ජනාධිපති සිරිසේනගේ විසම ලිංගික ආසාව Featured

Wednesday, 18 January 2017 12:26
ජනාධිපති සිරිසේන පිරිමියෙකි. අංග ජාතයක් සහිතව උපන්නෙකි. ඔහු අංග ජාතය තියෙන්නේ ලිංගික සංසර්ගයේ යෙදී දරුවන් වැදීමට පමණක් කියා දැඩිව විස්වාස කරන්නකි. එයා ස්වයං වින්දනයේ යෙදෙන්නේද නැත. ඒ රටේ නීතිය අනුව වරදකි.   වික්ටොරියනු යුගයේදී සුද්දා දාපු සදාචාර නීතිවලට අනුව ස්වයං වින්දනයේ යෙදිමද නීති විරෝධී ලෙස සැලකිය හැකිය.
වික්ටෝරියානු සදාචාර වාදය පසුකාලීනව සිංහල බෞද්ධ සදාචාරය බවට පත් වීම නිසා ස්වයං වින්දනයේ යේදීමද  සිංහල බෞද්ධ විරෝධී කටයුත්තකි. සිරිසේන ජනාධිපතිවරයා සිංහල බෞද්ධයෙකි. ඔහු මේ ව්‍යාජ සිංහල බෞද්ධ සදාචාරවාදය ඉහළින් පිලිගන්නෙකි. ඒ නිසා ඔහු ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැත. අනිත් අයට ඒ යෙදීමද අනුමත කරන්නෙ නැත.  නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු වීම ඔහුගේ පැතුමය.
එමෙන්ම ජනාධිපතිවරයා විසම ලිංගිකයෙකි. එයා රමණයේ යෙදෙන්නේ ගැහැනුන් සමඟය.ඒ ඔහුගේ ආසාවය. එයා විවාහය නැමැති බන්ධනයට අසුව ඇති නිසා රමණයේ යෙදෙන්නෙ එක් ගැහැනියක් සමග පමණ කැයි උපකල්පනය කළ ද හැක. සිංහල බෞද්ධ සදාචාරයට පටහැනි දෙවල් එයා කරන්නේ නැති නිසා  මේ තම බිරින්දෑ සමග හැර වෙනත් ගැහැනුන් සමඟ රමණයේ යෙදීම ද ඔහු අනුමත කරන්නේද නැත.   ඊට කිසිසෙත්ම ඉඩ දෙන්නේද නැත. 
එයා සමලිංගික සේවනයයට කැමැතිද නැත. ඒ නිස එයා කිසිම පිරිමියකු සමග ලිංගිකමය සම්බන්ධතා පවත්වන්නේද නැත. වෙනත් පිරිමින්ට එහෙම සමලිංගික සම්බන්ධත පැවැත්වීමටද එයා ඉඩ නොදේ. ගැහැනුන් සම්බන්ධයෙන්ද ඒ එසේමය. ගැහැනියක එකම එක පිරිමියකු සමඟ රමණයේ හි යෙදෙනවා විනා තව පිරිමි සමඟ රමණයෙහි යෙදීම තහනම්ය. තව ගැහැනුන් සමඟ ලිංගිකමය සම්බන්ධතා පැවැත්වීමද තනම්ය.. සතුන් සමඟ හෝ ස්වයං වින්දනයේ යෙදීමද මේ අනුව තහනම්ය. ජනාධිපතිවරය සතුන් සමඟ හෝ ස්වයං වින්දනයේ යෙදෙන්නේද නැත. ඒවාද සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ලිංගික ක්‍රියාකාරකම්ය.
ජනාධිපතිවරයාට අනුව කොන්ඩම් පාවිච්චි කර රමණයෙහි යෙදිමද සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව බරපතල වරදක් විය හැකිය. මන්ද ඒ ස්වභාවිකත්වයට එරෙහි පියවරක් විය හැකි නිසාය.. එයද තහනම් කළ යුතුය.  ගුද සංසර්ගය, මුඛ සංසර්ගයද ලිංගික උපකරණ ද(සෙක්ස් ටෝයිස්) මේ අනුව තහනම් කටයුතුය.
තනපටක් වේදිකාවක මතට විසි කිරීම නිසා ජනාධිපතිවරයා පරල වූ ආකාරය අනුව මින් මතුවට තනපටවල් හා ජංගි ප්‍රසිද්ධියේ රෙදි වැල් වල  එල්ලා තැබිමද තහනම් වීම විය හැකිය. පෙමන්ට් වල මේ යට ඇඳුම් ප්‍රසිද්ධියේ විකිණීමද තහනම් විය හැකිය. 
පාසල් දරුවන්ට ලිංගිකත්වය හා ප්‍රජනනය ගැන කියා දෙන විද්‍යාව පාඩම් මාලාවට ද තහංචි වැටිය හැක. තමන් පාසල් ගිය යුගයේදි එවැනි පාඩම් නොතිබුණු නිසා වත්මනෙහි එවැනි පාඩම් පාසල් දරුවන්ට කියා දෙන බව ඔහු තවම නොදනී. ඒ දැන ගත් විටෙක මේ තහහනම් නොවුනොත් පුදුමය. 
