ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ.. දැන් ආතල්ද?

Tuesday, 07 April 2015 11:34

වත්මන් ආණ්ඩුවට රජයේ සේවක පඩි ගෙවීම සඳහා මුදල් නැති බවට විපක්ෂ නායක වරයා ඊයේ මහ ගෝරනාඩුවක් කළේය.

මේ නිසා ආණ්ඩුව රුපියල් බිලියන 400 ක භාණ්ඩාගාර බැදුම්කර විකිණීම සඳහා අද දින පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටීමට නියමිත බවත් අපිට එම යෝජනාව පැරදවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවැසීය. මේ ප්‍රකාශයෙන් චූන් වු විමල් වීරවංශ ඔහුගේ වෙබ් අඩවියේ මහත් ආහ්ලාදයෙන් යුතුව මේ පුවත වාර්තා කර ඇත්තේ ආණ්ඩුව භාන්ඩාගාරය විකුණන බව සඳහන් සිරස්තලයක්ද සමඟිනි.

ඉතා අගේය. රාජ්‍ය සේවයකයාට මේ උත්සව සමයේදී පඩි ගෙවීමට නොහැකි වන්නේ නම් තමන්ගේ බඩගෝස්තරවාදී සටකපට දේශපාලන ගමන් මග පෑදෙන්නේ යැයි මේ 'මහජනතාවගේ නියෝජිතයෝ' යැයි කියන මේ 'සත්තු' කල්පනා කරමින් තිබේ.

රාජ්‍ය සේවකයාගේ වැ‍ටුප් ප්‍රශ්නය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල ද අඛන්ඩව පැවැති ගැටලුවකි. උතුරේ යුධ සමයේදී රාජ්‍ය සේවක වැ‍ටුප රුපියල් 10,000 කින් වැඩි කරන්නැයි මහා උද්ඝෝෂණයක්ද පැවැති බව අපට මතකය. එදා රාජපක්ෂලා කීවේ පටි තද කර ගනින් මං යුද්දෙ ඉවර කර, රට සුඛිත මුදිත කරලා දෙන්නම් යනුවෙනි. එහෙත් සිදු වූයේ කුමක් දැයි අපි දනිමු. රාජපක්ෂ පවුලෙ බැංකු ගිණුම් තර වූයේ බිලියන් දහස් ගනනින් බව මේ වන විට හෙළිව පවතී.

වහා විසඳිය යුතුව තිබු රාජ්‍ය සේවකයාගේ වැ‍ටුප් ප්‍රශ්නයට යන්තමින් හෝ විසඳුමක් ලබා දෙන්න වත්මන් පාලකයෝ කවර දුෂ්කර තා මධ්‍යයේ හෝ පියවරක් ගත්තේය. මුළු රාජ්‍ය භාණ්ඩාගාරයම රාජපක්ෂලාගේ ගිණුම් වලට මාරු වී ඇති විටෙක රටම විදේශ ණය උගුලක හිර කර ඇති විටෙක , සිතා ගන්න බැති තරමේ මහා වංචා දූෂණ කන්දරාවක් සිදුව ඇති විටෙක. රටේ ආර්ථිකය බොරු සංඛ්‍යා ලේඛන විජ්ජා මඟින් පුම්ම්බා රටත් ලෝකයාත් රවටා තිබු මොහතක වත්මන් පාලකයෝ රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය සවිමත් කරන්නට ගත් පියවර ඉහළින්ම අගය කළ යුත්තකි. ඒ රාජපක්ෂ පාලනයේ දසවරක තිස්සේ බැටකෑ රාජ්‍ය සේවකයා හොඳින්ම දන්නා කරුණකි.

ආණ්ඩුව පෙරලන්න

අද රාජ්‍ය සේවකයාට පඩියක් නඩියක් වැඩිපුර ලැබෙන විට කිපෙන යමෙකු වේ නම් උන් මොක්කුදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. රාජ්‍ය සේවකයා අත තිබෙන ඡන්ද බලයේ හැකියාව මේ සත්තු හොඳින්ම දන්නේය. එය රටක පාලන බලය වෙනස් කිරීම සඳහා හොඳටම ප්‍රමණවත්ය. මේ නිසා ඔවුන් කල්පනා කරනේ මේ රාජ්‍ය සේවකයාට වැ‍ටුප් ගෙවීමට නොහැකි වුව හෝත් ඔවුන් විසින් මේ පාලනය පෙරලා දමා තමන්ව බලයට පත් කරනු ඇති බවය.

