ඥානසාරගේ හිඟන වැඩ ෂෝක්.. ඔහොම්ම යන්න..වෙන පැවැත්මක් නැත. Featured

Sunday, 21 May 2017 21:10

කහකඩ ධාරී ඥානසාර සහ ඔහුගේ බොදු බල සේනා සංවිධානයට මේ දිනවල අරමුදල් හිඟය. රාජපක්ෂ කාලයේදී නම් ඒවා රාජපක්ෂවරු විසින් සපයා තිබූ බව වාර්තා වී තිබේ. එහෙත් දැන් රාජපක්ෂලා තමන්ගේ අතින් වියදම කරගෙන හරක් බලන්නෙ නැත. රාජපක්ෂ සමයේදී ලැබුණා වූ වරප්‍රසාදයන් කොන්ත්‍රාත් ටෙන්ඩර් ජාවාරම් කොමිස් මේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැති වීම නිසා තමන්ට වගතුවක් වෙන්නෙ යළි රාජපක්ෂලා බලයට පැමිණ විට පමණකැයි කල්පනා කරන පිරිස් තමගේ අතින් වියදම් කරගෙන හෝ රාජපක්ෂලාව බලයට ගෙන ඒමට දැඩි උත්සාහයක් දරමින් සිටී.

බොදු බල සේනාවට උනෙත් ඒ හෙනයය. සිංහල බෞද්ධයන් අවුලුවා ගැනීමෙන් තමන්ගේ අරමුදල් තර කරගත හැකි බව මේ පිරිස දනී. ඊයේ වූ (20) සිදුවීමදීද ඥානසාර කියන්නේ බණක් කියල කීයක් හරි හම්බුකරගන්නේ තමන්ගේ ව්‍යාපාරය නඩත්තු කිරීමට බවය. බණ කියන්න යන විට මුදල් ලැබෙන බව ඔහු පැහැදිලිවම පිලිගනී.. ඥානසාරගේ බණ මොනවාදැයි අමුතුවෙන් කිව යුතු නැත..

මේ ජාති ආගම් බේද බින්න කර ඒ තුලින් හට ගන්න ගැ‍ටුම්කාරිත්වයෙන් තොර පැවැත්මක් නැති මේ හිඟන සංවිධානය සහ එහි සාමාජිකයන් ගේ අසරණ භාවය ඥානසාරගේ භාවිතාව තුලින් පැහැදිලිව පෙන්නුම් කර තිබේ. ඒ අනුව ඥානසාර තෝරාගෙන තිබෙන මාවත මේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැතිකම පෙන්නුම් කරන්නකි..

බොදු බල සේනාව හෝ අනෙකුත් ජාතිවාදී ආගම්වාදී සංවිධාන, දැන් දෙකයි දෙකයි එකතු කළාම හතරයි කියන්න තරමට පමණක් හෝ සිහිබුද්ධිය ඇති කවුරුවත් හෝ ගනන් ගන්නෙ නැත. ඒ පිස්සු මළ ඉලව්ක් බව අපගේ කන බොන මිත්‍රයන්ද වන ඇතැම් බොදු බල සේනා ආධාරකරුවෝ නිරන්තරයෙන්ම පෙන්වා දෙන ඇත්තම කාරනාවකි. එහෙත් මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බවට තිබෙන තොරතුරු නිසා හා ඒ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු ආයතන කිසිවක් නොකරන බව විශ්වාස කිරීම නිසා මේ පිරිස් මේ පිස්සු සංවිධානයේ කටයුතු වලට හෝයියා කියමින් සිටී. මේ නිසා ජාති ආගමික ගැටුම් නිරන්තරයෙන් පවත්වාගෙන යාම ඥානසාරට අවශ්‍යය.

එහෙත් මේ සංවිධානයට එක්වී සිටින බහුතරය දෙකයි දෙකයි එකතු කළාම හතරයි කියන්නවත් නොදන්නා නූගතුන් මෝඩයින් බහුතරයකි..උනුන්ට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැත. මෝඩ කමට බෙහෙත් නැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමට තරම් දනුමක් නැති නිසා මොවුන් කෙලවා ගැනීමෙන් පාඩමක් ඉගෙන ගනී යැයි විශ්වාස කරන්නට තරම් අප මෝඩ විය යුතු නැත. පාඩම් ඉගෙන ගන්නවා නම් අර තිස් අවුරුදු යුද්දය වුමනාවටත් වැඩිය.

මේ ජාති ආගමික අන්තවාදීන් ට කෙලවා ගැනීමට සිදුවන්නේ දැන්ම නොවේ. මොවුන් එලව එලවා මුසල්මානුවන්ට පහර දෙන විට මුසල්මානු ප්‍රතිප්‍රහාරයන් ආරම්බ වනු ඇත. අයි එස් අයි එස් කාරයෝ එතකොට ක්‍රියාත්මක වනුද ඇත. ඥානසාරට නින්ද යන්නෙ ඉන් පසුවය. මොකද ඥානසාරට අවශ්‍ය වන්නේ එයය. ඒ අරමුදල් තරවන නිසාය. අයි එස් අයි එස් කාරයන්ට ඕනෑද මුස්ලිම් විරෝධී, සිංහල බෞද්ධ ප්‍රචණ්ඩත්වයයි. දෙගොල්ලො දෙගොල්ලන්ගේ පැවැත්ම මේ අවබෝධය සමඟ සකසා ගනු ඇත..

එහෙත් කවර හෝ වර්ගවාදයට එරෙහි වන බහුතරක් දෙනා අවසානයේදී විනාශ වී යනු ඇත. මුලින්ම විනාශ වනු ඇත්තේ බුදුන් දෙසූ මඟ යන ඇත්ත අනුගාමිකයන්ය.

සියල්ල අහවර වීමෙන් පසුව ඥානසාර අයිඑස්අයිඑස් අල්ලා දෙවියන්ගේම පිහිට අයදිනු ඇත. මන්ද ඔහුට ගැලපෙන තැන එතැන නිසාය.

 

ඊයේ වූ (20) සිද්ධියේ විඩියෝව මෙතැනින්

 

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us