හෙළ උරුමයට තනියෙම බැරිද? Featured

Thursday, 05 February 2015 12:04

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ යම් මන්ත්‍රණ, සම්මන්ත්‍රණ, කුමන්ත්‍රණවල යෙදෙමින් සිටින බව මාධ්‍යවල වාර්තාවෙයි.

ඒ අතර බරපතල ගැටලුව වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සන්ධානය පසුගිය ජනාධිපතිවරණයේදී යළිත් බිඳීමකට ලක්වීමය. එහි පළමු බිඳීම ජනතා විමුක්ති පෙරමුණේ වෙන් වීම ලෙස වාර්තා වුවත් ඒ එම සන්ධනයේ පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක වූයේ නැත. ඉන් අනතුරුව වු බරපතල සිදුවීම ලෙස ප්‍රථමයෙන්ම ජාතික හෙළ උරුමය ගැලවී ගිය අතර ඉන් පසුව ශ්‍රී ලනීපයේ මහ ලේකම්වරයා ප්‍රමුඛව ශ්‍රී ලනීපයේ පළුවක් ගැල විණි. අනෙක් පක්ෂවල කොටස් ගැලවී ගැලවී ගියේය.

මේ වන විට එලෙස කැඩී බිඳී යාම තවදුරටත් තීරණාත්මක වී තිබේ. මන්ද වත්මන් ජනාධිපතිධුරය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා ගැනීමත් සමඟ එතුමාට සහය දක්වන්නන්ගේ ප්‍රමාණය වැඩි වී තිබේ. එමෙන්ම විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ, දිනේශ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ මෙන්ම අනෙකුත් වාමාංශික පක්ෂ ද සිටින්නේ මෛත්‍රීපාලනයකට එරෙහිවය. වත්මනෙහි විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනීපය නමට විපක්ෂයක් විනා මෛත්‍රීපාලනයට එරෙහි පක්ෂයක් නොවේ. මේ තත්වය මත තව දුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයකට පැවැත්මක් නැත.

මේ අනුව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එම සන්ධානය හා බැඳි සිටි පක්ෂ බරපතල දේශපාලන අර්බුදයකට මුහුණ පා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම මහා පක්ෂයේ ඡන්ද පදනමත්, මහින්ද රජපක්ෂ නමට සින්න වූ යුධ ජයග්‍රහණයත්, සිංහල බෞද්ධ ජාතිවාදී ඡන්දත් පදනම් කර ගෙන ලබා ගත් ජයග්‍රහණය පසුගිය රාජපක්ෂ පාලනයේ පැවැත්ම තහවුරු කරනු ලැබීය. එහෙත් ජනාධිපතිවරණය ඒ සුනු විසුනු කරනු ලැබූ අතර එම තත්වය මත තව දුරටත් පැරණි සටන් පාඨවල වලංගු තාවයද අහිමි කරනු ලැබීය.

දැන් පවතින්නේ නව දේශපාලන කඩඉමකි. අලුත් සටන් පාඨ, අලුත් පක්ෂ, අලුත් සන්ධාන් පෙරමුණු බිහිවීම ඉදිරියේදී නියත ලෙසම සිදුවනු ඇත. පැ‍රැණි දේ අහෝසි වනු ඇත. ඒ අනුව විමල් වීරවංශලා දිනෙෂ් ගුණවර්ධනලා, උදය ගම්මන්පිලලා, පැ‍රැණි වාමංශිකයෝද අතරමන් වීම තර්කානු කූල අවසානයකි. එමපණක් නොවේ. ජාතික හෙළ උ‍රුමය වැනි ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පක්ෂයක් පවා මුහුන දී තිබෙන්නේ අර්බුදයකටය.

එජාපයට හෝ ජවිපෙට තනිවම තරග කිරීමේ හැකියාව පවතී. ඉන් සැලකිය යුතු ජයග්‍රහණයක්ද ඔවුන් ලබා ගනු ඇත. ශ්‍රී ලනීපයටද තනිව තරග කර එජාපයට අභියෝගයක් එල්ල කළ හැකිවනු ඇත. එහෙත් ජාතික හෙළ උරුමය වැනි පක්ෂයකට තනිව තරග කර සැලකිය යුතු ජයග්‍රාහී පාර්ශ්වයක් වීමේ හැකියාව සැක සහිතය.


