ගුවන් ප්‍රහාරය වැරදුණු ඉලක්කයක්ද? -නිලන්ත ඉලංගමුව

Saturday, 19 July 2014 15:58

සත්‍යයේ ප්‍රබල සතුරා වූ කලී බලාධිකාරයට දක්වන මෝඩ ගෞරවයයි - ඇල්බර්ට් අයින්ස්ටයින්

රෝමානුවන් අසන මුලික ගැටලුව එනම් යමකින් ප්‍රතිලාභ අත්වන්නේ කාටද යන්න යළිත් ජගත් දේශපාලනය තුළ මතුපිටට පැමිණ තිබේ. ඒ යුක්රේණයට අයත් නමුත් ගැටුම් නිසා මගී යානා වලට පියසාර කිරීම තහනම් කරනු ලැබූ කලාපය තුළ සිදු වූ අතිශිය කණගාටු දායක සිදු වීම නිසාය.

මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයින් 777 වර්ගයේ මගී ගුවන් යානයක් ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයකට ලක් වීමෙන් යානයේ ගමන් ගත් සියලුම දෙනා ජීවතක්ෂයට පත් වූ බව මේ වන තහවුරු කරගෙන අවසානය. සිදුවීම මෑත ඉතිහාසයේ සිදු වූ භයානක ගුවන්යානා අනතුරුවලින් එකකි.මැලේසියානු ගුවන් සේවය ඊයේ රාත්‍රියේ ( ජුලි 18 ) නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් දැක්වූයේ තම ගුවන් සේවාව යුක්රේනයට අයත් අහස් සීමාවේ පියාසර කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවයි. ඒ වෙනුවට අදාළ ගුවන් යානා තුර්කියට අයත් ගුවන් සීමාව ආසන්නයෙන් පියාසර කරනු ඇත. කෙසේ වෙතත් අදාළ අනතුර විමසා බැලිය යුතු කාරණයක් බවට පත් වී තිබේ. මන්ද එය බරපතළ දේශපාලන බලපෑමක් ඇතැයි සිතිය හැකි ගුවන් යානා අනතුරක් වන හෙයිනි.

පවතින ගැටුම් කාරී තත්වය නිසා අදාළ ගුවන් යානයට තහනම් අවකාශයට ඇතුළු වීමට අවසරය සහ මඟ පෙන්වීම ලබා දුන්නේ කවුරුන්ද? යන්න මුලික ගැටලුව බවට පත් වී තිබේ. එසේම කිසිඳු ස්වාධීන පරීක්ෂණයක් සිදු නොකොට අමෙරිකා එක්සත් ජනපදය හුදු කල්පිත මත පදනම් වෙමින් රුසියාවට සහ පුටින් ආණ්ඩුවට එම අනතුරේ සම්පූර්ණ වගකීම භාර ගත යුතු බව දැඩිව කියා සිටියේය. නමුත් අදාළ චෝදනා රුසියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ අතර, අදාළ අනතුර පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය මතු කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ඔබාමාගෙන් පසු ඇමෙරිකානු මුල් පුටුව බොහෝ දුරට ලබා ගනු ඇතැයි අනුමාන කළ හැකි හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, උප ජනාධිපති ජෝ බීඩන් මෙන්ම කොංග්‍රස් සභික ජෝන් මැක්කේන් අදාළ අනතුර සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල කිරීමට ඉදිරියට පැමිණියහ. නමුත් ඒ වන විට කිසිවෙකු අදාළ අනතුර සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දැන නොසිටියහ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රුසියානු නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරණ විට්ලි චුකින් ඊයේ ආරක්ෂක මණ්ඩලය අමතමින් කියා සිටියේ අදාල අනතුර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කළයුතු බවයි. එසේම අදාළ යානයේ සියලු දත්ත ගබඩා වී අති කළු පෙට්ටියේ පාලනයට කිසිඳු ඇඟිලි ගැසීමක් තම ආණ්ඩුව විසින් සිදු නොකරන බවද හෙතම පෙන්වා දුන්නේය.

සැබවින්ම අනතුර සිදු වූයේ මිසයිල ප්‍රහාරයකින් බව පැහැදිලිය. අදාළ මිසයිලය රුසියානු නිෂ්පාදන ගුවන් යානා නාශක මිසයිලයක් බවද සැබෑය. මගීන් 298 දෙනෙකු රැගෙන අඩි 33,000 ක් ඉහලින් පියාසර කරමින් තිබු යානය මිසයිල ප්‍රහාරයට ලක් වීමෙන් පසු ඉහළ අහසේදීම පුපුරා ගියේද නොඑසේනම් බිබට පතිත වෙමෙන් පසු පුපුරාගියේද යන්න මේ වන විට සිදු වන පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී ප්‍රසිද්ධ වනු ඇත. නමුත් අමෙරිකානු රාජ්‍ය නියෝජිතයන් අනතුර සිදු වූ ආකාරය තම ඇසින් දුටුවා මෙන් ඒ ගැන කතා කිරීම විශ්මය උපදවන කාරණයකි. මෙහි ඇති දේශපාලන වැදගත්කම වන්නේ එයයි.

