සමනලී ෆොන්සේකාගේ `අබිරහස් වීඩියෝවේ` තවත් තොරතුරු එළියට ! අලුත්ම හෙළිදරව්ව මෙන්න !!

Saturday, 03 January 2015 09:19

කුඹුක්ගැටේදී පහර කෑ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහල් ගතවීමෙන් අනතුරුව ට්‍රොලියක රැගෙන යන හැටිත් - රෝහල් වාට්ටුවක ඇඳක ඇලවෙන හැටිත් - ඉන් අනතුරුව ඇඳෙන් නැගිට දුරකථන අංකයක් ඉල්ලා ගැනීමට `ඉහෙන් බහින ලෙඩක් නැතිව` ඇවිද යන හැටිත්, ඊටත් පසුව, ``කොලිටි වීඩියෝවක්`` ගැන යමක් පවසන හැටිත් පෙන්වන `රහසිගත` වීඩියෝව `ජාතික` රූපවාහිනියේ සහ `ස්වාධීන` රූපවාහිනියේ `ෂර්ලොක් හෝම්ස්` කැමරාකරුවන් විසින් සපයන ලදුව, මේ වන විට සයිබර් අවකාශය පුරා ද සැරිසරන බව අපට සැලය. ඒ පිළිබඳව තවත් `රහසිගත` තොරතුරු ප්‍රමාණයක් අප සතුව පවතියි. අපි ඒවා `හෙළිදරව් කරන්නට` තීරණය කළෙමු.

`අලුත් පරපුර` සංවිධානයේ තරුණ කලාකරුවන් පිරිසට සහ ඔවුනට සහාය දැක්වීමට පැමිණි ප්‍රවීණ ගයන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක් එල්ල විය. ලක්ෂ්මන් විජේසේකරට පා පහරක් එල්ල කළේ මේ වනවිට ඇප මත නිදහස් වී සිටින කමල් ඉන්දික නමැති නිල් බලකා සංවිධායකවරයාය. ඔහුගේ ආධාරකරුවන් විසින් කලාකරුවන්ට එල්ල කරන ලද ගල්ප්‍රහාරයට ලක්වූයේ උදය ධර්මවර්ධන සහ සමනලී ෆොන්සේකාය. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී මිය ගියේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී සිහි මුර්ජා වූයේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදයගේ හෝ සමනලීගේ දෙපා වෙන්ව ගියේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදයගේ හෝ සමනලීගේ ස්වාභාවික පියවි සිහිබුද්ධිය විකල් වූයේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී අබ්බගාත වූයේ නැත. ඒ නිසා ඔවුන් පා ගමනින් යන බව පෙන්වීම, `මාර` සොයාගැනීමක්ද?

ඔවුන් ප්‍රහාරකයන්ගෙන් මිදී තමන් ආ වහනය වෙත දිව ගියේ දෙපයිනි. මන්ද, ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් පසු එයින් බේරී දිවයන මිනිසුන්ට ට්‍රොලි සැපයීමේ සේවාවක් අතිගරු ජනාධිපති රාජපක්ෂ හෝ ආරක්ෂක ලේකම් රාජපක්ෂ හෝ බ්ලූ බලකායේ රාජපක්ෂ හෝ තවමත් සපයා නැත. ඔවුන් ඒ වාහනයේ නැගී කුරුණෑගලට රෝහල අසලින් බැසගත්තේද දෙපයිනි. සාමාන්‍ය පටිපාටිය අනුව රෝහලකට රෝගියෙක් රැගෙන ගිය විට රෝගියා පා ගමනින් පැමිණියත් රෝගියාගේ තත්වය සළකා බලා රෝහල් බලධාරීන් වාට්ටුවට රෝගියා රැගෙන යාම සඳහා ට්‍රොලියක් සපයා දෙයි. උදය සහ සමනලී අබ්බගාත නොවූ හෙයින් පළමුව පා ගමනින් පැමිණ, `නාමල්`ගේ යාළුවන් ද නොවන හෙයින් වෛද්‍යවරුන්ට තග නොදමා ඔවුනට කීකරුව, ට්‍රොලියෙන් වාට්ටුව කරා ගෙන යන්නේ ඒ අනුවය. රෝහල් බලධාරීන් `අලුත් පරපුර` සංවිධානයේ සාමාජිකයන් නොවන නිසා ඒ මොහොතේ කරන ලද නිර්දේශය, උදයට හෝ සමනලීට `රඟපාන්නට චාන්ස් එකක් අරන් දීමක්` ලෙසින් වටහා ගත හැක්කේ අයි ටී එන් නැරඹීමේ හා එහි යන ඒවා විශ්වාස කිරීමේ මට්ටමට බුද්ධිය `ලෙවල් වී ඇති` අයකුට පමණි.

