ෆොන්සේකා තක්කඩියකු ලෙස බෞතිස්ම කිරීම Featured

Friday, 17 April 2015 12:43
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දැන් නොම්මර එකේ දේශපාලන තක්කඩියකු ලෙස බෞතිස්ම කිරීමේ කාර්යය අප සහෝදර වෙබ් අඩවියක් වූ 'ලංකා නිව්ස් වෙබ්' විසින් බාර ගෙන තිබීම එක අතකින් සතුටට කරුණකි.  
 
මෙතුවක් කල් රාජපක්ෂලා හා වුන්ගේ හෙංචයියලා හැරෙන්නට අන් කිසිවකුට සරත් ෆොන්සේකා යනු තක්කඩියකු වූයේ නැත. අවංකව සෘජුව වැඩ කරන අභීත විරුවෙකු ලෙස ඊයේ පෙරේදා වන තෙක් ඔවුහු සිතා සිටියහ. 
 
 
ලංකා නිව්ස් වෙබ් අඩවියේ පසුගිය 12 වන දින පළ කළ සටහනක් අනුව, අනුව ෆොන්සේකාගේ ලේකම් වරයකු වූ සේනක ද සිල්වා විසින් ගෝඨාභය රාජපක්ෂව දේශපාලනයට ගෙන ඒමට උදව් කිරීම, ෆොන්සේකා අමන්දානන්දයට පත්ව තිබේ.  ඔහු සේනක සිල්වාව අගයා  එය කොහොම හරි කරන ලෙසද ඉල්ලා තිබේ.
 
මෙය ෆොන්සේකාගේ දේශපාලන පරිණතකම පෙන්වන ලක්ෂණයක් බවත් එය විවේචනය කළ වෙබ් අඩවිකරුවන් ( ඊට එරෙහිව මුලින්ම කරුණු දැක්වූයේ 'ලංකා ඩේලි' වෙබ් අඩවියයි) මෝඩ මැටි මොල්ලු බවත් පැවැසීමට ලංකා නිව්ස් වෙබ් සංස්කාරකවරයා උත්සහ ගෙන තිබිණි.
 
හොරුන් දූෂිතයන් අපරාධකරුවන් ජාවාරම්කරුවන් තක්කඩියන් සිය අවසන් ගැලවීමේ ස්ථානය නැතිනම් සිය පැවැත්මේ සුරක්ෂිතම ස්ථානය ලෙස ‍තෝරා ගන්නේ දේශපාලන වේදිකාව බව ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ ඕනැතරම් පැහැදිලි නිශ්චිත සාක්ෂි පෙන්වා දි තිබේ. 
 
රාජපක්ෂලාගේ දූෂිත පවුල් පාලනය ගැන ඕනැතරම් දේ හෙළි කළ ලංකා නිව්ස් වෙබ් අඩවිය ට මේ ගැන අමුතුවෙන් පෙන්වා දියයුතු නැත.  විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ යනු කවරෙක්ද ඔහු කළ කී දේ ගැන අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇන පෙන්වා දිය යුතුද නැත. ඒ ගෝඨාබය රාජපක්ෂට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක නොකර ඔහුව ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියද වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් විසින් ගෙන යන බවද සැඟවිය යුතු කරුණක් නොවේ.  ලංකා නිව්ස් වෙබ් අඩවියට අනුව  එයද යහපාලනයේ දේශපාලන පරිණතභාවයේ ලක්ෂණයක් විය හැකිය.
 
ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ගෝඨාභය රාජපක්ෂව උපාසක මහතකු කිරීමට ගත් දැනුවත් උත්සාහයත් ලංකා නිව්ස් වෙබ් අඩවිය තවත් එහාට ගොස් ෆොන්සේකාගෙන්ද ගෝඨාභයට චරිත සහතිකයක් ලියා දීමට ඉදිරිපත් වීමත් සමහර විට එකම කොන්ත්‍රාත්තුවක  අදියර දෙකක් විය හැකිය. ෆොන්සේකාගේ ලේකම් සේනක සිල්වා ගෝඨාභය රාජපක්ෂට උදව් කිරීම ගැන ගැටලුවක් නැත. ඒ දේ ඔහු එදා සිටම මේ ඩබල් ගේම කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙනුත් මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙනුත් ඔහු වියදම් කළේය.
 
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මුලින් සූදානම් වූයේද සේනකගේ සභාපතිත්වයෙන් යුතු එම පක්ෂයෙන්මය, අද ගෝඨාභයට දේශපාලනය කිරීමට එම පක්ෂයම ලබා දීමට ඔහු සූදානම්ය.   දේශපාලනයේ කොයි පැත්ත පෙරළුනත්  තමන්ගේ ව්‍යාපාරයන් ‍රැක ගැනීම වෙනුවෙන් වූ තක්කඩි උපක්‍රම ජාරාජීර්ණ වූ ව්‍යාපාරිකයන් විසින් අනුගමනය කරයි. සේනක කරමින් සිටින්නේද එයමය. මේ දේශපාලන පරිණතකම ලෙස කවුරුන් හෝ තේරුම් ගන්නවානම් ඒ ඔවුන්ගේ ඇති තකතීරු කමය. 
 
