එන්න දැන් පාරට බහිමු ! මේක තමයි වෙලාව !! Featured

Monday, 23 March 2015 12:19

හිටි හැටියේම ඊයේ ඇමැති මණ්ඩලයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පත් කිරීමත් සමඟ නනාප්‍රකාර විවේචන හා ඒ අනුමත කිරීම් ‍රැසක් ඉදිරිපත්ව තිබේ. මේ ජාතික ආණ්ඩු කතා බව හදිසියේ වූවක් නොවේ. ඒ ජනාධිපතිවරණයටත් පෙරාතුව තිබුණකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්හොත් ඔහු දුන් පොරොන්දු ඉ‍ටු කිරීඑමට නම් ඔහුට පක්ෂපාත ඔහු හා එවකට ඔහුට සහය දුන් විපක්ෂ කණ්ඩායම් විසින් ලබා දුන් වැඩ පිලිවෙලට පක්ෂපාත ආණ්ඩුවක් තිබීම අනිවාර්ය කොන්දෙසියක් විය.

ඒ, දේශපාලන පෙහෙලිකාවක් නොව සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයකි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කළේ සුලුතර බලයක් සහිතවය. එහෙත් ශ්‍රීලනීප ලේකම්වරයාව සිටි තම මිතුරා ජනධිපතිධුරයට පත්වීම මත ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ට තවදුරටත් රාජපක්ෂ මත්තෙ වැටී සිටීම හොඳ සිහි බුද්ධිය අනුව ගන්නා තීරණයක් නොවන බව පැහැදිලිවෙමින් තිබිණි.

මේ අනුව ජනාධිපතිවරණයට පෙරම බොහො දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලනීපය පැරණි ස්වාමියාව අත් හැරිනු ලබන බවය.

මේ සිදුවෙමින් තිබෙන්නේ එයය. මෙම නව තත්වය නිසා වඩාත්ම අසරණ භාවයට පත්ව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අනුව ආණ්ඩුවේ ඇමතිකම් බාර ගැනීමට ශ්‍රීලනීපය එකඟවීම පක්ෂය පාවා දීමකි. එහෙත් සමස්ථ පක්ෂයම ආණ්ඩුවට එක්වීම පක්ෂය පාවා දීමක් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

එමෙන්ම වත්මන් ආණ්ඩුව හා පැවැති මහින්ද රාජපක්ෂගේ තුනෙන්දෙකෙ බලය සහිත ආණ්ඩුවේ සංයුතිය ගෙන බැලුවත් ලොකු වෙනසක් ඇත්තේ නැත. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ බලවත් ඇමැති තනතුරු දැරුවේ එජපයෙන් අර ගන්නා ලද ප්‍රබලයන්ටය. ඔවුන් ඒ ආණ්ඩුවට එන විට විමල් වීරවංශ එම මන්ත්‍රීවරුන් තමන්ගේ පක්ෂය පාවාදී ආණ්ඩුවට එක් වූවා යැයි කියමින් පරල වූයේ ද නැත.

එමෙන්ම මීට පෙර පවැතියේද ශ්‍රී ලනීපය ප්‍රමුඛ ආණ්ඩුවක් වන අතර මෙවර ශ්‍රීලනීපය දැරු ඇමැතිකම් වෙනස් වී තිබේ. වීරවංශලා වැනි ආණ්ඩු විරෝධීන් කිහිප දෙනෙකුට ඇමැතිකම් ලැබී නැත. එමෙන්ම ඇමැතිකම් නොලැබී තවත් ශ්‍රීලනීප මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂය ලෙසද පෙනී සිටී. එහෙත් ඔවුන්ගේ නායකයාද ජනාධිපති සිරිසේන මහතාමය.

ඒ අනුව පැවැති රාජපක්ෂ පාලනයට වඩා මෛත්‍රීපාලනය බල සම්පන්නය. වෙනසකට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනට රාජක්ෂ මෙන් හිතුවක්කාරී එකාධිපති පාලනයක් ගෙන යාමට නොහැකි වීමය. ඔහු ඇඟ බැඳ ඇති විධායක ජනාධිපතිවරයෙකි. ඔහුගේ ඇඟ බැඳ ඇත්තේ එජාපය විසිනි. ශ්‍රිලනීපයට අවශ්‍ය ලෙස ජනාධිපතිවරයාට කටයුතු කිරීමේ හැකියාවක් නොමැත.

එමෙන්ම එජාපයට අවශ්‍ය ලෙස ජනාධිපතිවරයාව නැටවීමේ හැකියාවක්ද නැත. එජාපටද ආණ්ඩු කිරීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිවරයා ඒකාධිපතියකු නොවන තාක් කල් පමණි. මේ වනාහි අපූරු බල තුලනයක් සහිත පාලනයකි. මේ පවත්වාගෙන යාම දැලිපිහියෙන් කිරිකනවා මෙන් විය හැකිය. එහි වාසිය හිමිව ඇත්තේ රටේ මහජනතාවටමය. ජනතාවට පක්ෂපාත ලෙස තීන්දු තීරණ ගැනීමට පාලකයන්ට බල කරන තත්වයකි මේ.

මේ ඓතිහාසික අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ජනතාව සමත් විය යුතුය. ගෝත්‍රික ප‍ටු වුවමනාවන් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් ජනතාව නිරන්තර අරගලයට සූදානම් විය යුතුය. නියම ජයග්‍රහණයන් අත්පත් කර ගත හැක්කේ එවිටය.


එස්බීට ඇමැතිකමක් දීම

ඊයේ දිවුරුම් දුන් ඇමැති මණ්ඩලයේ එස්බී දිසානායක පවිත්‍රා වන්නිආරච්චි වැනි චරිත දකින්නට ලැබීම ගැනද වත්මන් පාලනය බිහිකිරීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අයගේ යම් විරෝධයක් පළ වෙමින් තිබේ. ඔවුන්ගේ විරෝධයෙහි සාධාරණයක් තිබුණත් සමාජ ජාලාවල සැරි සරන විට පෙනී යන්නේ රාජපක්ෂගේ හෙංචයියලා විසින්ම මේ විරෝධය අවුලන හැටියකි.

කෙසේ නමුත් ජනතාවගේ අපකීර්තියට ලක් වූ ශ්‍රී ලනීප ප්‍රබලයන් හැර තවත් ප්‍රබල කණ්ඩායමක් ශ්‍රී ලනීපය තුල වෙයි. ඔවුන්ට ඇමැතික නොදී, වත්මන් පාලනය විවේචනය කළ මන්ත්‍රීවරුන්ද ඇතුලත්ව මේ අපකීර්තියට ලක්වූවන්ට ඇමැතිකම් දී ජාතික ආණ්ඩුවක් බිහිකර ගැනීම දේශපාලන උපක්‍රමයක් බව පැහැදිලිය. මේ ගැන යහපාලනයක් බලාපොරොත්තු වූවන් කණගා‍ටු නොවිය යුතුය.

පෙර කී පරිදි දුන් පොරොන්දු ඉක්මනින් ඉ‍ටුකරවා ගැනීමටත් රටේ හෙට දවස වඩා යහපත් කර ගැනීම වෙනුවෙන් අවධියෙන් සිට ඒ වෙනුවෙන් අරගල කිරීමත් මේ මොහොතේ අප වෙතින් සිදුවිය යුතු පැහැර නොහැරිය යුතු වගකීමකි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය යන්නට අර්ථයක් එකතුවන්නේ එවිටය.

- ජනතා පාක්ෂිකයා

 

Last modified on Monday, 23 March 2015 12:26

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us