ගහනව තුන් හතර දෙනාටම මැරිල වැටෙන්න

Friday, 09 June 2017 11:43

ඇමැති ජෝන් ඊයේ (08)මාධ්‍යවේදී ‍රැකියාව කරන කිහිපදෙනෙකුට දාපු පාර්ට් එක ගැන සිවිල් සංවිධාන හෝ මාධ්‍ය සංවිධාන හෝ තවමත් නිවේදනයක් නිකුත් නොකර තිබීම ගැන උරන වූ මහින්දවාදියෙක් සිය ෆේබුක් ගිණුමේ දැමු පෝස්‍ටුවක් දැකීමෙන් මේ ලියන්නට සිත් විය.

ඒ දවස් වල මාධ්‍යවේදී හතලිස් ගනනක් මරලා දමද්දී ..තවත් පිරිසක් අතුරුදන් කරද්දී.. පහර දී එලවා දමද්දී.. බොරු චෝදනා දමා අත් අඩංගුවට ගත් දී.. මාධ්‍ය ආයතන ගිනි තබා විනාශ කරද්දී.. ඒ කොහොමද එහෙම කරන්නෙ මාධ්‍ය නිදහසට අත තියන්න දෙන්න බෑ යැයි කියන්නට කොන්දක් කටක් නොතිබුණු ' මිනිස්සු' දැන් කටක් ඇර මේකද දෙනවා කිව් මාධ්‍ය නිදහස යයි අසන විට පශ්චාත් භාගයෙන් ඇඬෙන එක වලක්වා ගත නොහැක. එහෙත් ඒ නිසා යැයි කියමින් ජෝනා කළ වැඩේ හරි යැයි කියන්නෙ නැත.

ජෝන් මේ ආණ්ඩුවේ සිටින ජේෂ්ඨතම ඇමැතිවරයෙකි. ඒ ජේෂ්ඨත්වය වයසින්ද එසේය. සිය දේශපාලන ජීවිතයේදී මාධ්‍යවේදී සිය ගනනක් සමඟ ඔහු ගනු දෙනු කරන්නට ඇත. ගැ‍ටුම් ඇති කර ගන්නටද ඇත. මේ නිසා මාධ්‍යවේදියා කවුද ඒකාගේ කාර්ය භාරය කුමක්ද ඇමැතිවරයකු දේශපාලකයකු ලෙස තමන් මාධ්‍යය සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යන ගැන ඉතා ඉහළ පරිචයක් ඔහුට අනිවාර්යෙන්ම තිබේ.

වර්තමානයේ මාධ්‍යවේදියා ලෙස පෙනී සිටින වුන් බහුතරය, කැමරාවයි පොතයි පෑනයි උස්සගෙන දේශපාලකයන් වටේ බඩගාන, උනුන් හමුවේ කන් කෙදිරි ගාන, ලාබ ප්‍රයොජන ඉල්ලා සිටින වුන් සේම තමන් සේවය කරන ආයතනයේ දේශපාලන හෝ වෙනයම් තරහ මරහකට හෝ දේශපාලකයන් , නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකර ගැනිමේ කුණු කොන්ත්‍රාත් කර වැඩිපුර තුට්‍ටු දෙකක් සොය ගන්නා කාලකණ්නි වර්ගයාගෙන්ද සමන්විත වේ.

