හඳුන්ගේ ඇඟිලි හා මහින්දානන්දගේ වළිගය

Thursday, 30 June 2016 10:40

පුද්ගලයෙකුට අපහාස කිරීමේ ම්ලේච්ඡතම ආකාරය වන්නේ ඔහුගේ පුද්ගල බද්ධ ශාරීරික ආබාධ හෝ අවයවයන්ගේ අවර්ධිත තත්වයන් සම්බන්ධ කොට අපහාස කිරීමය.

මෙය මානුෂීයත්වය කිසිදු ලෙස සැලකිල්ලට නොගෙන කරුනු ලබන අවලාදයක් මිස අන්යමක් නොවන්නේ එකී අපහාසයන් මනුෂ්‍යත්වයට කරනු ලබන නින්දාවක් වන බැවිනි.

මේ සදහා වන උදාහරණයක් පසුගිය දා හිරු නාලිකාව තුළින් විකාශනය වන සලකුණ වැඩසටහන අතර තුරදී සිදුවිය. ඒ පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ ඒ සදහා කැදවා තිබූ අවස්ථාවේදීය.

එහිදී හිටපු ඇමතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කිරීමට පෙර කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් සිදුකරනු ලබන ප්‍රකාශයක් ගෙන හැර දක්වන අතර එයට උරණ වූ මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ සුනිල් හදුන්නෙතිගේ අතට සිදුවූ දේ පැවසීමට තමා උත්සුක නොවන බවයි.

මෙයින් ඔහු අදහස් කරනු ලැබූවේ කවරක්ද යන්න සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට ඒත්තු ගැන්වෙන අතර එහිදී ඔහු පවසා සිටීමට උත්සාහ දරනු ලබන්නේ පසුගිය ජවිපේ මර්දන යුගයේදී සුනිල්හදුන්නේති බොම්බයක් පුපුරුවා හැරීමට යාමේදී සිදුවූ අනතුරකින් වන බවය.

එහෙත් සත්‍ය තොරතුරු එය නොවන අතර ඔහුගේ උපතේදීම සිදුවූ ශරීරාංග පිහිටීමක් වන බවට හදුන්නේත්ති දන්නා බොහෝ අය දන්නා කරුණකි.

මෙවන් තත්වයක් තිබියදී කරුණු හරි හැටි නොදැන මහින්දානන්ද සිදුකරනු ලබන මේ සැහැසි ප්‍රකාශය මිනිසත් බවට ගෝචර නොවන්නකි.

කිසිවෙකුට පහරදීමට නොහැකි වූ විට ප්‍රතිවාදියා සිදුකරනු ලබන පහත්ම පහර දීම වන්නේ කෙළ ගැසීමයි. මෙය කිසිසේත්ම මිනිස් මූලයන්ට හෝ මිනිසත්කමට ගරු කරන්නක් නොවන්නේය.

මහින්දානන්ද විසින් මෙයින් ප්‍රකාශ කොට ඇත්තේ අන් කිසිවක් නොව ප්‍රතිවාදී පක්ෂය සාමාජිකයෙකු මෙන්ම තමාට එල්ල වී ඇති චෝදනාව දරාගැනීමට නොහැකි බැවිනි.

එසේම මහින්දානන්දට හසු නොවූ ඇගිලි විකලාංග සහිත දේශපාලනඥයෙක් ද ඇති ඔහු හැර තවත් අයද සිටී. මෙවැනි සුළු වෙනස්වීම් කවර ලෙස ඔහුගේ ජීවිතයේ හෝ ක්‍රියාකාරීත්වයේ ප්‍රගමනය බාල කරන්නේද ? එසේ වුවා නම් ගාමිනී ෆොන්සේකාට කිසිදු අසහාය නළුවෙක් වීමට නොහැකි වන්නේය. ඔහුගේ පාදයක් උපතේදීම කොටය. ඔහු තම ජීවිත කාලය තුළම උස සපත්තුවක් පැළද එය ලෝකයෙන් වසන් කොට තමා සතු දක්ෂතාවයක පමණක් එළි දැක්වීය. එබැවින් ශාරීරික දෝෂයන් කිසිදු ලෙසකට මිනිස් ක්‍රියාකාරීත්වයේ හෝ දක්ෂතාවයේ අපගමනයක් ලෙස නොසලකන්නේය.

මෙවැනි තත්වයක් තිබියදී මහින්දානන්ද නැමැති චෞරයා සිදුකරන අමානුෂීය ප්‍රකාශනය තවදුරටත් විවේචනය කළයුත්තේ මෙවැනි පුද්ගලයින් දේශපාලනඥයින් ලෙස වර්ධනය කළ අයටද පාඩමක් ලෙසය.

අනෙක් අතට කිසියම් හෝ අඩුපාඩුවක් ඔහුගේ අතක තිබෙන්නට හැකිය එහෙත් ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස සිදුකරනු ලබන දක්ෂ භාවය හා ලිවීමේ ඔහු සතු පරිචය මහින්දානන්ද වැනි දෙදෙනෙකුට හෝ තිදෙනකුකට සිදුකළ නොහැක.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ සමයෙහි ඔහු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට දැවැන්ත මෙහෙවරක් සිදුකරනු ලැබීය. එවකටද ඔහුට මහින්දානන්ද සදහන් කළ ශරීරංගයන්හි පිහිටීම තිබිණි. එහෙත් ඔහු අදාළ කටයුත්ත සිදුකීරීම සිදුකරනු ලැබීය.

පුද්ගලෙකු හට මඩ ප්‍රචාරයන් දියත් කළ හැකිය. එහෙත් එවැනි මඩ ප්‍රචාරයන් කිසිවෙකුගේ ශරීරංග සමග බද්ධ කොට සදහන් කරන්නේ නම් පෙර කීවාක් මෙන් එය ම්ලේච්ඡ කම හැර අන් යමක් නොවන්නේය.

මහින්ද රාජපක්ෂ විසින් ඇති දැඩි කරනු ලැබූවේ මෙවැනි ම්ලේච්ඡයන්ද යන්න මෙහිලා සදහන්කළ යුතුමය.

තුසිත පතිරණ

pawra.com

Last modified on Thursday, 30 June 2016 11:22

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us