ඉතිහාසය සහ අනාගතය නොහඳුනන බොදු බල සේනාවෝ

Friday, 29 May 2015 13:25

සුද්දා අපේ රට අතහැර ගිය පසු රටේ බලය ලබාගත්තේ සුද්දාගේ ම අන්තේවාසිකයන් පිරිසක් මිස රටට හිතැති දේශපේ‍්‍රමීන් නොවේ. මේ අන්තේවාසිකයන් හැමදාමත් කළේ සැබැ දේශ පේ‍්‍රමියා හෝ සැබෑ දේශ හිතෛෂියා පාගා තළා පෙළා දමා ඔවුන්ගේ ලේ, කඳුළු දහදිය මතින් තම බලය තහවුරු කර ගැනීම ය. මෙම නියාමය 1948 ලබාගත්තා යැයි පාරම්බාන නිදහසේ සිට වර්තමානය දක්වා මතු නොව අනාගතයට ද ඉතාමත් වලංගු ය. එය එසේ නොවේ යැයි කියන්නට කිසිවකු හෝ ඉදිරිපත් වන්නේ නම් එය ද පට්ට පල් කෙබරයකි. ජනතාව ගොනාට ඇන්දවීමකි.

එදා මෙදා සිට විවිධ පක්ෂවල ක‍්‍රියාකිරීන් ලෙස කටයුතු කළ බොහෝ පිරිස් යම් නිශ්චිත මොහොතක දී එකී පක්ෂ හැර දමා ගියහ. ඉන් ඇතැම් පිරිසක් ස්වාධීනව කටයුතු කළ අතර තවත් පුද්ගලයෝ සහ කණ්ඩායම් තමන් පෙර ක‍්‍රියාකාරිව සිටි පක්ෂයේ අඩුලූහුඬුකම් හුවා දක්වමින් තමන්ට ඊට වඩා යමක් කළ හැකි යැයි පවසමින් වෙනම ම පක්ෂ පිහිටුවා ගත්හ. ඒ කිසිම පක්ෂයක් හෝ කණ්ඩායමක් ශ‍්‍රී ලංකා දෙරණ තලයට ගැළපෙන ප‍්‍රතිපත්ති මාලාවක් අනුව කටයුතු කිරීම කෙසේ වෙතත් එබඳු ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කර හෝ නොමැත. එහෙත් වසරක් පාසා මතු නොව දැන් දැන් දිනපතා ම කුමක් හෝ පක්ෂයක් බිහිවන තත්ත්වයට පත්ව ඇත. අවසානයේ රටේ ජීවත්වන ඡන්ද දායක පිරිසට වඩා වැඩි ප‍්‍රමාණයකින් පක්ෂ බිහි වුව ද පුදුම වන්නට කරුණක් නැත. මෙම විහිළුවේ නවතම රංග ශිල්පීන් බවට පත්ව ඇත්තේ රටම ගිනි තැබූ, තවත් කළු ජූනියක් නිර්මාණය කරන්නට කැසකැවූ බොදු බල සේනාවෝ ය.


මේ බොදු බල සේනාවෝ දැන් දැන් තම හිසේ අසූචි පුරවාගෙන ‘මම සුදනා මම සුදනා’ යැයි පවසන ඉස්සන්ගේ තත්ත්වයට පත්ව ඇත. තමන් අතීතයේ දී කළ කිසිඳු ජාතිවාදී ක‍්‍රියාවක්, ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් හො ආගම්වාදී ක‍්‍රියාවක් සම්බන්ධයෙන් ස්වං විවේචනයක නොයෙදී, කළ වැරදි පිළිබඳ ජනතාවගෙන් සමාව නොගෙන යළි යළිත් වෙනස් වේශයකින් ලාංකීය දේශපාලන භූමිය ආක‍්‍රමණය කරන්නට අරඅඳිති. මොවුන් අතීතයේ කෙතරම් වැරදි කළ ද වර්තමානයේ පෙනී සිටින්නේ බුද්ධාගමේ නාමයෙන් වන බැවින් මෙරට සැදැහැවත් සිංහල බෞද්ධයෝ බුදුන්ගේ නාමයෙන් ඒ සියල්ල ම ඉවසා වදාරති. ඒ සිංහලයාගේ විදිය යි. එසේත් නැත්නම් ඉක්මනින් අමතක වීමේ ව්‍යාධියේ ප‍්‍රතිඵලය යි. එකී දුර්වලතාවය හොඳින් ම හඳුනන සියලූ දේශපාලන පක්ෂ තමන් ද අමතක වීමේ ව්‍යාධියෙන් පෙළෙන බව ඔප්පු කරමින් ම යළි යළිත් ජනතාව රුවටීමට ලක්කරන්නට වෙර දරති. බොදු බල සේනාවෝ මෙහි ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර සියලූ මාධ්‍යය වෙත තම හස්තය දිගු කරන්නේ ඊනියා දේශ පේ‍්‍රමය, ඊනියා සිංහල බෞද්ධ ස්වෝත්මවාදය, ඊනියා දේශ හිතෛෂී භාවය ආභරණයක් ලෙස නොව ආයුදයක් ලෙස භාවිතා කරමිනි.

