2020 ජනපති මෛත්‍රී, අගමැති ගෝඨා, ශ්‍රිලනීප හීන Featured

Monday, 09 January 2017 23:03

ජනවරමේ දෑ අවුරුද්දේ කියුම් කෙරුම් ගැන ලොකු ලොකු කතන්දර පහුගිය දින කිහිපයේ අහනට ලැබුණු නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව නොකියා සිටිමට ජනාධිපතිවරයා සිය පදවිප්‍රාප්ත උත්සව කතාවේදී ද පරෙස්සම් වී තිබිණි. ඔහු කීවේ 19 ගැන හා 18 ගැන අප්‍රබංශ කතාවකි. ඉන් සෑහී සිටින ලෙස ඔහුට ඡන්දය දුන් ඡන්ද දායකයාට නොකියා කීවේය. 2020 වන තෙක් ආණ්ඩුව පෙරලන්න දෙන්නේ නැතැයි කියා කීම යූඑන්පී කාරයාට සැනසීමක් වන්නටද ඇතිය. ආණ්ඩුවක ඕනෑ නම් මේ ආණ්ඩුවට එකතුවෙලා වැඩ කරතැහැකි යැයි කීවේ තව ඇමැතිකම් හෝ මොන මොනවා හෝ දී, සතුටින් ජීවත් වීමට කැමැති ඒකාබද්දේ කට්ටියට සෙට්වීමට ඉඩ ඇති බව කීමය. ඉතිං හැමෝම සතුටෙනි.

කොහොම නමුත් මේ ඔක්කොම කතා කියවෙන්නෙ ඊට දින කිහිපයකට පෙර ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාව 2020 ශ්‍රිලනීප ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට තීන්දුව ගැනිමෙන් අනතුරුවය. මේ තීන්දුව නිසා ජනාධිපති මෛත්‍රීපාලද සතුටෙන් විය හැකිය. තමා රටේ ජනතාවටත් ජාත්‍යන්තර නායකයෝ හමුවේත් පොරොන්දු පිට පොරොන්දු දුන්නේ යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවටය. තමන් බලයට කෑදර නොමැති බව හැමෝටම කීවේය.

ඒත් ඉතිං දැන් දේශපාලනය වෙනස් නිසා ඒ තීන්දු තීරණද වෙනස් වූවට කම් නැත, වෙනස් කළාට කම් නැත. අලුත් තැටිය එහෙම වැයෙන්නට පටන් ගෙන තිබේ. 2020 වන විට ඒ හිටපු ජාත්‍යන්තර නායකයෝත් නැත. ඉතිං මහ ප්‍රශ්නයක් වන්නෙ නැත. දේශපාලනයේදි සදාචාර ප්‍රශ්න නොමැති නිසා රෙද්ද කඩා ගැනීම විලි ලැජ්ජාවන්නට හේතුවක්ද නොවේ. මෛත්‍රීට 2020 ජනාධිපති අපේක්ෂකයා වන්නට හිරිකිතක් දැනෙන්නට විදිහක්ද නැත. කොහොම නමුත් 2015 ජනවරම අනෙකකි. ඒ ප්‍රශ්නය 2020දී මෛත්‍රීපාල සිරිසේන රටෙ ජනතාව සමඟ විසඳා ගනු ඇත.

එහෙත් ගැටලුව එය නොවේ. ගෝඨා ය.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා වන විට අගමැතිවරයාත් ශ්‍රිලනිපයෙන්ම විය යුතුය. ශ්‍රිලනිපයේ සම්මුතිය එයය . ආයේ එජාපය සමඟ සම්මුති බැරිය. එජාපය පජාත කොට 2020 විධායකයත් ව්‍යවස්ථාදායකයත් ශ්‍රිලනිපය අතට ගත යුතුය. ජනාධිපතිවරයාගේ ' තිරසර සංවර්ධනය' යනු එම වැඩ පිලිවෙලේ ප්‍රචාරක පාඨයය. ඒක කොහොම වෙතත් එජාපය දැන් ගහමින් ඉන්නේ වා නම් වා ගෝ නම් ගෝ කම් ඕ ගෝ චිකාගේ පන්නයේ ගේමකි. හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්. ශ්‍රිලනීපයට ඒ එතරම් වැදගැම්මක් ඇති දෙයක් නොවේ. ශ්‍රීලනිපය සුපුරුදු පරිදි ගනන් හදන්නේ ජාතිකත්වය මත මැතිවරණය ජය ගැනීම කෙරෙහිය.

