විධායකය ‍රැකගැනීමට වලිකන සෙවලයන් පන්නා දමනු !

Thursday, 09 April 2015 11:57

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේවන විට ඉදිරිපත් කර තිබෙන 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම සඳහා ගෙන තිබෙන පියවර කඩාකපල් කිරීම සඳහා රාජපක්ෂවාදී මළප්‍රේතයන් පිරිසක් හා ඒකාධිපති තනතුරට පත්වීම සඳහා සිහින දකින්නන් විසින් දැඩි උත්සහයක් ගනිමින් තිබෙන බව පෙනෙන්ට තිබේ.

මේ වන විට නව සංශෝධනය සම්බන්ධයෙන් වන අර්ථ නිරූපන කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වන සංශෝධනයන් සහිතව ලබන 20 වන දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තාවේ.

කෙසේ නමුත් විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම යනු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හුදු ඡන්ද පොරොන්දුවක් පමණක් නොවේ. 1978 දී ජේ ආර් ජයවර්ධන එවකට අගමැතිවරයාව සිටිමින් ගෙන ආ මෙම විධායක ජනාධිපතිධුරය සහිත නව ව්‍යවස්ථාවට ජනතා විරෝඅධය එදා සිටම පැවැති තත්වයකි. ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා හැර ඡන්දයෙන් බලයට පැමිණි සියළු ජනාධිපතිවරුන් විසින් ඡන්ද පොරොන්දුවක් ලෙස මෙම තනතුර අහෝසි කරන බවට පොරොන්දු විය. සිවිල් සමාජ ක්‍රීයාකාරිත්වයන් විසින් මෙම තනතුර අහෝසිකිරීම සම්බන්ධයෙන් ලේඛන සාකච්ඡා දසදහස් ගනනකට වඩා මේ කාලය තුල ඉදිරිපත් කර ඇතිවාට සැකයක් නැත. අවසන් වශයෙන් මෛත්‍රෙපාල සිරිසේන මහතා බලයට ගෙනාවේම මෙම තනතුර අහෝසි කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම වෙනුවෙනි.

දැන් එළඹී ඇත්තේ එහි කූටාප්‍රප්තියේ මොහොතයි.

මේ තිස්වසරක ත්‍රස්තවාදී යුද්ධයෙන් රට නිදහස් කර ගැනීම යම් ඓතිහාසික අවස්ථාවක් වන්නේ කෙසේද යත් විධායක ජනාධිපතිගේ අණසකෙන් රට මුදා ගැනීමද ඓතිහාසික මොහොතක් වනු ඇතේය.

එහෙත් මේ ඓතිහාසික මොහොත භුක්ති වීඳීමට මෙර්ට සිංහල දෙමළ මුස්ලිම් සමස්ත රට වැසියාට ඇති අවස්ථාව වැලැක්වීමට ජනතා විරෝධී බඩගෝස්තරවාදී දේශපාලුවන් පිරිසක් කැස කවමින් සිටීම රටේම අභ්‍යගයකි.

ජාතිවාදය, ආගම්වාදය,පුද්ගලාභිවන්දනය, ප‍ටු දේශපාලන අභිලාෂයන් මතු කර තමන්ගේ බඩ ගෝස්තරයම ගැන පමණක් කල්පනා කරන මේ අවස්ථාවාදී දේශපාලකයන් මේ රටට මහත් පිළිලයක් බව තව තවත් කිව යුතු නොවේ.

මේ රට සුද්දාගෙන් නිද්හස් කර ගත් දා සිටම පිළිලයක්ව පවතින්නේ මේ ප‍ටු අදහස් ඇති වුන් රටේ පාලන බලය අත්පත් කර ගැනීම නිසාය. සැබෑ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ මෙරටේ බහුතර ජනතාව ( මීට සිංහල දෙමල මුස්ලිම් හා අන් සියළු ජනවර්ගද අයත්ය) තුළ මේ ප‍ටු මනස්ගාත ඇත්තේ ඇත. අනෙකාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිය හැකි අනෙකාගේ බඩගින්න ගැන සංවේදී වන බහුතරයක් දෙනා සිටින රටක ප‍ටු වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින වුන් නිතැතින්ම ප්‍රතික්ෂේපවේ. මහින්ද රාජපක්ෂට වූයේ එයය. සිංහල බෞද්ධ වර්ගවාදය වපුරා ජය ගන්නට උත්සහ කළද සිහි බුද්ධියක් ඇති සිංහල බෞද්ධයන් ඔහුව පරාජයට පත් කළේය. බොදු බල සේනා වැනි ආගමික කල්ලි කිසිවකුත් පිළි ගන්නේ නැත. කොටින්ම 'සමාජවාදය' වුවත් ඒ ආඥාදායක පාලනයක් වෙනුවෙන් පෙනී සිටින වුන්ටද මේ සමාජයේ ඉඩක් ඇත්තේ නැත.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී මේ රටට විණ කරන ප‍ටු අවස්ථාවාදීන්ට ඉඩක් නොලැබෙනු ඇත. මෙරට ජනතාවගේ සාතිශය බහුතරයට තොරතුරු දැන ගැනීමේ හැකියාව අන් කවරදාකටවත් වැඩියෙන් අද දියුණු තැනක පවතින බැවින් තව දුරටත් මේ බොරු කාරයන්ට සමාජය ඉදිරියට වෙස් මුහුණු දමාගෙන පැමිණිය නොහැකිය.

මේ නිසා අද දින පාර්ලිමේන්තුවේ හෝ වේදිකා ගානෙ හෝ රූපවාහිනියේ හෝ කෙරෙන අවස්ථාවාදී මොර ගෑම් පවතිනු ඇත්තේ මීළඟ මහමැතිවරණයේ ප්‍රතිපළ නිකුත් වන තුරු පමණය. රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් එම ප්‍රතිපල නිකුත් වීමෙන් පසුව සනි‍ටුහන් වන බවට මේ මොහොතේ වුව කැට තැබිය හැක.


- ජනතා පාක්ෂිකයා

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us