ඊළඟට, ට්‍රොලියෙන් වාට්ටුවට යන සමනලී ඇඳෙන් බැස ඔබ මොබ යන අයුරු මෙන්ම හොඳින් කතාබහ කරන අයුරුද `රහසිගත වීඩියෝවේ` ඇත. එයද පුදුමාකාර හෙළිදරව්වකි. වාට්ටුවට ගෙන යාමෙන් පසු රෝගියකුට ඇඳෙන් බහින්නට නොහැක කියා නීතියක් හෝ රීතියක් නැත. වෛද්‍ය උපදෙසක් විශේෂයෙන් ලැබී නැත්නම්, රෝගියාට ඇඳෙන් බිමට බසින්නට පුළුවන. ඉන් අනතුරුව, සමනලී කා සමගදෝ කතාකරයි. ඒකත් හෙළිදරව්වක්ද? ``ගලක් වැදුණු පසු කතා නොකළ යුතුය. මලා මෙන් සිටිය යුතුය.`` ඒක යක්ෂ කතාවකි. අනෙක, කැමරාවක් ක්‍රියාත්මකද නැද්ද යන්න ගැන උදයටත් සමනලීටත් අමුතුවෙන් කියා දියයුතු නැත. සමනලී ඇඳෙන් බසින්නේ කැමරා හෝ ජංගම දුරකථන අක්‍රිය නිසා නොව ඒ මොහොතේ කළ යුතු අත්‍යවශ්‍ය වැඩක් වෙනුවෙනි.

අපි මේ `අභිරහසේ` තවත් ගැඹුරට යමු. මොකක්ද ඒ අත්‍යවශ්‍ය කාර්යය ? කුඹුක්ගැටේදී එල්ල වූ ප්‍රහාරය වහ වහා සමාජගත කළ යුතුය. ඒ සඳහා ජංගම දුරකථනවල ඇති දර්ශන ඉක්මනින් අදාළ මාධ්‍යයන් වෙත යොමු කළ යුතුය. කලාකරුවකුට ගීතයක් ගයනා කරන්නට නොදෙන වියරු පාලකයන් පිළිබඳ සත්‍යය ලොවට හෙළිකළ යුතුය. ඒ සඳහා, වාට්ටුවේ ඔබ මොබ නොව ඒ මොහොතේ රෝහලෙන් පිටතට වුව යායුතු නම් යන්නට `අලුත් පරපුර` සාමාජිකයන් සූදානම්ය. `ඉහෙන් බහින ලෙඩක්` තිබුනත් නැතත් අප එහෙමය. අවශ්‍ය දුරකථන අංක සොයමින් - අවශ්‍ය සන්නිවේදන සබඳතා ගොඩනගාගන්නට වෙහෙසෙන්නේ ඒ නිසාය. `` ``කොලිටි වීඩියෝවක්`` ගැන කතාකරන්නේ අදාළ දර්ශන හැකි උපරිම නිරවුල්ව මේ රටේ කොන්ද පණ ඇති මිනිසුන් වෙත ඉදිරිපත් කළ යුතු නිසාය. ඒ කියන වීඩියෝවේ අන්තර්ගත වී තිබුනේ `මුග්ධ මැරයන්ගේ තුච්ජ ප්‍රහාර` මිස `තෑගී දෙන ලද එංගලන්ත අස්සයකුගේ හෝ රේස් කාර් එකක දර්ශන` නොවේ.

ඒ නිසා රාජ්‍ය මාධ්‍ය මඩ මෙහෙයුම නිකම්ම නිකම් පුස් විහිළුවක් බව පැහැදිලිය. මහා අභිරහසක් හෙළි කරන්නාක් මෙන් එළිය දමා ඇත්තේ මෙලෝ රහක් නැති `සර් - ලොක් හොල්මන්` වර්ගයේ බාල වීඩියෝවකි. අනෙක් අතට, ආණ්ඩුවේ මඩ මෝල් මේ නොකියා කියන්නේ ``අපි ගැහුවට ඔය තරම් අමාරු වෙන්න ගැහුවේ නැත`` කියාය. ගල් පාර කෑව එකා, ඇවිද්දා -කතාකළා - කෝල් ගත්තා කියා ගල් පාර ගැහුව එකා සුදනා වන්නේ නැත. අනික, ගල් පාරක් වැදුනා කියා කළයුතු දේ නොකර ඉන්නට අප සූදානම්ද නැත.

කෙසේවෙතත්, ජාතික හා ස්වාධීන බෝඩ් ලෑලි පසුපස සිට අසූචි අනන නිකමුන්ටත් - ලක්ෂ්මන් විජේසේකරට බඩට ගහන එක මහා ලොකු දෙයක්ද කියා අහන මදුමාදව අරවින්දටත් - ඔය මඩ වීඩියෝවේ දර්ශන රසකර කියන ජැක්සන් ඇන්තනීටත් ටත් - (රට = මහින්ද සූත්‍රය අනුව) `රටට` ද්‍රෝහී වෙනවානම් අම්මා තාත්තට වුනත් විරුද්ධ වන බව කියන මාලනී ෆොන්සේකාටත් - අරලිය දන්සැලේ පිළිකන්නේ ඉඳුල් හිඟමනේ යන අනෙක් හැමෝටමත් අප කියන්නේ මෙපමණකි. මොහොතක් දෑස පියාගෙන, ``මේ කරන දේ හරිද ?`` කියා ඔබ ඔබේම හදවතින් ඔබ කරන දේ ගැන අහන්න. ``නැත`` කියා හඬක් ඔබට ඇසෙනු ඇත !

උපුටා ගැනීම අලුත් පරපුර මූණුපොතෙන්

Last modified on Saturday, 03 January 2015 09:30

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us