ඉතිං අපේ විසම ලිංගික ජනාධිපතිවරයා ඔහොමය.. අපි ඔහුට ගොබ්බයකු කියා කියන්නෙ නැත. මන්ද හැට දෙලක්ෂයක් ජනතාවද ඒ අනුව ගොබ්බයන් වන නිසාය. පනස් අට ලක්ෂයක් වූ අනෙක් පාර්ශ්වය බයියන් බව ඔවුන් විසින්ම පිලිගන්නා නිසාද මේ රටම ගොබ්බ පාලනයකට යටත් බයියන්ගේ රටක් කීවාට වැරදි නැත. තවම සරමයි අමුඩයයි අත්හැර ගන්නට නොහැකි වූ පාලකයන් සිටින කලෙක මේ රට හැමදාම ඕමය. ඕම යමු කියනවා හැර වෙන කියන්න දෙයක් නැත. අනික මේ රටේ ජනප්‍රිය වාමාංශිකයන්  ක්‍රම විරෝධීන් කියන ඈයෝ මේ වෙනුවෙන්ම පෙනි සිටිමින් ඒ ආරක්ෂ කිරීමට බැදී සිටින නිසා.. මරාගෙන මැරෙන්න වුනත්...  ඕම යමු කියා තමයි කියනට සිදු වන්නේ.
වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයන්ට මේ රටේ කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුලුවන්නේ කියා කියන විසම ලිංගිකයන්ගේ දැන ගැනීම වෙනුවෙන් ලංකාවේ ක්‍රියාත්මක වන සමලිංගික විරෝධී නීතිය  පහත දක්වා ඇත. 
1886 දී සමපාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික චර්‍යාවල නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්තීන්ට අනුව දඩුවම් ලැබියහැකි වරදකි.ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයතු ස්වකැමැත්තෙන් සම ලිංගික චර්‍යාවක හෝ එසේත් නොමැතිනම් සතකු සමග හෝ අනෙක් පාර්ශ්වයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්‍යාවක යෙදේනම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය. බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩසහිත වසර 10 නොඅඩු සිරදඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත්විය යුතුය. එසෙම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියමකල වන්දියක් ගෙවීමට සිදුවේ.
365A වගන්තිය අනුව යම් පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක දී සමලිංගික චර්‍යාවල ස්ව කැමැත්තෙන් යෙදේනම් වසර 2 කට නොඅඩු සිර දඩුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ. බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සහිත දඩයක් හා අධිකණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට සිදුවේ.
මේ අනුව ශ්‍රී ලංකාව තුල සමලිංගික චර්‍යාවකට තම අභිමතය පරිදි අනෙක් පාර්ශ්වයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්‍යාවක යෙදීම දඩුවම් ලැබියහැකි වරදකි.
ජී එස් පී ප්ලස් වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක විය යුතු මානව හිමිකම් සම්බන්ධයෙන් වන ක්‍රියකාරී සැලැස්මට ඇතුලත් කර තිබුණේ මේ එදා  වික්ටෝරියානු සදාචාරවාදය ‍රැකීම වෙනුවෙන් සුද්දා දාපු පරගැති නීතිය ඉවත් කිරීමට පමණය. මේ මානව විරෝධීය.  සංස්කෘතියක් මානව විරෝධී නම් ඒ ඉවත් කර දමනවා විනා ඒ පවත්වාගෙන යාමට නීති දැමීම තලෙයිබාන් පන්නයේ ම්ලේච්ඡ පාලකයන්ගේ වුවමනාවකි. 

-- 


                        

Last modified on Wednesday, 18 January 2017 12:28

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us