මොවුන් ගේ දැක්ම විදහාලනු වස් පසුගිය සති කිහිපයේ ‘රන්දිව’ පුවත්පත උපයෝගි කර ගනිමින් කොලම් කිහිපයක් ලියා තිබුණි. අවසන් වරට ලියා තිබූ කොලමේ සිරස වූයේ ‘‘මහා වංශයේවත් චූල වංශයේවත් දැකිය නොහැකි ‘පිටි කිරි’ බීමේ සංස්කෘතිය’’ යනුවෙනි. කොලම අවසන් කරන්නේ ‘‘කථිකාචාර්ය දිලන්ත විතානගේ ප‍්‍රධාන විධායක නිලධාරී - බොදු බල සේනා’’ යනුවෙන් යොදමිනි.

මෙම කොලමේ සිරස ම කථිකාචාර්යවරයකු මතු නොව හයේ පන්තියේ දරුවකු වුව සිනහ ගන්වන්නට තරම් ළා බාලය; බොළඳය; අවර ගනයේ ය. අදාළ කොලමේ සාකච්ඡා කර ඇති ඇතැම් කරුණු සාධනීය වුව ද ‘පිටි කිරි’ පිළිබඳ ප‍්‍රකාශය නම් ඉහත සඳහන් කළ ආකාරයේ විසුළු සහගත ප‍්‍රකාශයකි.
අතීතයේ අපේ රටේ මතු නොව බටහිර රටවල්වල ද ‘පිටි කිරි’ සංස්කෘතියක් නොතිබුණි. මෙම ‘පිටි කිරි’ සංස්කෘතිය නිල වශයෙන් ස්ථාපිත වන්නේ 19 වන ශතවර්ෂයේ ආරම්භක අවධියේ ය. එනම් 1802 වසරේ දි ය. එහෙත් මෙය කර්මාන්තයක් ලෙස ස්ථාපිතව ඒ සඳහා පේටන්ට් බලපත‍්‍රයක් නිකුත් කරන්නේ 1837 දී ය. නමුත් මේ කථිකාචාර්යවරයා තර්ක කරන්නේ මහා වංශයේ හෝ චූල වංශයේ ‘පිටි කිරි’ සංස්කෘතිය පිළිබඳව සටහනක් නොමැති බවයි. මෙය කෙතරම් අඥාන තර්කයක් ද?

කථාකාචාර්යවරයා සිය කොලමේ මෙසේ සටහන් කරයි. ‘‘පුදුම කිරි බීමේ සංස්කෘතියක් අපට පුරුදු කර ඇත. විශේෂයෙන්ම ‘පිටි කිරි’ බීමේ සංස්කෘතියක්’ අපට උරුම කර ඇත. ඒ ගැන මහා වංශයේ හෝ චූල වංශයේ නැත. මහා වංශය ලියැවෙන්නේ ක‍්‍රිස්තු පූර්ව පස්වන සියවසේ දී ය. චූලවංශය ලියැවෙන්නේ ඊටත් පසු යුගයේ දි ය. එහෙත් ‘කිරි පිටි’ සංස්කෘතිය නිලවශයෙන් ස්ථාපිත වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1837 දී ය. එසේ නම් මේ කථිකාචාර්යවරයා කියන ‘පිටි කිරි සංස්කෘතිය’ කිසි සේත් ම මහා වංශයේ හෝ චූලවංශයේ ලියැවීමට නොහැකි ය. මන්ද මහා වංශය හෝ චූලවංශය ලිවිමට පෙර එබඳු සංස්කෘතියක් නොතිබූ බැවිනි. එමෙන් ම මෙම වංශ කතා දෙක මත නොව බෝධිවංශය, මහා වංශයට පෙර ලියැවුණු දිපවංශය හෝ වංසත්‍ථපකාසනියේ ද ‘කිරි පිටි සංස්කෘතියක් නැත. එම වංශ කතා සියල්ල ම ලියැවුණේ ඉතිහාසය පිළිබඳ මිස අනාගතය පිළිබඳ නොවේ.

කථිකාචාර්යවරයා ස`දහන් කරන අන්දමට ‘ඒ ගැන මහා වංශයේ හෝ චූල වංශයේ නැත.’ යන්නෙන් අදහස් කරන්නේ ‘කිරි පිටි සංස්කෘතිය’ දීපවංශය ලිවීමටත් පෙර පැවතිය ද සිංහල බෞද්ධයාට එය අකැප බැවින් ලියැවී නොමැති බවයි. එසේත් නැත්නම් කථිකාචාර්යවරයා ඉතිහාස කෘතියේ අන්තර්ගත විය යුත්තේ මොනවා ද යන්න සහ අනාගත වක්තෘ ගේ කෘතියේ අන්තර්ගත විය යුත්තේ මොනවාද යන්න පැහැදිලි අවබෝධයක නැත. මේ කරුණු සියල්ල පිළිබඳ අවධානය යොමු කළ විට පැහැදිලි වන්නේ ඉතිහාසය සහ අනාගතය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති කථිකාචාර්යවරුන්ගේ පක්ෂයක් සමග අත්වැල් බැඳගතහොත් සත්‍යය වශයෙන් ම සිදුවන්නේ බුදු සරණ අතහැර ‘අබ සරණ’ පිහිට පැතීම බව සක් සුදක් සේ පැහැදිලි ය. බුදු සරණ යනවාද එය අත්හැර ‘අබ සරණ’ යනවා ද යන්න ජනතාව තීරණය කරනු ඇත.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us