මේ මරි මෝඩයන් හිතන්නේ රාජ්‍ය සේවකයා තමන්ට වැ‍ටුප ලැබෙන්නේ ණයට සල්ලි අරගෙන නිසා ඒ ප්‍රතික්ෂේප කළ යුතු යැයි කල්පනා කරනු ඇති බවය. එහෙත් රාජපක්ෂලා වැ‍ටුප් ගෙව්වේද ණයට සල්ලි අරගෙන බව දැන් මොවුන්ට අමතකව තිබේ. අදත් රාජ්‍යයේ පැවැත්මට තරම් රාජ්‍යයේ ආදායමක් නැත. වියදම් තුළනය කර ගත්තේ ණය අරගෙන බව පසුගිය දශක තුන හතරක අය වැය වාර්තා පිරික්සීමෙන් පැහැදිලිව පෙනෙයි.

මෙරට ආර්ථිකය 1953 සිට විදේශ ණය මත තීරණය වූ දෙයකි. වෙනසකට ඇත්තේ එදා නැවත ගෙවීමේ හැකීයාව සහතිකව ණය ගත්තේ සීමිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට වීමත් අද සීමාවක් නොමැතිව මජර දේශපාලකයන් ගේ දූෂණ වංචා , නාස්තිකාර සංදර්ශන වියදම් පියවීමටත් හා ණය පොලී ගෙවන්න ණය ගන්නට සිදුවීමත්ය. මේ හේතුවෙන් රට පැහැදිලිවම ණය උගුලක සිරකර තිබේ. ඒ පියවීම සඳහා වත්මන් පාලනයට තව දුරටත් විදේශ ණය මත පැළපදියම් වන්නට හැකියාවක් නැත. පැරණි ණය බරෙන් නිදහස් වීමට නම් රාජ්‍ය ආදායම් වැඩි විය යුතුය, රජ්‍ය වියදම් අඩු විය යුතුය. එහෙත් මේ ඉතා දුෂ්කර කාරියකි. ඒ දින සියයක කාලයකින් කළ හැක්කක් නොවේ දීර්ග කාලීන ආර්ථික උපාය මාර්ග අනුව සීරුවෙන් කළ යුත්තකි.

මේ තත්වය හමුවේ බිලියන් 400 ක භාණ්ඩාගාර බැඳුම් කර විකිණීමට පියවර ගැනීම වැරදි සහගත තේරීමක් නොවේ. එසේම ඒ ආර්ථිකයකට නරක අන්දමින් බලපවත්වන දෙයක්ද නොවේ. මේ රජයක සාමාන්‍ය ක්‍රියා පටිපාටියේ අංගයකි. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සති පතා භාණ්ඩාගාර බැඳුම්කර , බිල් පත් විකිණීම සිදු කළ බව අමතක කළ යුතු නොවේ. අනෙක් කරුණ බැඳුම්කර වෙළදාමේ වැඩි වාසියද යළි ලැබෙන්න මෙරට පුද්ගලයන්ටමය. ඒ පොලී ආදායම් යළි රට තුලම ආයෝජනය වීමේ අවස්ථාව බහුලය.

මේ නිසා මේ විපක්ෂයේ මරි මොඩයන් බැඳුම්කර සම්බන්ධයෙන් ගොතන තඩි බොරු මඟින් සිදු කරනු ලබන්නේ මේ රටේ ඉදිරි ගමනට වළ කැපීමය. මේරටේ ජනතාවගේ පොකැට්‍ටුවට වැඩිපුර කීයක් හෝ වැටෙන්න තිබෙන අවස්ථාව නැති කිරීමය. මොවුන් උත්සහ ගන්න රටේ ජනතාවට කෙළවා දමා හෝ තමන්ගේ බඩ ගොස්තරය හොයා ගැනීමටය. මේ නිසා සිහි බුද්ධියක් ඇති ඡන්දදායක රාජ්‍ය සේවකයා කල්පනා කළ යුත්තේ රටට, තමන්ට, තම පවුලට විනකරන මේ කාලකණ්නිව තව සති කිහිපයකින් පසුව කැඳවන මහ මැතිවරණයේදී එළවා දැමීම ගැනය.

- ජනතා පාක්ෂිකයා

Last modified on Tuesday, 07 April 2015 13:25

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us