවෘත්තය. එය පටන් ගත යුතුය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us