මෙරට සුලු ජාතික ඡන්ද වල වැඩිම ආකර්ශනයක් මෛත්‍රීපාලට තිබෙන්නේය යනුවෙන් ගනන් හැදෙන්නේ ඉතුරු කොටහ බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් පුරවා ගැනිමට ය. එහෙත් බහුතර සිංහල බෞද්ධ ඡන්ද මෛත්‍රීපාලට නොමැත. එජාප ඡන්ද යනු සිංහල බෞද්ධ ජාතිකත්ව පදනමෙන් ගොනු වු එවා නොවේ. ඒ නිසා ඒ ඡන්ද කිසිවක් 2020 දී මෛත්‍රීපාලට ලැබෙන්නෙ නැත. ශ්‍රිලනිප ඡන්ද ද මෛත්‍රීපාට නැත. සුලු ජාතික ඡන්ද වලින් මෛත්‍රීට දිනනන්ට නොහැක. එසේම ශ්‍රිලනිපයේ ඡන්ද ගොඩ හා සිංහල බෞද්ධ කැටගරියට වැටෙන පාවේන් ඡන්ද කෝටාව මෛත්‍රීට දිනා දිය හැකි විශ්වාස වන්ත දේශපාලකයන් ශ්‍රීලනීපයේ ඇත්තේද නැත. මෛත්‍රීට තිබෙන එකම තුරුම්පුව ගෝඨාබයය.

ගෝඨා 2020 අගමැති අපෙක්ෂකයා කිරීම මෛත්‍රීගේ ජයග්‍රහණයට අවශ්‍ය බව අද ශිලනීපයේ ගනන් බැලිමය. එය මෛත්‍රීගේත් කැමැත්ත විය හැකිය. සිරස ටීවී ගොඨාව සුද්ද කරමින් ආරම්බ කිරීමට යන කඩමණ්ඩිය වැඩ සටහනද එම කැමැත්තට අනුකූලය. ජනාධිපති මාධ්‍ය අංශය යනු සිරස කිලි මහරාජාගේ වැ‍ටුප් ලැයිස්තුවෙන් නඩත්තු වන ඒකකයකි. ජනාධිපාති උපදේශකයන්ව සිටින්නෝ කිහිප දෙනෙකු ද එම වැ‍ටුප් ලැයිස්තුවේය. සිරස රනිල්ට ගහන්නෙත් රනිල්ගේ සංවර්ධ ව්‍යාපෘතිවලට ගහන්නේත් නිකම්ම නොවේ. ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ කොන්ත්‍රාතුව බාර ගෙන තිබෙන බැසිල්ට ගහන්නෙත් නිකම්ම නොවේ. හෙට අනිද්දාට මංගලට තඩි බාන්න පටන් ගැනීමද මේ අනුව සිදුවීමට නියමිත දේය.

මෛත්‍රී ගොඨා සුසංයොගය උතුරත් දකුන විජයග්‍රහණය කිරීමේ මාස්ටර් ප්ලෑන් එක හැදුව මහ මොළකාරයා කවුදැයි අපි දන්නෙ නැත.. එහෙත් පැලැන් එක එයය. මේ ශ්‍රිලනීප හීනයය , මෛත්‍රී පාර්ශ්ව මහින්ද පාර්ශ්ව යනාදි වන සියලු පාර්ශ්ව එකතු කරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදියෝද එකාධිපතියොද සංහිඳියාකරයොද ජාතිවාදියෝද යුධ විරෝධීන්ද යුධ උන්මන්තකයෝද උතුරයි දකුණයි දෙකම දිනා ශ්‍රීලනිප හීනය හැබැකරන්නා තෙක් එජාපයට බලා සිටීම හැර වෙන කරනව නම් වැඩකට ඇත්තේ ජනවරම අනුව කටයුතු කිරීමය. වංචාව දුෂණයට ඉඩ නොදී රට සංවර්ධන මාර්ගයේ වේගවත් ගමනකට හුරු කිරීමය. ඒ අනුව ඒක කඩාකප්පල් කිරීම ජෝක් කිරීම සංවිධානාත්මක කටයුත්තක් ලෙස මේවන විට සිදුවෙමින් පැවැතීම තේරුම් ගැනිමට මහන්සි විය යුතු නැත.

හොර ගල් අහුල අහුල හිටියාට උගුරට හොරා බෙහෙත් බීම පහසු කටයුත්තක් නොවේ. ලබන පලාත්පාලන හෝ කවර මැතිවරණයක් කැ‍ඳෙව්වත් හොර ගෙඩියන්ගේ වුවමනාව පැහැදිලිව පෙන්නුම් කිරීමට සිදුවනු ඇත. ජනවාරි 08 කතා ඒ වන විට පැරණි රසාංග වනු ඇත.

සැබැඳි පුවත්: 

ගෝඨාව සුදු මහත්තයෙක් කරන කොන්ත්‍රාත්තුව සිරස බාරගනී..

Last modified on Monday, 09 January 2017 23:06

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us