එජාපය ජය නොගතහොත් මෛත්‍රීත් ඒකාධිපති ගමනක !

Thursday, 13 August 2015 20:55

මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස සිය පක්ෂය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කරමින් සිටින ක්‍රමවේදයන් දෙස සියුම්ව සලකා බලන්නේ නම් ඔහු දීර්ගකාලීන සැලසුමක් අනුව පක්ෂයේ බලය තමන් තුලම නතු කර ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බව පැහැදිලිය.

ජනාධිපතිවරණයෙන් පසුව අහම්බෙන් මෙන් තමන්ට ලැබුණු ශ්‍රී ලනීප සභාපතිධුරය මත හිඳගත් නමුදු මෛත්‍රීට ශ්‍රී ලනිපය පාලනය කිරීමට නොහැකි විය විය. ශ්‍රී ලනීප නායකයන්ට උවමනා වූයේ මෛත්‍රීපාල සමඟ ජයග්‍රහී ගමනක් යෑමට නමුදු සන්ධනයේ විමල් වීරවංශලා ඇතුළු කණ්ඩායම මහින්ද ඔසවගෙන යෑම නිසා ඔවුන් තමන්ගේ දෙශපාලන අනගතය ගැන බියවී මහින්ද පස්සේම වැටින. ඔහුන් කලින් සිතුවේ දැන් රාජපකෂ්ලා ඉවරයි, ඇරඹුණේ මෛත්‍රී යුගයක් කියාය. නමුත් ඒ වැරදි වැටහීමක් වූ නිසා මහින්ද පක්ෂය දෙකඩ කරගෙන ගියහොත් තමන්ට යළි අණ්ඩුවක් පිහි‍ටුව ගැනීමේ නොහැකියාව නියතයක් වන බව තේරුම් ගත්තේය. ඒ අනුව මහින්දව නැවත සන්ධානය වෙතටම ගෙන ඒමේ මෙහෙයුමක් දියත් කළේය.

මෛත්‍රීපාලට එම තත්වයන් පාලනය කිරීමට නොහැකි වූ අතර මහින්දට ඉඩ දී පසු බැස්සේය. මහින්දට සමඟ කට්ටියට දුවන්නට හැර පසු පසින් ගොස් ගල් ප්‍රහාරයන් කිහිපයක්ම එල්ල කරන්නටද කටයුතු කළේය.

එහෙත් පෙරලා පහරදීමකට තමන්ට මුහුණ දිය නොහැකි නිසා ශ්‍රී ලනීපයේ මධ්‍යම කාරක සභාව තහනම් කිරීමට අධිකරණය යොදා ගත්තේය.

සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට සහභගී නොවී නිර්පාක්ෂික භාවයක් පෙන්වා මහා ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ඔහු තමන්ගේ ප්‍රතිරූපයද පුම්බා ගත්තේය.

අද දිනයේදී නිකුත් කෙරුණ ලිපිය මඟින් තමන්ගේ ඇති සෘජුභාවය පෙන්වීය. දඟලන්න එපා... පැත්තකට වී සිටින්න... ගැහුවොත් ගහනවා... යන පණිවිඩය මේ තුලින් ඔහු මහින්දට ලබා දී තිබේ. එම ලිපිය තුල තමන් ශ්‍රී ලනීපයේ එකම නායකයා බවත් රටේ නායකයා තමුන් පමණක් බවත් ඔහු අවධාරණයෙන්ම පෙන්වා දී ඇති බවද පැහැදිලිය. ඔහුට අවශ්්‍ය කරන්නේ ශ්‍රී ලනීපයේ ආණ්ඩුවක් බවද පැහැදිලිය.

මේ ලිපිය යනු මෛත්‍රීපාලගේ 'තමන් පමණයි' යන ස්ථාවරය කියාපාන තිරණාත්මක අවස්ථාවය.

මේ අනුව ලබන 18 වන දිනෙන් පසුව බිහි වන්නේ සන්ධාන අණ්ඩුවක් නම්, රට යන්නේ කවර අතකටද යන්න ගැන සැකයක් ඇති වීම වැලැක්විය නොහැක. බල තුලනය වෙනුවට බලය ඒක ධ්‍රැවීය වුව හොත් , මෛත්‍රීපාලනය යනුද , රාජපක්ෂ රෙජීමයට වඩා වෙනස් වන්නක් නොවේ.

රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දෙශපාලන වෙනස්කම් යතාර්තයක් වීමට නම් බලය තුලනය විය යුතුමය. ඒ සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුයේ බලය එජාපය වෙත ලබා දීමෙන් පමණි. වෙනත් විකල්පයන් නැත. පසුගිය මාස හය හතක කාලය තුල මේ රටේ සිදුවූ වෙනස් කමක් වේ නම් ඒ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී දැක්මට අනුවය. සිරිසේන මහතා ඊට ඉඩ දී ඒ දෙස බලා සිටියේ වරදක් වන තුරුය.ලැබුණු එකම අවස්ථාව බැඳුම්කර ප්‍රශ්නයය. එහෙත් ඒ තමගේ අනවබෝධය මත වූවක් යන්න ඔහු තෙරුම් ගෙන සිටිනවාට සැක නැත.


බලය තුලනය විය යුතු බව. මධ්‍යස්ථ ශ්‍රීලනීප හිතවතුන්ද තේරුම් ගත යුතුය. රටට අවශ්‍ය වන්නේ යළි මුරණ්ඩු පාලකයකුගේ යුගයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි. එජාපය විසින් අර්ථ ගන්වනු ලැබූ 'මෛත්‍රීපාලනය' යනුවෙන් අදහස් කෙරුණේ යහපාලනය නමුත් මෛත්‍රී යුගය , මහින්ද චින්තන යුගය බවට පරිවර්තනය වීම සඳහා තිබෙන සියළු ඉඩ කඩ අහුරාලීම විය යුතුය.

සුරේන්ද්‍ර අල්පොන්සු

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us