මේ පිරිස, දේශපාලකයා කවුද ඔහුගේ කාර්යභාරය කුමක්ද ඔහු හා ගනුදෙනු කළ යුත්තේ කෙසේද ඒ තොරතුරු ජනතාවට ලබා දිය යුත්තෙ කෙසේද ‍රැකිය යුතු සම්ප්‍රදායන් ආචාරධර්ම කෙසේද යන්න පැහැදිලිවම නොදන්නා වුන් වෙති. ජෝන් ගේ සිද්ධියට අදාලව වූවත් මේ මාධ්‍ය වේදීන් යැයි කිය ගන්න පිරිස කුණු මස් කෑල්ලකට පොර බදින කපු‍ටු රැලක් සේ පොර කකා දඟලමින් ඇමැතිවරයාගෙන් විමසන ලබන දේ හා ඒ ආකාරය කෙතරම් පහත්ද යන්න පැහැදිලිය. ඇමැති ජොන්ට කේන්තියාම සාධාරණ වූවත් ඔහුට ඊට වඩා සංයමයකින් කටයුතු කරන්නට අවස්ථාව තිබිණි.. වයසට ගියාම වැඩි මහළුවෝ ඔහොම තමයි කියා ඒ නොසලකා හැරිය නොහැක. ජෝන් මහජනතාවට සෘජුව වගකිව යුතු තනතුරක් හොබවන්නකු වන නිසා ඒ බරපතල කාරණාවකි. කොහොම නමුත් මෙතැන මාධ්‍යවේදීන් යනුවෙන් පෙනී සිටින වුන් තුට්‍ටුවකට ගනන් ගත යුතු නොවේ. ආයතන තුන හතරකට එක විට වැඩ කරමින් ඒ මාසේ අන්තිමට ලැබෙන කීයකට හෝ කරන රස්සාවක් මිස කිසිදු වගකිමක් ඇති වෘත්තියයක නොවන බව මේ මාධ්‍යවේදීන් හැමදාම ඔප්පු කරමින් සිටින ඇත්තම කතාන්දරයයි. මෙතැනදීත් තහවුරු කළේ එයය.

මේ හදිස්සියේ ඇතිවූ හුදකලා සිදුවීම කරන කොට ගෙන මේකද මේ යහපාලන ආණ්ඩුව දෙනවා කිව්ව මාධ්‍ය නිදහස ? යනුවෙන් ප්‍රශ්න කරනට තරම් මේ මැටි මෝල් මාධ්‍යවේදීන් පත්ව ඇති තත්වය ගැන තවත් උදාහරණයක් ප්‍රකට රූපවාහිනී නාලිකාවක් විසින් ද පෙන්වාදෙනු ලැබීය. මේ සිදුවීම ප්‍රචාරය කරද්දී තමන් තමයි යුගයේ මාධ්‍යවේදියා ලෙස සිතා සිටින රූපවාහිනී සේවකයා මෙහිදී, මේකද මේ යහපාලන ආණ්ඩුව දෙනවා කිව්ව මාධ්‍ය නිදහස ? ප්‍රශ්න කර සිටියේය.

රටත් ජනතාවත් නිරන්තරයෙන් බොරුවෙන් රවටමින් ජාතීන් අතර ආගම් අතර බේද බින්නතා ඇති කරමින් ඉත පහත් ආකාරයෙන් පවත්වාගෙන යන මේ රූපවාහිනී නාලිකාවට අනුව නම් ඕනෑම කුප්ප කැත වැඩක් කිරීමට මාධ්‍යවේදියාට මාධ්‍යායතන වලට ඉඩ දිය යුතුය. ඔවුන්ට මාධ්‍ය නිදහස කියන්නෙ එයය.

මාධ්‍ය නිදහසේ නාමයෙන් සත්‍ය ලෙසම සිදු විය යුතුව තිබෙන්නෙ මේ කාලකණ්නි මාධ්‍ය ආයතන ප්‍රතික්ශේප කිරීමය. ඒ ජනතාවට ඒත්තු ගැන්වීම සැබැවින්ම නිදහස් මාධ්‍ය යේ වගකීම කුමක් විය යුතු ද දන්නා මිනිසුන්ගේ වගකීමකි. ඒ කිසිසේත්ම මාධ්‍ය නිදහසට කරන කෙනහිලි කමක් නොවේ. රටත් ජනතාවත් වෙනුවෙන් සිදු කරනු ලබන ඉහළ මෙහෙවරකි.


- මහේෂාඛ්‍ය

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us