අදාල අනතුර සිදු වීමට පැය කිහිපයටක පෙර ඔබාමා පරිපාලනය රුසියාවට එරෙහි සම්බාධක වැඩි කරනු ලැබූ අතර එය ඇතැම් අමෙරිකානු සමාගම්වල පවා දැඩි දෝෂදර්ශනයට ලක් විය. එය ඔබාමා පරිපාලනය විසින් ගත් මෝඩ තීරණයක් බවත් එමඟින් අමෙරිකානු වෙළඳපොළට ඇති වටිනාකම තවදුරටත් පහත වැටිය හැකි බවත් අවධාරණය කටනු ලැබීය. අදාළ සම්බාධක වලින් රුසියානු ආයුධ සහ බලශක්ති සමාගම් වලට අමෙරිකානු බැංකු සමඟ ගනුදෙනු කිරීම වාරණයට ලක් කරනු ලැබීය.

අදාළ සම්බාධක පැනවීම සඳහා ජනාධිපති ඔබාමා යුරෝපා සංගමයේ සහය අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියද එය ලැබුනේ නැත. මේ නිසා අමෙරිකානු ආණ්ඩුවට තම ඒක පාර්ශවීය මුග්ධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. ඉන් පසු එය දැඩි දෝෂදර්ශනයට ලක් විය. විශේෂයෙන් අමෙරිකානු ඩොලරය තවදුරටත් හුදෙකලා වීම එමඟින් සිදුවන බව බොහෝ අමෙරිකානු ආර්ථික විශේෂඥයින්ගේ පවා අදහස විය.

ඊයේ රාත්‍රියේදී අදාළ සිදු වීම සම්බන්ධයෙන් මෙම ලේඛකයා සමඟ පෞද්ගලිකව අදහස් දැක් වූ රේගන් පරිපාලනයේ ආර්ථික මොඩලය සකස් කිරීමේ පුරෝගාමියෙකු වූ ආචාර්ය පෝල් රොබර්ට් අදාළ සම්බාධක පැනවීම විග්‍රහ කරනු ලැබුවේ , “අමෙරිකානු කුහක සහ අහංකාර දේශපාලනයේ මෝඩ කටයුත්තක් ලෙසය.” වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතම, “ අහංකාර වූ වුට ඉගෙන ගැනීමට ඇති පහසු ක්‍රමය නැති වී යන බවත් ඒ වෙනුවට දුෂණය, බොරු කීම සහ විනාශ කිරීම වෙත නැඹුරු වන බවත්” ප්‍රකාශ කරනු ලැබුවේ, ඉරාකය, සිරියාව වැනි රටවල් වල පවතින තත්වය ගෙන හැර දක්වමිනි. අදාළ සම්බාධක පැනවීමෙන් පසු ඔබාමා පරිපාලනය මහත් කළබගෑනියකට මුහුණ දුන්නේය.

මේ අතර රුසියානු ජනාධිපති පුටින්ගේ පෞද්ගලික ගුවන් යානය අදාළ මැලේසියානු ගුවන් යානය ගමන් කිරීමට පැය භාගයට පමණ පෙර අදාළ අනතුර සිදු වූ ස්ථානයෙන් පියාසර කළේය. ඉන් පසු මැලේසියානු ගුවන් යානය එම මාර්ගයම ගනිමින් ඈම්ස්ටඩාම් සිට ක්වාලාලාම්පූර් දක්වා පියාසර කමින් තිබුණි. අදාළ ප්‍රදේශය මගී ගුවන් යානා පියාසර නොකළ යුතු ස්ථානයක් බව මීට පෙර ප්‍රකාශ කොට තිබුණද අදාළ යානය එම මාර්ගයේ ගමන් ගැනීම කුමන හේතුවක් නිසා සිදු වූයේද යන්න කිව නොහැකිය. වඩාත් වැදගත් කාරණය වන්නේ ජනාධිපති පුටින් ගමන්ගත් ඔහුගේ පෞද්ගලික යානය සහ මැලේසියානු ගුවන් යානය එකම ස්වරූපයක් සහ පැහැයක් ගැනීමය. මේ නිසා අදාළ ප්‍රහාරයේ සැබෑ ඉලක්කය මඟ හැරුනේද යන්න ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වුව හොත් හෙළි දරව් වනු ඇත.

කෙසේ වවෙතත් මෙම කාරණා කිසිවක් ප්‍රධාන පෙලේ මාධ්‍යන් විසින් ප්‍රසිද්ධ කිරීම කුමන හෝ හේතුවක් නිසා මඟ හැර ඇත. එසේම යුක්රේණ දේශ සීමාව තුළ මේ ආකාරයෙන් ගුවන් යානා ප්‍රහාරයට ලක්වීම මීට පෙරද වාර්තා වී ඇත. විසේශයෙන් 2001 ඔක්තෝම්බර් මාසයේදී සිදු වූ ප්‍රහාරයෙන් පසු ප්‍රහාරයට ලක් වූ යානය මුහුදට වැටුනි.

මේ නිසා අදාළ ඛේදවාචකය ගැන පූර්ව නිගමනවලට එළඹීමට පෙර වැදගත් වන්නේ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍ය තාවය සහ එම පරීක්ෂණයේ ප්‍රතිඵල විකෘති නොකොට ප්‍රසිද්ධ කිරීමය. නමුත් ඉරාකයේ සමූල ඝාතක අවි ඇතැයි කියමින් මෙන්ම සිරියාවේ බසීර් , රසායනික අවි භාවිතා කළ බව කියමින් ජාත්‍යන්තර දේශපාලනය බොරුවලින් රවටනු ලැබූ මැදිහත්කරුවන් හමුවේ සත්‍ය කෙතරම් දුරට ප්‍රසිද්ධ වේ යැයි කිව නොහැකිය.

මිනිස් ජීවිත සමඟ බලය සිදුකරන කොල්ලකාරී ඛේදනීය සෙල්ලමේ ප්‍රතිඵල මෙයයි.

Last modified on Saturday, 19 July 2014 16:36

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us