දේශපාලනයේ සදාකාලික සතුරන් නැති බව ඉතිහාසය ඔප්පු කළ කරුණකි. එහෙත් ඒ අදාල වන්නේ දේශපාලනයට පමණකි. නම ගිය අපරාධකරුවක් දේශපාලනය ගෙන විත් ඔහු සුදනකු ලෙස ලේබල් කර මිත්‍රත්වය වඩවා ගැනීම වෙන තක්කඩි කමකි.  එය දේශපාලන පරිණත කමේ ලක්ෂණයක්  ලෙස තවකෙකු ප්‍රකාශ කරන්නේ වුන්ගේ ඇති තක්කඩි වුවමනාවන්ට සාපෙක්ෂවය.
 
දැන් සරත් ෆොන්සේකා යනු තවදුරටත් අපගේ වීරයා වන්නේ නැත. ඔහු  මේ තක්කඩි දේශපාලනයේ තවත් එක තක්කඩියකු පමණි. එය හෙළි පෙහෙළි කර දීමට ලංකා නිව්ස් වෙබ් අඩවිය මහන්සි වීම කලින් සඳහන් කළ පරිදී අපගේ සතුටට හේතු වී තිබේ.
 
ජනතා පාක්ෂිකයා
 
සැබැඳි ලිපි :
 
 
 
 
ලංකා නිව්ස් වෙබ් සටහන
 
ගෝඨාට පක්ෂය දීමට ඉදිරිපත් වූ සේනකට ෆොන්සේකාගේ ප්‍රසාදය!
 
මේ දිනවල ශ්‍රී ලංකාව පුරා ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අපගේ සහෝදර වෙබ් අඩවියක් වන ‘ශ්‍රී ලංකා මිරර්' සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්, වෙබ් අඩවි, මුද්‍රිත මාධ්‍ය සිය අප්‍රසාදය හා විවේචනය එල්ල කරමින් සිටින වටපිටාවක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඊට සම්පූර්ණයෙන්ම පටහැනි ස්ථාවරයක් දරමින් පලකළ අදහසක් මෙහිලා වාර්තා කිරීම ශ්‍රී ලාංකේය දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියළුම පාර්ශවයන්ගේ අවදානයට ලක්විය යුතුය.
 
 ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල්' සරත් ෆොන්සේකා තම පුද්ගලික ලේකම් වන සේනක හරිප්‍රිය සිල්වා අමතා ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පිවිසෙන්නේ නම් තමන්ගේ පක්ෂය වන ‘අපේ ජාතික පෙරමුණ' ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව සිය ප්‍රසාදය පලකිරීම එක් අතකින් සතුට දනවන කරුණක් වන අතර අනෙක් අතින් පසුගිය සය වසරක් තුල සරත් ෆොන්සේකා දේශපාලන වශයෙන් ලබා ඇති පරිණතභාවය පිළිබඳව මනා සාක්ෂියකි.
 
සේනකව අමතා ඇති ෆොන්සේකා ඔහුගේ වචනයෙන්ම සඳහන් කර ඇත්තේ ‘අයිෂේ තමුන් නියම වැඩක් කරන්න යන්නෙ. ඔය යකාව (ගෝඨාභය) කොහොම හරි දේශපාලනයට ගේනව. අඩුගානෙ පාර්ලිමේන්තුව නැති වුනත් පළාත් සභාවකින් හරි දේශපාලනේට ගෙනල්ලා මෑන්ගෙන් වැඩක් ගන්න බලනව. කුණු සුද්ධ කරන එක මෑන්ට පවරනව. මිනිහ හරියට ඒක කරයි. වැඩේ අතාරින්න එපා' කියාය.
 
ෆොන්සේකාගේ ප්‍රතිචාරයෙන් සේනක සිල්වා මවිත වී ඇත්තේ එය ඔහුගෙන් කෙදිනකවත් බලාපොරොත්තු නොවූ බැවිනි. සේනක මුලදී සිතා ඇත්තේ පුවත ආරංචි වූ සැණින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සේනකට දුරකතනයෙන් අමතා ‘මගේ පරම හතුරට සුදු හුණු ගාලා දේශපාලනේට ගේන්න තමුසෙලට පිස්සුද ඕයි? මින් මනත තමුසෙ මගෙ ගෙවල් පැත්තෙ පස් පාගන්න එපා. තමුසෙත් ගිහින් මිරර් එකේ එවුන් එක්ක එක්කහු වෙලා ගෝඨත් එක්ක නිදි වදිනව' වැනි වූ කර්කශ ප්‍රතිචාරයකි.
 
කෙසේ නමුත් අවුරුදු 60 ක් හමුදා සෙන්පතියෙකු වූ සරත් ෆොන්සේකා දේශපාලන වශයෙන් ලබා ඇති පරිණතභාවය අපගේ හිතවත් දේශපාලඥයින්ට හා හිතවත් මාධ්‍ය සගයින්ට වඩා ඉදිරියෙන් තිබීම ෆොන්සේකාගේ දේශපාලන ආගමනයට පුරෝගාමී වූ අප සැමට සතුටකි.
Last modified on Friday, 17 April 2015 12:48

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us