මැදමුලනේ රාජපක්ෂ: අශ්වයෙකු යැයි සිතා ගෙම්බෙක්ගේ උඩ නගී

Thursday, 08 January 2015 15:04

නිලන්ත ඉලංගමුව

රාජපක්ෂ අද මැදමුලනේදී තම කැමැත්ත තමන්ටම ලබා දීම සඳහා ශුභ හෝරාව අනුව යමින් ශුභ දිසාව දෙස බලා කටයුතු කරනු ලැබීය. ඔහු සමඟ වෙනදා ගමන් කරන අයවලුන්ට අමතරව ඔහු අභිමුඛයේ තවත් අයෙකු විය. ඒ අයියෝ සිරිසේන නමැති නළුවෙකි. ස්වාධීන අපේක්ෂකයෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ හෙතම වඩාත් අප්‍රසන්න ලෙස මාධ්‍ය ඉදිරියේ යොදා ගත්තේය. එකී පුද්ගලයා රාජපක්ෂගේ මෛත්‍රී බීතිකාව නැතිකිරීම සඳහා විවිධාකාරයෙන් භාවිතා කරනු ලැබීය. සැබවින්ම එමඟින් සැබෑ අවාසියක් අත් වූයේ රාජපක්ෂට මිස මෛත්‍රීට නොවේ. එම සරල දේ තේරුම් ගැනීමට අවසාන මොහොතේද රාජපක්‍ෂට නොහැකි විය.

අදාළ නළුවා යොදා ආණ්ඩුව සැලසුම් කොට තිබු බොහොමයක් දෑ කිරීමට නොහැකි විය. මන්ද ඒ බොහොමයක් ආණ්ඩුව එළිදැක්වීමට පෙර මාධ්‍යට වාර්තා විය. එසේම විපක්ෂය ක්‍ෂණිකව කටයුතු කළේය. එම වියෝවෙන් මිදීමට අවසාන මොහොතේදී අයියෝ සිරිසේන මැදමුලනේ ගැමි සුවඳ හමන වීරයා සමඟ එකතු වී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඩි. ඒ. රාජපක්ෂ විද්‍යාලයට රැගෙන ගියේය. ඉන් පසු ඔහු සමීපයේ සිටුවා ඡායාරූප රැසකට පෙනී සිටිමින් බොහොම පහත් පෙළේ ආස්වාදයක් ලබා ගත්තේය. ඔහුගේ මනස වැඩ කරන මට්ටම එමඟින් මුළු ලෝකයටම පෙන්නුවේය.

සැබවින්ම කණගාටුදායකය. වසර දහයකට ආසන්න කාලයක් මෙම රට පාලනය කළ මහින්ද රාජපක්ෂ මහතාට එක්කෝ පිස්සු හැදී ඇත. නැතහොත් ඔහු මදාවියෙකුගේ තත්වයට පත් වී කට ගොන්නක් බීගෙන වෙරිමතින් මේ රටේ නායකයා ලෙස යළි පත්වීමට සිහින දකින සැටියෙකි.

ඔහු විසින්ම ඔහුගේ ජීවිතය නිවටයෙකුගේ තත්වයට පත් කරගෙන ඇත. මෙය බරපතළ තත්වයකි. එය ඔහු ශුද්ධ වශයෙන්ම අද දින ඡන්දය ප්‍රකාශ කිරීමට සකස් කොට තුබූ සැලැස්මෙන් මුළු ලෝකයාම ඉදිරියේ පැහැදිලිව ඔප්පු කරනු ලැබීය. ඔහුට ආත්ම විශ්වාශයක් නැති බව ඔප්පු කළේය. මවාගෙන සිටි සියලුම දෑ ඔහු ඉදිරියේ දිය වී යන විට ඔහුගේ හෙළුව වැසීමට තිබු අවසාන රෙදිපටද ඔහුගෙන් ඉවත් විය. ඒ ඔහුගේ අවිද්‍යාව නිසාය. මීට වෙන කිසිවෙකු වගකිව යුත්තේ නැත. ඊට වග කිව යුත්තේ ඔහුමය.

