ගෝත්‍රික මහින්ද සහ ක‍ටු කෑ බල්ලන් Featured

Tuesday, 21 April 2015 12:42

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව මේවන විට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය විසින් මහින්ද රාජපක්ෂ යනු කෙතරම් මුග්ධ ගෝත්‍රික නායකයකු වීද යන්න පැහැදිලිව පෙන්නුම් කරමින් තිබේ.

මේ රට ශිෂ්ඨසම්පන්න රටක් කිරීම වෙනුවෙන් යුරෝපීයයන් විසින් හඳුන්වා දුන් පාලන ක්‍රම වේදය වු පාර්ලිමේන්තු ක්‍රමය පසු කාලීන අශිෂ්ඨ පාලකයන් විසින් ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයක් දක්වා පරිවර්ථනය කර රටේ පාලන තන්ත්‍රය ජනතා විරෝධී මෙවලමක් බවට පත් කර අවසානයේ තනි පවුලක බූදලයක් බවටද පත් කර ගන්නා ලදී.

පසුගිය ජනවාරී 08 වන දින මේරටේ බහුතර ඡන්ද දායක පිරිස විසින් නිදහස් කරගනු ලැබුවේ ඒ පවුලේ බූදලයක් බවට පත්ව තිබී පාලන තන්ත්‍රයයි.

මේ ප්‍රජාතන්ත්‍රවාදයේ යුගයක ඇරඹුමය. විධායක ජනාධිපති ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයට බාධකයක් වූ කොටස් ඉවත් කර ගැනීම සඳහා තීරණාත්මක සටනකට ප්‍රවිෂ්ඨව ඇති මොහොතකි. එහෙත් ඊට එරෙහිම මහා බාධකයන් ගොඩ නැගෙමින් තිබේ.

මෙහිදී වැදගත් කරුණ වන්නේ මේ බාධක මොනවාද ඒ මෙහෙය වන්නේ කවුරුන්දයි සෙවීමට වඩා මෙමගීන් රටට සිදුවන්නේ කුමක්දැයි විමසීමය. අද පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම් විරෝධය පළ කරමින් තිබේ. එමෙන්ම මහින්ද රාජපක්ෂද ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් තිබේ.

රටේ යුක්තිය සාධාරණය සදාචාරය වෙනුවෙන් පිහි‍ටුවා තිබෙන අධිකරණ පද්ධතියට පරිභාහිරෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා ගනනාවක් පිහි‍ටුවා ඈත. පසුගිය පාලන සමයේදී මෙම ස්වාධීන කොමිසම් සභා අක්‍රීය කර විධායක ජනාධිපති ක්‍රමය තවත් බලසම්මන්න කරනු ලැබූ වබ අමතක කළ යුතු නැත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද අනූව දශකයේදී පිහි‍ටුවනු ලැබුවේ අල්ලස දූෂණය රාජ්‍ය යාන්ත්‍රණය තුල ඉවවහා ගිය බරාපතල ගැටළුවක් වීමත් සමඟය.

එහි ක්‍රියා කාරිත්වයේ යම් යම් අඩු ලුහුඪුකම් පැවැති බව සත්‍යකි. ඊට හිමි බලතල අවශ්‍ය ප්‍රකාරයෙන් ලැබී තිබුණේ නැත. එහි නිළධාරීන්ටද දේශපාලන බලපෑම් එල්ල වී තිබු බව එම නිලධාරීන් විසින්ම හෙළි කරනු ලැබීය. ඊට හේතුව වූයේ ප්‍රජාතනත්‍රවාදය තවමත් එහි නියම තේරුමෙන් මෙරට තුල ස්ථාපිත නොවීමේ ගැටලුවයි. යම් ආයතනයක් ස්වාධීන යැයි කියන්නේ ඊට දේශපාලන බලපෑම් එල්ල විය යුතු බැවිනි. එමෙන්ම එම ආයතන නිළධාරීන් දේශපාලන පක්ෂපාත භාවයන් නොපෙන්විය යුතු බවය.

එහෙත් කලින් කී පරිදි මෙම ආයතන නිලධාරීන් පත් කිරීමත් ජනාධිපතිවරයාගේ සිතැඟි පරිදි පත් කිරීමට ඉඩ ලබා දීම මඟින් එහි ස්වාධීනත්වය ගැන ගැටළු ඇතිව තිබේ. අද අල්ලස් කොමිසමේ ක්‍රියා කාරිත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල ප්‍රචාරය වූ කරුණක් වූයේ ජනාධිපතිවරයා ඕවා මගේ වැඩ නෙවෙයි අගමැති වැඩ බව පැවැසූ බවය. අගමැතිවරයා පවසා තිබුණේ ස්වාධීන කොමිසන් වලට ඇගිලි ගැසීමට තමාට අයිතියක් නැති බවත් අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් පත් කෙරුණ බවය.

අල්ලස් කොමිසමට කවර මට්ටමේ දේශපාලන මැදිහත් වීමක් සිදුව නොතිබුණත් සමාජය තේරුම් ගන්නේ පරණ විදිහටමය. ඒ මෙම ආයතන දේශපාලකයන්ට අවශ්‍ය ලෙස මෙහෙයවනවාය යනුවෙනි. මේ වැරදී පූර්වාදර්ශයන් අද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීමත් ඒ කෙරෙහි විශ්වාසය තැබීමටත් ජනතාව නොපෙලබේ.

මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිසම හමුවේ ප්‍රශ්න කිරීමට එරෙහි වීම තුල පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයන් ලෙස පෙනී සිටින වුන්ගේද ඇති මුග්ධ භාවයය. මේ පවතින ක්‍රමය වෙනස් කර රටට ජනතාවට සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීම සඳහා සහය දෙනවා වෙනුවට තමන්ගේ ගෝත්‍රික සීමාවන් තුල සිට කටයුතු කිරීම රට ආපස්සට ඇද දැමීමට කරන කටයුත්තක් බව පැහැදිලිය. තමන් කටයුතු කරනුයේ ගෝත්‍රික වුවමනාවන් අනුව බව නොදන්නේ ක‍ටු කන බල්ලන්ද තම ස්වාමියා යනුව යනවා හැර ඊට වඩා දෙයක් ගැන දන්නේ නෑත.

ජනතා පාක්ෂිකයා

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us