ජාතික හෙළ උරුමය 2004 දී පාර්ලිමේන්තු නියෝජනය අත්පත් කර ගත්තේ ලක්ෂ 10 ක පමණ ඡන්ද පදනමක් සහිතවය. ඒ ගංගොඩවිල සෝම හිමිගේ අපවත්වීම ඇසුරෙන් ගොඩනැගුනු ජනතා සංවේගයේ ඡන්ද වූවත් ජාතික හෙළ උරුමයට අනුව පසුගිය ජනාධිපතිවරණයේදීත් ඔවුන්ට එම ඡන්ද පදනම සතුව තිබුණු බව ප්‍රකාශයට පත් විය.


දූෂණ විරෝධි තරගය

කෙසේ නමුත් 2004 න් පසුව හෙළ උරුමය තනිව ජාතික මැතිවරණයකට මුහුණ පා නොමැති බැවින් එම ගනන් හිලව්වල නිශ්චිත අදහසක් කිව නොහැකි නමුත් ජාතික හෙළ උරුමයට 2004 දී ලැබුණු ඡන්ද අද නොමැති බවට තර්කයක් නොමැත. 2010 දී හෙළ උරුමය තරග වැදුනේත් එක්සත් ජනතා නිදහස් සන්ධනයෙනි. එදා ජාතික හෙළ උරුමය හඬ නැගූ ත්‍රස්තවිරෝධී, අන්‍ය ජාති විරෝධි, අන්‍ය අගමික විරෝධී සටන් පාඨ අද මාර්කට් නැත. ඒ එම පක්ෂයද තේරුම් ගෙන තිබේ. අද ඔවුන් දූෂණ විරෝධී සටන් පාඨ අතට ගෙන ඇත්තේ එබැවිනි. ( ජවිපෙද සමාජවාදය අත හැර දූෂණ විරෝධී සටන් පාඨ කර පින්නාගෙන ඇත)

එහෙත් මේ දූෂණ විරෝධී සටන් පාඨ ලබන අප්‍රේල් මාසය තෙක් ඇදගෙන යාම කළ නොහැක. මන්ද ඊට පෙර මෙම දූෂිතයන්ට දඬුවම් ලබා දීම කළ යුතු බැවිනි. එසේ නොවුන හොත් පක්ෂයක් ලෙස විහිළුවට ලක්වන්නේ හෙළ උරුමයමය.


එමෙන්ම රාජපක්ෂ විරෝධය ද තවදුරටත් මැතිවරණ ජයග්‍රහන වෙනුවෙන් යොදා ගත නොහැක. මන්ද මේ වන විට එම පවුල තීරණාත්මක පරාජයකට ලක්ව හමාරය. තමන්ට අනෙක් විරුද්ධ පාර්ශ්වයක් ජීවමානව නොමැති විට තමන්ට පවතින්නට නොහැකි බව හෙළ උරුමය තේරුම් ගෙන ඇති බව එම පක්ෂයේ ඉදිරි දේශපාලන පෙරළි ගැන වාර්තා වෙමින් පවතින පුවත් මඟින් ද සනාත වේ.

ඒ අතර ප්‍රබලව මතුව ඇත්තේ ජාතික හෙළ උරුමය විසුරුවා හැර ඔවුන් ශ්‍රී ලනීපයට සම්බන්ධ වීම ගැනය. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක් වූවත් හෙළ උරුමය මුහුණ පා තිබෙන දේශපාලන අර්බූදය හමුවේ ඔවුන්ට තිබෙන සාර්ථකම විකල්ප ‍තෝරා ගැනීම එයය.

ඉන් පැහැදිලි වන්නේ හෙළ උරුමයට තනිවම බැරි බවය. ශ්‍රී ලනීපය සමඟ වන ඒකරාශිවීමකින් ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ ඡන්දයෙන් තමන්ට යළි පාර්ලිමේන්තුවේ සැලකිය යුතු නියෝජනයක් ලබා ගැනීම හැර, හෙළ උරුමයට වෙන කළ හැක්කක් නොමැත.

නමුත් ඉන් ශ්‍රී ලනීපය සිංහල ජාතිවාදයට යටවීම හෝ හෙළ උරුමයේ සිංහල ජාතිවාදය අහෝසි වීම හෝ දෙකෙන් එකක් සිදුවනුද ඇත. මේ දෙවන කරුණ ඉෂ්ඨ වේ නම් ඒ රට ලබන තවත් ජයග්‍රහණයක් වනු ඇත.එසේ නොවුණ හොත් රට යළි සොහොන් බිමක් වීම වැලැක්විය හැකි නොවේ.

(පැවැති පාලනයේ සිංහල ජාතිවාදි මතවාදය පෝෂණය කරණු ලැබුවේ හෙළ උරුමය විසින්ය. ඒ පාලනයෙන් හෙළ උරුමය ඉවත් වූවද ඒ මත්තේ රාජපක්ෂ නැසී ගියේය.)

සොහොන් පල්ලා

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us