දෛවයේ සරදම් ලැබීම වූ කලී මෙයයි. තම හෘද්‍යසාක්ෂිය මඟින් තමන්ව දඬු කඳේ ගසන විට පුද්ගලයෙකු මුහුණ දෙන ඇත්ත සහ නීරස තත්වය මෙයයි. එය පිටට සැඟවීමට නොහැකිය. ඔහු පෙන්වමින් සිටින්නේ තවදුරටත් රටේ නායකයා ලෙස අභිෂේක ලැබීමට ඔහුට කිසිඳු වාසනාවක් නැති බවයි. එසේම මෙවර මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළහොත් එය ඔහු තව දුරටත් අමීබාකරණයකට ලක් වීමක් පමණක් වනු ඇත. මා විසින් මීට පෙරද සඳහන් කළ ආකාරයට ඔහු පරාජය වුවහොත් ඉන් වැඩිම වාසිය අත්වන්නේ ඔහුටය.

අද දැක ගත් හැකි වූ සිදුවීම සැබවින්ම විශ්වාස කිරීමට පවා නොහැකිය. ගිරුවාපත්තුවේ සැබෑ ගූඪ කුහකත්වය ඔහුව අරක්ගෙන තිබේ. දෙවියන් වෙනුවට යකුන් බුරුතු පිටින් ඔහුගේ මොළයට රිංගා ඇති සැටියෙකි. ඉන් ඔහුට කිසිඳු ගැලවීමක් නොමැත.

මෑත ඉතිහාසයේ කිසිඳු නායකයෙකු මේ ආකාරයෙන් කටයුතු කළේ නැත. කුමන ප්‍රචණ්ඩ ක්‍රියාව භාවිතා කළද, මැතිවරණයට පෙර කුමන ආකාරයෙන් හැසිරුණද ඔවුහු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී තම නිවට සහ බියගුළු ලෙස මේ ආකාරයෙන් හැසිරුනේ නැත. ඔහු මෛත්‍රිපාල සිරිසේන සමඟ තරහ වී පමණක් නොව ඔහු මෛත්‍රීට බිය වී ඇත.

රාජපක්ෂ දේශපාලනය තුළ කළ කැප කිරීම් වල ප්‍රමාණය අනුව මෙන්ම ඔහු ගිය ඉතා දීර්ඝ ගමන අනුව ඔහු මේ ආකාරයෙන් හැසිරීම ඛේදජනක වේ. රටේ නායකයා ලෙස කටයුතු කළ හෙතමට මෙවර තමන්ගේ කොන්ද කෙලින් තබාගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකි වීම මඟින් පෙන්නුම් කරන්නේ මුළු ජාතියම මුලාවේ හෙලීමට මෙම නිවට නායකයා වෙර දරන අයුරුය. ඔහු මවා ගත් සියලුම දෑ විශ්වයේ ඇති ගැඹුරුතම ස්ථානයේ පතුලට කිඳා බැස ඇත. ඔහු මවා තිබු චිත්ත රූපය ගින්නට හසු වූ අයිස් කැටයක් දිය වී යන ආකාරයෙන් ඔහුගේ දියවීම අද උදෑසන දැකීමට හැකිවිය.

අවසානයේදී රාජපක්ෂ අශ්වයෙකු යැයි සිතා ගෙම්බෙක්ගේ පිට උඩ නැග තම ගමන යාමට ගත් උත්සාහය මඟින් ඔහු කුමන පන්නයේ පුද්ගලයෙකුද යන්න ඔහු විසින්ම ඔප්පු කොට ඇත. ඔහු ලෝකය ඉදිරියේ ඔප්පු කරනු ලැබුවේ අපේ මාතෘභූමිය පාලනය කිරීමට ඔහුට තව දුරටත් බුද්ධිය පමණක් නොව ලැබීමද නැති බවයි. ගෙම්බෙක් වෙනුවට බූරුවෙකු හෝ හොයා ගත්තේ නම් ඔහු පද්ධතිය තුළ නායකයෙකු ලෙස බැස යනු ඇත.

අහෝ....නායකයෙකු යැයි මවාගෙන සිටි බියගුල්ලෙකුගේ දෛවය විසඳෙන අපූරුව. මොහු අහම්බෙන් හෝ ජයග්‍රහණය කළහොත් එය මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම අවාසනාවකි. මෙවැනි නිවට නායකයින් ලෝකයේ කිසිම තැනක නායකයින් කිරීමට ජනතාව ඉදිරිපත් නොවුහ.

රාජපක්ෂට අවසානයේදී ඉතුරු වී ඇත්තේ තමන්ගේ වශීබෝලය සහ අයියෝ සිරිසේන පමණකි. මෙය අනෙක් දේශපාලඥයින්ට තමන්ගේ අනාගතය ගැන ගැඹුරින් සිතීමට උගන්වන පාඩමකි.

Last modified on Thursday, 08 January 2015 15:06

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us