ජවිපෙට එල්ලෙන්න පිදුරු ගහක් Featured

Thursday, 28 May 2015 09:50

දේශපාලන බල අරගලය සඳහා කිව යුතු නොකිය යුතු සහ කළ යුතු නොකළ යුතු ඕනෑම දෙයක් කීමට හෝ කිරීමට යොමු වීම යනු දේශපාලන අවස්ථාවාදය යි.

බොහෝ කලකට පෙර මේ අවස්ථාවාදය භාවිත කළේ දක්ෂිණාංශිකයෝ පමණි. එහෙත් ලංකාවේ වම පළමු පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙන් ඉක්බිතිව ම සිය අවස්ථාවාදය එළියට දමා මෙරට වාමාංශික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට තිබූ ඉඩකඩ ඇහිරූහ. එතැන් සිට 1965 දක්වා ඒකාධිකාරියක් පවත්වාගෙන ගිය වම (පැරණි වම)විටින් විට තම වාසිය සදහා විවිධාකාරයෙන් අවස්ථාවාදී භූමිකා රගපෑහ. අනතුරුව පැමිණි නව වම ද විටින් විට එම ක්‍රියාවලියේ නිරත වූහ. කවුරු කෙසේ කීවද වමට ද දකුණට මෙන් ම මේ අවස්ථාවාදී ප්‍රකාශ කිරීමෙන් හෝ අවස්ථාවාදී ක්‍රියාවල නිරතවීමෙන් මිදීමට නොහැකි විය. නොහැකි වූවාට වඩා නොමිදුණේ ය කීවොත් එය වඩාත් නිවැරදි ය. ජම්මෙට වඩා ලොකු එම පුරුද්ද දැන් නව වම යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණට ද කජු ඇට කොස් ඇට ගාණ ය.

රාජ්‍ය සේවකයන්ගේ දිවා ආහාර කාල සීමාව පැය භාගයකට සීමා කිරීම ආයුදයක් ලෙස භාවිත කරමින් දැන් ජවිපෙ තවත් දඩයමකට සැරසේ. රාජ්‍ය සේවයේ අකර්මන්‍යතා පිළිබඳ, මන්දගාමි භාවය පිළිබඳ, අකාර්යක්ෂම භාවය පිළිබඳ ජවිපෙ තරම් උඩු බිරූ වෙනෙත් දේශපාලන පක්ෂයක් නොමැත. එසේ උඩු බිරූ ජවිපෙට හදිසියේ ම රාජ්‍ය සේවකයන් පිළිබඳ අනුකම්පාවක් පහළ වී ඇත. ඒ, ළග එන මැතිවරණයේ දී රාජ්‍ය සේවකයන් ගේ අවධානය තමන් වෙත යොමු කරවා ගැනීම පිණිස ය.

සාමන්‍යයෙන් රාජ්‍ය සේවකයන්ගේ දිනක සේවාකාලය පවතින්නේ උදැසන 08.30 සිට සවස 04.30 දක්වා පමණි. එනම් පැය 8කි. මේ පැය අට අතරතුර කාලයේ දී දිවා ආහාරය සදහා පැයක් සහ උදේ සහ සවස තේ පානය සදහා පැය බාගයක් වෙන් කළ විට ඉතිරි වන්නේ පැය හය හමාරකි. එය දින පහෙන් වැඩි කළ විට පිළිතුර පැය 32 හමාරකි. මේ ගණන් හදන්නේ ඔවුන් නිවැරදි ආකාරයෙන් ම සේවයේ යෙදෙන්නනේ නම් පමණි. එහෙත් මේ ආකාරයෙන් නිවැරදි ලෙස ම රාජකාරියේ යෙදෙන්නේ කුමන රාජ්‍ය සේවකයාද යන්න වෙනම ම පරික්ෂණ කණ්ඩායමක් යොදවා පරීක්ෂා කළ යුතු ය. නමුත් මේ ඒ පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාව නොවේ. එහෙත් යුරෝපයේ රාජ්‍ය සේවකයකු සතියක් තුළ සේවය කළ යුතු අවම කාලය පැය 48කි. ලොව දියුණු ම රටක් වන එංගලන්තයේ රාජ්‍ය සේවකයකු සතියක් තුළ සේවය කළ යුතු අවම පැය ගණන පැය 35 කි. ඒ අනුව ගත් විට ලංකාවේ රාජ්‍ය සේවකයාට වඩා යුරෝපා රටවල්වල රාජ්‍ය සේවකයා පැය පහළොවමාරක් සේවය කරයි.එංගලන්තයේ රාජ්‍ය සේවකයා වුව ද ලංකාවේ රාජ්‍ය සේවකයාට වඩා පැය භාගයක් සේවය කරයි. එහෙත් දැන් ජවිපෙට අනුව රාජ්‍ය සේවකයාගේ දිවා ආහාර විවේකයෙන් පැය භාගයක් කපා හැරීම ජාතික අපරාධයකි. එය මහා වැඩවර්ජනයක් කැඳවීමට තරම් බලගතු ය.

