මහින්දවාදී විපක්ෂය, කාපු ලණුව දැන් දිරවා ගත නොහැකිව සිටී. Featured

Wednesday, 21 October 2015 09:47

උතුරු නැගෙනහිර යුධ සමයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පත් කළ නිශ්ශංක උදුලාගම කොමිසමේ හා මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තා රටට ඉදිරිපත් කරන ලෙස මහින්දවාදී විපක්ෂයෙන් නැඟුනු හඬ නිසා ඊයේ ගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වාර්තා දෙක පාර්ලිමේන්තු සභාගත කරනු ලැබීය.

පසුගිය රාජපක්ෂ රජය සමයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබු මෙම වාර්තා දෙක ඔහු විසින් පැත්තකට දමා තිබුණේ එම කොමිසම් වල නිර්දේශයන් හෝ මොනවාද යන්න ගැන තැකීමක් නොකරය. මේ නිසා රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධව සිටි කිසිවකිට හෝ මේ නිර්දේශයන් ගැන අවබෝධයක් දැනීමක් තිබුණේද නැත. ඒ දැන ගැනීමට අවශ්‍ය වූයේද නැත. ජාත්‍යන්තරය සමඟ චණ්ඩි කමින් මේ ගැටළු නිරාකරණය කර ගැනීමට කැහැපොට ගසා ගෙන නරිවාදං දොඩමින් සිටියා මිසක වඩා යුක්ති සහගත ලෙස සාධාරණ ලෙස ශිෂ්ඨ සම්පන්න ලෙස ඉහළ රාජතාන්ත්‍රික භාවී ලෙස මේ ගැටළු නිරාකරනය කර ගැනිම ගැන හිතුවේ නැත. හිතන්නට තරම් 'මොළය' තිබුණෙ නැතැයි කීම වඩා නිවැරදි විය හැකිය.

කෙසේ නමුත් පසුගියදා මේ කොමිසම් වර්තා දෙක ගැන සාකච්ඡාව කරලියට ආවේ මෙම වර්තා දෙකෙන් වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටද එරෙහිව චෝදනා එල්ල වී ඇති බවට වන පුවත් කිහිපයක් නිසාය. සමහර මාධ්‍ය වල මේ ගැන තොරතුරු වාර්ත වූයේ ඇමැතිවරුන්ට එරෙහිව දූෂන වංචා චෝදනාද මේ තුල ඇති බවට වන ප්‍රකාශත් සමඟය. මහින්දවාදී විපක්ෂය මේ ලනුව අමුවෙන්ම ගිල්ලේය. එහෙත් මේ තුල වු සත්‍ය කතාව වූයේ මේ කොමිසාම් නිර්දේශයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන් හා සමපාතවීමේ කතාවය.

ජනාධිපතිවරයාටත් අගමැතිවරයාත විසඳා ගැනීමට තිබු ගැටලුව වූයේ එක්සත් ජාතීන්ගේ නිර්දේශයන් මෙරට තුල ක්‍රියාත්මක කිරීමේදී, මහින්ද රාජපක්ෂ කඳවුර විසින් මෙහෙයවන සිංහල බෞද්ධ ගෝත්‍රවාදින්ගෙන් එල්ලවන ප්‍රති විරුද්ධ ප්‍රතිචාරයන්ට මුහුන දීමේ ගැටලුවය. ඊට හොඳම විසඳුම මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කොමිසම් සභා වාර්තා දෙක ප්‍රසිද්ධ කර ප්‍රතිවිරෝධයන් පාලනය කර ගැනීමය. ඒ නිකම්ම ප්‍රසිද්ධ කරනවාට වඩා මහින්දවාදී විපක්ෂයේ ඉල්ලීමක් ලෙස ප්‍රසිද්ධ කිරීම මගින් ප්‍රතිවිරෝධී ව්‍යාපාරය මුළු මනින්ම අඩපණ කළ හැකි බව ඔවුන් තෙරුම් ගත්හ.

පසුගිය දින කිහිපයේ වෙබ් අඩවි හා ප්‍රධාන මාධ්‍ය වල මෙම කොමිසම් සභා වාර්තා ගැන, පැලකරන ලද අසත්‍ය තොරතුරු වාර්තා වූයේ එම මෙහෙයුමේ කොටසක් ලෙසය. ඒ ඊයේ දිනය වන විට සාර්ථක විය. විපක්ෂයේ ඉල්ලීම පිට දැන් කොමිසම් වාර්තා දෙක පාර්ලිමේන්තුවේ සභා ගත කර තිබේ.

විපක්ෂයට තරු පෙනුනේ ඊට පසුය. දේශිය යාත්‍රණයක් සඳහා විදේශීය විනිසුරු වරයකුගේ සහය ලබා ගනීම ගැන මුලින්ම යෝජනා කර තිබුණේද මහින්ද රාජපක්ෂ මහතා විසින් බව ද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමෙන් පසුව මහින්දවාදී විපක්ෂයේ කටවල් වැසී ගියේය.නිකම්ම විහිළුකරුවන් පිරිසක් බවට පත් විය.

හිටපු ජනාධිපතිවරයා 2014 වසරේදී ජාත්‍යන්තර අත්දැකීම් ඇති විනිශ්චයකාරවරයකුගේ සේවය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ජපානයෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ද ඒ අනුව මොටෝ නගුචි මහතා නම්කර ඇති බව ද කී අගමැතිවරයා 2014 ඔක්‌තෝබර් මාසයේදී ඒ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට යොමුකළ බව තමන්ට ජපාන අගමැතිවරයා කී බව ද ප්‍රකාශ කළේය.

නගුචි මහතා කාම්බෝජයේ පිහිටුවූ විශේෂ අධිකරණයට සම්බන්ධව කටයුතු කර අත්දැකීම් ලත් අයකු නිසා ඔහුගේ සේවය අඛණ්‌ඩව ලබාගැනීම සුදුසු බව ද ජපාන අගමැතිවරයා අවධාරණය කළ බැව් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වීම පිළිබඳ ජපාන අගමැතිවරයා සිය ප්‍රශංසාව පළ කළ බව ද ඒ අනුව සත්‍ය සෙවීමේ දේශීය යාන්ත්‍රණයක්‌ සඳහා ජපානයේ උපරිම සහාය ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කළ බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

එමෙන්ම රාජපක්‍ෂ මහතා ජපානයෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව තමා ඔහුට ප්‍රශංසා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙහිදී සිදු වූයේ කුමක්දැයි ‍තෝරා බේර ගත නොහැකිව විපක්‍ෂය ඝෝෂා කරන්නට වීම නිසා 'ඇයි ඔබතුමාලා හිටපු ජනාධිපතිට ප්‍රශංසා කරනවාට කැමති නැද්දැයි' අගමැතිවරයා විමසා සිටියේය.

ඒ කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව, මහින්දවාදි ගොබ්බයන්ට වඩා සූක්ෂම ලෙසත් උපක්‍රමශීලී ලෙසත් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය තකා කටයුතු කරමින් සිටින බවට මේ තවත් ඉහල උදාහරණයකි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කල්පනා කරන , වැඩ කරන ආකාරයේ තවත් නායකයන් මෙරට සිටී නම් ශ්‍රි ලංකාව මේ ගෝත්‍රික නරා වලෙන් ගොඩ ගැනීම අමාරු නොවේ.

- කළණමිත්

 

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us