මෛත්‍රී VS මහින්ද සාකච්ඡා කවුරුන් උදෙසා ද?

Tuesday, 05 May 2015 11:52

විවිධ හැලහැප්පීම් මධ්‍යයේ වුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම ජනතා ජයග්‍රහණයකි. එහෙත් මෙය පරාජිතයාගේ ජයග්‍රහණයක් ලෙස ඔවුන් හ‍දුන්වයි. එක් අතකට එහි සත්‍යයතාවක් නැතුවාම නොවේ. මන්ද මේ අනාථ රැළ නිරන්තරව ම උත්සාහ කළේ 19 වන සංශෝධනය කුජීත කර දැමීමට ය. එය කළ නොහැකි වූ විට ‘‘නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක්’’ සේ ඒ සදහා විවිධ සංශෝධන එක් කරන්නට උත්සුක වූහ. ඉන් කිහිපයක් එක් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ස්වයං තෘප්තියක් ලැබීම එතරම් තැකිය යුතු නැත.

මේ මොහොතේ කරළියට පැමිණ ඇති නවතම මාතෘකාව බවට පත්ව ඇත්තේ ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා ගේ හමුව යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපතිතුමා වෙත භාර දී පසෙකට වූ හිටපු ජනාධිපති පරාද වන බව දැනගත් මොහොතේ සිට උත්සුක වූයේ කෙසේ හෝ බලයේ රැදී සිටීමට ය. එහෙත් ඒ සියලු උත්සාහ අසාර්ථක වූ විට ඔහුට සිදුවූයේ වලිගය දෙපරැන්ද අස්සේ ගසාගෙන පසු බා යන්ට ය. ‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’’ කියන්නා සේ ඔහු සිය නිවසට ගොස් ඉසිඹු ලත් පළමු මොහොතේ ම ජනේලයෙන් පැන ජනතාවට පවසා සිටියේ ‘‘එයා දිනුවෙ කොටි ඡන්දෙන්’’ කියා ය. පසුගිය සමයේ ‘‘කොටි’’ යන වචනය වැරදිලා හෝ කියවුණා නම් ඒ පුද්ගලයාට සිදුවන්නේ කුමක් ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් හිටපු ජනාධිපති යළි යළිත් ජාතිවාදය නමැති අසූචි ගොඩ අවුස්සන්නට උත්සුක වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය අවතක්සේරු කොට, ඔහු බලයෙන් පහ කර හැරීමට මග පාදා ගැනීම සදහා ය.

එතැන් සිට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් සමග එක්ව පවතින ආන්ඩුවට එරෙහි විවිධ දෝෂාරෝපණ මෙන් ම අවලාද නගන්නට හිටපු ජනාධිපතිතුමා කටයුතු කළේ ඉතාමත් නිර්ලජ්ජිත අන්දමිනි. එය කෙතරම් නිහීන වූයේ ද යත් රටේ රසික රසිකාවියන්ගේ නොමද පැසසුමට ලක් වූ එක් ගායිකාවක් පවසා සිටියේ ‘‘ගහල හරි, මරල හරි’’ නැවත මහින්ද රාජපක්ෂ බලයට පත් කළ යුතු බවයි. රටේ හිටපු ජනාධිපති ඉදිරියේ කලාකාරියක් කියාගන්නා මේ ත්‍රස්තවාදිනිය මෙතරම් බලහත්කාරී වදන් පවසන්නේ කිසිදු බියකින් තොරව ය. හිටපු ජනාධිපතිවරයා ද ඒ සියල්ල අසා සිටින්නේ රටේ පවතින නීතිය පිළිබද අබැටක් තම් හෝ නොසිතමිනි; එකී ප්‍රකාශය කළේ ළදරුවකු යැයි උපකල්පනය කරමිනි.

මේ සියලු කාරණාවන් මෙසේ සිදුව තිබිය දී මහින්ද ඔසවාගෙන යන්නට තැත් දරන කිසිවකුගේ ජනරැලියකට හෝ සහභාගි නොවන්ට ඔහු තීරණය කරන්නේ එහි යථාර්ථය අවබෝධ කරගෙන සිටින බැවිනි. එහෙත් දැන් සිදුව ඇත්තේ රජාගේ බත්බැලයන් අනාත වීම ය. මාළිගාව කඩා වැටිමට පෙර මේ බැලයන් එය වළක්වාලීමට නොයෙක් වෙර දැරි ය. එය නොහැකි වූ විට අනෙක් පාර්ශවය ඉදිකළ මාළිගාවේ ලගිමින් ම ඒ මාළිගාවේ යුවරජු එළවා දැමීමට පිඹුරුපත් සකසයි.

විපක්ෂය නමින් පෙනී සිටින මේ කුමන්ත්‍රණකරුවෝ මෙසේ හැසිරෙද්දී ජනාධිපතිවරයා හිටපු ජනාධිපති සමග යළි සාකච්ඡා අරඹන්නට සැරසේ.

මේ කුමක් සදහාද? කවුරුන් උදෙසා ද? කාගේ වුවමනාවකට ද? හිටපු ජනාධිපති යනු ත්‍රස්වාදියෙක් ද? ඔහු සමග සාම ගිවිසුම් අත්සන් කළ යුතු ද? ‘‘අනේ අපිටඅපේ පාඩුවෙ ඉන්න දීල ඔබතුමා ඔබතුමාගේ වැඩක් කරගන්න’’ යැයි කියා ඔහු ඉදිරියේ බැගෑපත් විය යුතු ද? ඔහුගේ කුමන්ත්‍රණ හේතුවෙන් මෛත්‍රිපාල ජනාධිපතිතුමා බිය වී ඇත් ද?

මේ ප්‍රශ්න සියල්ල ලියුම්කරුගේ පුද්ගලික ප්‍රශ්න නොව: පැවති දුර්ධාන්ත පාලනය අවසන් කිරීම සදහා ඡන්දය ලබාදුන් හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ ප්‍රශ්න ය; මෛත්‍රීපාල සිරිසේන නම් වූ පොදු අපේක්ෂකයා රටේ ජනාධිපති පුටුවේ අසුන් ගැන්වීම සදහා ඡන්දය ලබාදුන් හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ ප්‍රශ්න ය; ශ්‍රී ලංකාව නම් වූදේශයේ අනාගත අභිවෘද්ධිය සදහා ඡන්දය ලබාදුන් හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ ප්‍රශ්න ය.

ජනතාව ගේ ඡන්දයෙන් බලයට පත් වු රටක බලය යළි බලහත්කාරයෙන් ලබාගන්නට යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සැරසෙන්නේ නම් ඔවුන් සුරතල් කිරීම හෝ ඔවුන් සමග පයුරුපාසානමට යන්නේ නම් එය සැබැවින් ම යහපාලනය නොව නපුංසක පාලනයකි. ජනතාව ඡන්දය දුන්නේ එවැනි නපුංසක පාලන තන්ත්‍රයක් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙයින් මේ කුමන්ත්‍රණකරුවන් තව දුරටත් සුරතල් කිරිමෙන් වැළකිය යුතු ය; ඔවුන්ගේ තර්ජන ගර්ජන හමුවේ නොසැලී කටයුතු කළ යුතු ය. මහින්ද - මෛත්‍රි සාකච්ඡා යනු ‘‘ඌරන් කැකුන තලන විට හබන් කුකුළන්ට රජමගුල්’’ නොවිය යුතු ය.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us