දිනන සජිත් මෙහෙයුමට පෙර පක්ෂයේ කොඳු නාරටිය කැඩුණා. සටන් පාඨයත් උස්සලා Featured

Thursday, 25 July 2024 12:49

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සිය එක්ස් ගිණුමේ සටනක් දමමින් ප්‍රකාශ කර තිබිණි.

සමගි ජන බලවේගයේ සභාපතිවරයාද වන ෆොන්සේකා මහතා අනාගත සජබ ආණ්ඩුවක ජාතික ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නම් කර තිබුණේ මීට බොහෝ කලක සිටය. ඒ බව ප්‍රසිද්ධියේ අවස්ථා කිහිපයකදීම තහවුරු කර තිබිණි.

එමෙන්ම ෆොන්සේකා, සජිත් දුන් පොරොන්දුව ප්‍රකාරව එය විශ්වාස කරගෙන සමගි ජන බලවේගය තුළ දේශපාලනය කළ නමුත් සජිත් විසින් පක්ෂයට අලුතෙන් ඈද ගන්නා ලද හිටපු හමුදා නිලධාරීන්ට ද මෙම ආරක්ෂක ඇමැතිකම් පොරොන්දු වී තිබුණු බවට කසුකුසුවක්ද තිබිණි. කොහොම නමුත් සජිත් පක්ෂයට එකතු කර ගන්නා ලද සෑම කෙනෙකුටම තනතුරු පොරොන්දු වීම පුරුද්දක් ලෙස කරන්නකි. සමහර විට ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම තනතුරු වෙනුවෙන් සටන් වැදීම සිදු කර ඇති නිසා සෙසු පුද්ගලයන්ද දේශපාලනයේ නියැලෙන්නේ තනතුරු වලට කෑදර කමෙන් බව ඔහු විශ්වාස කරනවා විය හැකි නිසා මෙලෙස තනතුරු බෙදාහැරීම සිදු කරනවාද විය හැකිය.

කොහොම නමුත් සජිත්ගේ දේශපාලනික අඳබාලකම විසිළුකාරීත්වය මත තමන්ගේ පක්ෂ නායකයා ලෙස සජිත් කිසිසේත්ම සුදුසුස්සකු නොවන බව සජබයේ බොහෝ නායකයන්ගේ විශ්වාසය ද වී ඇත. නමුත් ඉන් බොහෝ අය සජබය හැර නොයන්නේ ඉදිරි මහ මැතිවරණයකදී තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදා කරගැනීමේ පහසුව නිසා පමණය. නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජනාධිපති රනිල් ප්‍රකාශට පත් වීමත් සමඟ සජබයේ මන්ත්‍රීවරු පිරිසක් සජබයෙන් වෙන් වීමත්සිදුවන බව දැන ගැනීමට ඇත. කොහොම නමුත් මේ වන විටත් සජබය ගොඩනැංවීමට දැවැන්ත කැපකිරීමක් කළ චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර වැනි ප්‍රබලයන් එයින් වෙන් වී සිටී.

සමගි ජන බලවේගයේ දේශපාලනික වශයෙන් ශක්තිමත් වීමට සරත් ෆොන්සේකාගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමක තිබිණි. ඔහු සජබයේ කොඳු නාරටිය විය. සජබයේ දේශපාලන ශක්තිය බවට පත්ව සිටි ප්‍රබලයන් ගනනාවක් මේ වන විටත් එයින් ඉවත්ව තිබීම මත සජිත් ප්‍රේමදාස දේශපාලනිකව බරපතල දුර්වලතාවයකට පත් තිබේ.

සජිත් ඊයේ රාත්‍රියේ හදිස්සියේම ' දිනන සජිත්' යනුවෙන් ප්‍රචාරක මෙහෙයුමක් දියත් කළේ ෆොන්සේකාගේ ඉවත් වීම සමඟ තමන්ට සිදු වන දේශපාලනික පරාජයෙන් ගැලවීමේ උත්සාහයක් ලෙසිනි. නමුත් එය ආකර්ෂණිය නොවුනු වැදගැම්මක් නොවුණු ප්‍රචාරක මෙහෙයුම්ක බවට පත් විය. මෙම ප්‍රචාරක මෙහෙයුම සිදු වීමට පෙර එම පාඨයම යොදාගෙන රනිල් පාර්ශ්වය 'දිනන රනිල්' යනුවෙන් සමාජ මාධ්‍ය මෙහෙයුක්ද ආරම්බ කර තිබිණි. ඒ අනුවත් 'දිනන සජිත්' මෙහෙයුම පරාජය විය.

මේ වන විට සජබයේ ඉතිරිව සිටින ප්‍රබලයන් කිහිප දෙනා රඳවාගෙන සිටින්නේ තනතුරු තානාන්තර රැසක් පොරොන්දු කරගෙනය. ඒ අතර මුදල් ඇමැති ධුරය කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනෙකුටම පොරොන්දු වී ඇත. කැබිනට් ඇමැති ධුර පක්ෂයේ සියළු මන්ත්‍රී වරුන්ට පොරොන්දු ලබා දී ඇත.

කොහොම නමුත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සිදු වන බවට ඔවුන් විසින් සිදු කළ ජනමත සමීක්ෂණ නිසා එළඹ ඇති තීරණයක් වේ. මෙම සමීක්ෂණ වාර්තා මත පදනම්ව සජිත් තමන්ගේ ජයග්‍රහණය ගැන විශ්වාසය තැබුවත් නැතත් පක්ෂයේ සෙසු පිරිස් රඳවාගෙන ඇත්තේ මෙම සමීක්ෂණ වාර්තා පෙන්වා තමන් ජයග්‍රහණය කරන බව හඟවමිනි.

මේ අතර ජාතික ජන බලවේගයේ අනුර කුමාරද පසුවන්නේ තමන් ජයග්‍රහණය කරන බවය. ඒ ඔවුන් විසින් සිදු කළ සමීක්ෂණ වාර්තා පදනම් කරගෙනය. නමුත් ජනාධිපතිවරණයෙන් කිහිප දෙනෙකුට ජය ගත නොහැක.

ජනාධිපති රනිල් මෙවර ඉදිරිපත් වන්නේ නම් එය සිදු වන්නෙත් තමන්ට ජයග්‍රහණය ලැබිය හැකි බවට තහවුරුවක් ඇති නම් පමණි. මීට පෙර රනිල් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ 2005 දීය. එදා සාධාරණ මැතිවරණයක් පැවැතියේ නම් ඔහුගේ ජයග්‍රහණය ස්ථිර වීමට සිදු විය යුතුව තිබිණි. එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක් දියත් කිරීම නිසා රනිල්ට ලැබිය යුතු වූ ඡන්ද ලක්ෂ ගනනක් අහිමි විය. එදා මහින්ද රාජපක්ෂ ජය ගත්තේ වැඩි ඡන්ද ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකින්. ඉන් පසුව පැවැති ජනාධිපතිවරණ සඳහා රනිල් ඉදිරිපත් වූයේ නැත. 2015 වසරේදී ඔහු මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළේ සන්ධාන ගත වූ පිරිස්වල ඉල්ලීම පරිදිය. එසේ නොවන්න එම ජයග්‍රහණය ලැබීමේ හැකියාව ඔහුට ද තිබිණි.

මේ අනුව මෙවර ජනාධිපති රනිල්ගේ මෙවර ඉදිරිපත් වීම ජයග්‍රහණය ගැන තහවුරුවක් මත සිදු වන්නක් බවට සැක නැත.

 -P.M

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us