හොරා පොලිස් සෙල්ලමෙන් ආණ්ඩුව පරාදයි Featured

Wednesday, 29 January 2025 08:28

නිදහසෙන් පස්සේ මේ රට පාලනය කළේ හොරුන්ය. අවුරුදු 76 ක් තිස්සේ මේ හොරු ටික රට කෑවා.

මේ අවුරුදු 76 රටට සාපයක් වුනා.. තවත් මෙහෙම යන්න බෑ මේ ඔක්කොම හොරු ටික පන්නලා රට සුඛිත මුදිත කරන්න නම් ජවිපෙට නැතිනම් මාලිමාවේ නායකයා වුණු අනුර කුමාර ජනාධිපති කරන්න ඔ්නය මාලිමාවට තුනෙන් දෙකේ බලයක් සමඟ ආණ්ඩුවක් පත් කර ගන්න ඔ්නය කියන මතය ජවිපෙ සහ මාලිමා පාක්ෂිකයන් විසින් සමාජය තුළ තහවුරු කර බලය අත්පත් කර ගත්තේ සෙල්ලම් කරන්න නොවේ. මේ රටේ මිනිස්සු දේශපාලන සෙල්ලම් ඔ්නෑ තරම් අත්දැක තිබේ.

මිනිස්සු මාලිමාවට ඡන්දය දුන්නේ මොකක් හරි ආණ්ඩුවක් පත් කර ගැනීමේ වුවමනාවට නොවේ. සියයට තුන හතරක පමණ ජන පදනමක් තිබු මාලිමාවට බලය පවරන්න බහුතර ජනතාවක් තීරණය කළේ සත්‍ය ලෙසම බරපතල වෙනසක් රටටත් ජනතාවටත් අවශ්‍යව තිබු නිසාය.

ඒ අනුව එම ජනතා බලාපොරොත්තු ඉ‍ටු කිරීම වත්මන් පාලකයන් විසින් සිදු කළ යුතුයි.
මාලිමාව බලය පිහි‍ටුවා මාස තුනක කාලයක් ඉක්ම ගියද තවමත් එ් බලාපොරොත්තු සපල කරන මාර්ගයක සිටින බව පෙන්වා නැත. පරණ පුරුදු ජනප්‍රිය සිල්ලර දේශපාලනයේ යෙදෙමින්, පසුගිය ආණ්ඩු සමයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් නිර්දේශත් අනුව රාජ්‍ය පාලනය ඔන්න ඔහේ සිදු වෙමින් පවතිනවා කියන එක හැර වෙන යම් ප්‍රගතියක් නම් පෙන්වා නැත.

කොහොම වුණත් හොරු අල්ලා දඬුවම් කිරීම, හොරකම් කළ ධනය ආපසු රටට අත්පත් කර ගැනීම, වංචාව දූෂණය අකාර්යක්ෂමතා නතර කිරීම ගැන දුන් දහසකුත් එකක් පොරොන්දු ඉ‍ටු වේදැයි බරපතල සැකයක් නම් මේ වන විට ඇතිව තිබේ.

විශේෂයෙන්ම රාජපක්ෂ වරුන්ට එරෙහිව වඩාත් චෝදනා එල්ල කළ කණ්ඩායම වූ ජවිපෙ තමන්ගේ ආණ්ඩු සමයක දී මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ගැන කැට තබා කිව්වත් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරිත්වය පෙන්වන්නේ පොඩි දරුවන්ගේ හොරා පොලිස් සෙල්ලමට වඩා දෙයක් නොවේ. මේ පාර ඔයාලා හොරු වෙන්න ඊළඟ පාර අපි හොරු වෙන්නම් ජාතියේ වැඩකි.

පසුගියදා යෝෂිත රාජපක්ෂව හදිස්සියේ අත් අඩංගුවට ගැනීම, තමන් ජනතාවට දුන් පොරොන්දු ඉ‍ටු කිරීමක් ලෙස දේශපාලනික ප්‍රචාරක වාසියක් අත්පත් කර ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය දින දෙකක් ඇතුළත සුනු විසුනු විය.

රාජපක්ෂලාට එල්ල වී ඇති අපරාධ චෝදනා විශාල ප්‍රමාණයක් තිබේ. පසුගිය යහපාලන සමයේ දී මේවා ගැන විමර්ශන රැසක් සිදු කර නඩු පැවරීම් ගනනාවක්ද විය. ගොඨාභය සමයේ දී යම් යම් සටකපට උපක්‍රම මගින් මේ නඩු ගනනාවකින් නිදොස් වීමත් විමර්ශන කටයුතු අත්හි‍ටුවීමත් නිසා රාජපක්ෂ වරුන්ට සුදනා පාර්ට් එක රැඟීමේ වරමක් ලැබිණි. නමුත් මෙය දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි කර කළ තක්කඩි වැඩක් බව තේරුම් ගැනීමට නීතිය ගැන දැන ගැනීමට අවශ්‍ය තරම් දෙයක් නොවේ.

මේ නිසා සත්‍ය ලෙසම එදා සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව නැවත එම චෝදනා විමර්ශනය ආරම්භ කිරීම විය යුතුව තිබිණා සේම ඒ ආරම්භ කිරීම සතුටට කරුණකි. මාලිමා පාක්ෂිකයන් එය ඉහළින්ම බලාපොරොත්තු විය. එසේම මලිමාවේ විරුද්ධ පාක්ෂිකයන් පවා මෙය බලාපොරොත්තු විය. රාජපක්ෂ වරුද තමන්ට මාලිමාවෙන් ගැලවිල්ලක් නැති බව විශ්වාස කළාට සැක නැත.