ආණ්ඩුව නිරන්තරයෙන් ම සියලු පහසුකම් සපයන්නේ රාජ්‍ය සේවකයාට පමණි. වැටුප් ඉහළ දැමීම, දීමනා ලබාදීම, ප්‍රසූති නිවාඩු දීර්ඝ කිරීම සහ උත්සව දීමනා ලබා දීම ආදී සියල්ලට හිමිකම් කියන්නේ ද රාජ්‍ය සේවකයා පමණි. එහි දී පැවති ආණ්ඩු සහ පවතින ආණ්ඩුව වුව පුද්ගලික අංශයේ සේවකයා කෙරෙහි දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ල ය. ආණ්ඩුව සිතා සිටින්නේ ඔවුන් බලයට පත් කිරීම සඳහා ඡන්දය භාවිතා කර ඇත්තේ රාජ්‍යය සේවකයන් පමණක් කියා ය. එමෙන් ම දැන් ජවිපෙ උත්සාහ කරන්නේ රාජ්‍ය සේවකයාගේ ඊනියා ගැලවුම්කරුවා ලෙස ඉදිරිපත් වී මැතිවරණ වාසි ලබාගැනීමට ය. ඒ රටේ පවත්නා අන් සියලු ගැටලු පසෙකට දමමිනි.

සමස්තයක් වශයෙන් ගත් විට ලෝකයේ වැඩිම නිවාඩු සහිත රාජ්‍ය සේවය පවතින්නේ ද ලංකාවේ ය. ලෝකයේ වෙනත් රටවල්වල දින දර්ශනයක් සමඟ අපේ දින දර්ශනයක් සංසන්දනය කළ විට එය ඉතා පැහැදිලි ය. මේ නිවාඩු බොහොමයක් පුද්ගලික අංශයේ සේවකයන්ට හිමි නැත. එසේ නම් අඩුම කාලයක් රාජකාරි කර වැඩිම නිවාඩු ප්‍රමාණයක් ලබාගන්නේ රාජ්‍ය සේවකයා බව පැහැදිලි කිරීමට අටුවා ටීකා ටිප්පනි අනවශ්‍ය ය. රාජ්‍ය සේවකයා ඒ සියලු වරප්‍රසාද ලබාගන්නේ නම් ඔවුන්ගෙන් ආණ්ඩුව උපරිම සේවයක් ලබාගත යුතු ය. ඒ සඳහා ජවිපෙ වැනි දේශ හිතෛෂී පක්ෂයක් කළ යුත්තේ රාජ්‍ය සේවකයාගෙන් උපරිම සේවයක් ලබාගැනීම සඳහා පවතින ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග සඳහා අනුග්‍රහය දැක්වීම ය. එසේ නොමැතිව දියේ ගිලෙන්නට යන විට පිදුරු ගහේ එල්ලෙනවා මෙන් තමන් ගේ දේශපාලන බංකොලොත් භාවය වසා ගැනීම සඳහා බොර දියේ මාළු බෑම නොකළ යුතු ය; කල දුටු කල වළ ඉහ ගැනීම නොකළ යුතු ය. කුස ගිනි වූ විට කබරගොයා තලගොයා සේ දැකීමේ ඌණ දෘෂ්ටියෙන් මිදිය යුතු ය.

ජයසිරි අලවත්ත m.j.alawatta @gmail.com

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us