මේ අනුව ආණ්ඩුව මේ රාජපක්ෂ දඩයම පටන් ගත යුතුව තිබුණේ ගොදුරට පැන යාමට කිසිදු ඉඩක් නොතබාය. තමන් පටන් ගන්නා මුල්ම වැඩේ නිසි සැලසුමක් අනුව නිසි ක්‍රමවේදයෙන් අනුව සූක්ෂමව දියත් කළ යුතු විය. නමුත් යොෂිතගේ සිදු වීම සම්බන්ධයෙන් පෙනෙන්නෙ අඩුම තරමින් යොෂිතව අත් අඩංගුවට ගතයුත්තේ කොහොමද කියන එක ගැනවත් හරි හමන් අවබෝධයක් නොතිබුණු බවය. එ් තබා අත් අඩංගුවට ගන්නෙ කුමකටද ඒ යුක්ති සහගත කිරීම සඳහා නෛතික පදනමක් තිබේද යන්න ගැනවත් හරි හමන් තීරණක නොසිටි බවය. අධිකරණය හමුවේ පොලිසියෙත් නීතිපති දෙපාර්තමේන්තුවෙත් දුර්වලතාවයන් හෙළි විය. යෝෂිත ඇප ලබා එළියට ආවේ අත්අඩංගුවට පත්වන විට තිබු සතුටු මුහුණත් සමඟ ජයග්‍රාහී ලීලාවෙන්ය.

මේ හදිස්සියේ යොෂිතට එල්ල කරන චෝදනාවට වඩා තවත් බරපතල අපරාධ චෝදනා රැසක් රාජපක්ෂ වරුන්ට එල්ල වී තිබියදී ආණ්ඩුව මේ මුලින්ම අල්ලා ගත්තේ චෝදනා ඔප්පු කිරීමට තරම් පදනමක් ඇති දෙයක් දැයි සැකයකුත් තිබෙන කාරණයකි. එමෙන්ම එය රාජ්‍ය මුදල් හොරකම් කිරීම සම්බන්ධ කාරණයක් ද නොවේ. දේපොළක් මිලදී ගැනීම වෙනුවෙන් මුදල් වැය කළේ කොහොම දැයි අහගන්නය. යෝෂිතගේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතාව මීට ඈදී ඇත. මේ නඩුව විභාගයට ගැනීම විනෝද සමයක් නොවී අහවර වුනොත් පුදුමය.

කොහොම නමුත් මේ මුදල් ලැබුණේ රජයේ මුදල් හොරකම් කර ද වෙනත් නීති විරෝධී කටයුත්තකින්ද යන්න ගැන කිසිදු සාක්ෂියක් නොමැතිව මේ චෝදනාවට යොෂිතව අත් අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක් ද යන පැහැදිලි නැත. ළඟ එන මැතිවරණ සඳහා ප්‍රචාරක වාසියක් ගැනීමට නම් ඒවාට මිනිස්සු තවත් හසු වන්නේ නැති බව කිව යුතුය. දැනටම මාලිමාව සමූපකාර ඡන්ද දිගින් දිගටම පරාජයට පත් වීමෙන් කිය වෙන්නේ ආණ්ඩුවට තව දුරටත් සංදර්ශන වලින් අමුතු පෙළහරක් පෑමට නොහැකි බවය.

කොහොම නමුත් ආණ්ඩුව මේ වන විට රාජපක්ෂ හොරු ඇල්ලීමේ පළමු මෙහෙයුමෙන් අසමත්ය. ආණ්ඩුව ජෝක් එකක් වී තිබේ. මාලිමා ආණ්ඩුවේ පොලිසිය බාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නෙ එදා යහපාලන සමයේ හොරු ඇල්ලීමටම පත් කළ දුෂණ විමර්ශන කාර්යාලයෙ ලොක්කා වූ ආනන්ද විජේපාලය. පොලීසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එදා සීඅයිඩියේ ලොක්කා වූ රවී සෙනෙවිරත්නය. එදා මෙරට ෂර්ලොක්හොම්ස් ලෙස ප්ර්කටව සිටි ශානි අබේසේකරද වත්මන් ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතයේ ප්‍රධානියෙක් ව සිටී. ඔවුන්ට එදා කර ගන්න බැරි වුණ දේ අද තමන්ටම කරගැනීමට අවශ්‍ය බලය සහ පහසුකම් වුවමනාවටත් වඩා වැඩියෙන් ලැබී තිබියදීත් මුල්ම පියවරේදී අසාර්ථක වීම සැලකිය යුතු බරපතල කාරණයකි. මෙහෙම හොරු අල්ලන්න ලොවෙත් බැරිය. මේ විදිහට නම් ඉදිරියටත් කටයුතු සිදු වන්නේ හොරු අල්ලනකොට කෙඳිරිගාන්න එපා කිව්වාට, අවසානයේ පස්ස බිම ඇනි කෙඳිරි ගාන්න වන්නේ ආණ්ඩුවට වීම වැළැක්විය නොහැක.

උපුටාගැනීමකි.

 

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us