ඇලෝසියස්ව අත්අඩංගුවට ගත් රහස සහ දූෂණ විරෝධී ඩොලර් කපුටන්ගේ බොරු Featured

Sunday, 04 February 2018 19:21

අසරණ සරණ  ජනාධිපති මෛත්‍රීපාල ගහන ගහන ගැටේ ලෙහෙන්නට පටන් ගෙන තිබේ. සිරස කිලී මහරාජාගේ උපදෙස් අනුව බැඳුම්කරයක් අල්ලාගෙන එජාපයට කෙළවා දැමීමට ගත් උත්සාහය දැන් ආපිට කැරකැවෙමින් තිබෙන්නේය. පහුගිය ටිකේ කිලීගේ ගෝලයෝ රොත්ත හා තමන් ළඟ තියාගෙන සිටින උපදේශක බයියන් හා ඔවුන්ගේ මිතුරන් යොදාගෙන බැඳුම්කරය ගැන පට්ටපල් බොරු තොගයක් සමාජ ගත කළේය. ගෝල බාලයන්ගේ වැඩ මදි නිසා ජනාධිපධිවරයා විසින්ද බැඳුම්කර වාර්තාවේ නිර්දේශයන් යැයි කෙබර තොගයක් සමාජ ගත කරනු ලැබිය.

මේවා බොරු බව ක්ෂණයෙන්ම සමාජය හමුවේ තහවුරු විය. බැඳුම්කර ගනුදෙනු කියන්නේ මොනවාද යන්න ගැන මෙලෝ මළදානයක් නොදන්නා සිරිසේන ජනාධිපතිවරයා බැඳුම්කර හොරු අල්ලුවාය කියමින් , අද මෛත්‍රී පාර්ශ්විකයන්ට සුරාන්තයට පත්වීමට ද ඉඩ කඩ තිබූ නමුත් අවාසනාවකට දැන් එයද ඇහිරී ගොසිනි.

මන්ද අද දින බැඳුම්කර චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් සමාගමේ හිමිකරුවා යැයි කියන අර්ජුන් ඇලොසියස් හා එම සමාගමේ නිලධාරි කසුන් පලිසේන අත් අඩංගුවට ගැනීමත් ජනාධිපතිවරයාගේ අසරණකම නිසා ගත් දේශපාලන උප්පරවැට්ටියක් බවට මේ වන විට තහවුරු කළ තොරතුරු ලැබී තිබෙන නිසාය..

උසාවියේ නඩුවක්.... අම්බෝහ් එහෙනම් බෑ

අත් අඩංගුවට ගැනීම වෙනුවෙන් එල්ල කරන ලද චෝදනාවල දැක්වෙන්නේ රු කෝටි 68 ක පාඩුවක් රජයට සිදු කළ බවය. ජනාධිපතිවරයා කියන බිලියන 11.5 ක ගැන එහි සඳහන් නැත. එසේම මෙම අත් අඩංගුවට ගැනීම පොලිසියේ බී (බොරු) වාර්තාවක් අනුව සිදු වූවක් මිස කිසිසෙත්ම මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් අනුව සිදු වූවක් නොවේ. මෙලෙස හදිස්සියේම ජනාධිපතිවරයාගේ බලපෑම මත මොවුන්ව අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත්තේ..ලබන 6 වනදා සිදු කිරීමට නියමිත පාර්ලිමේන්තු විවාදයෙන් පැන යාමේ අවස්ථාවක් මෛත්‍රී පාර්ශ්වයට පැහැදිලිවම ලැබෙන නිසාය. ඔවුන්ට වාර්ථාව විසිකර මඩ වලින්ම සන්තර්පණය විය හැක.

සිරිසේන ජනාධිපතිවරයා මිට ටික දිනකට පෙර අභියෝග කළේ පෙබරවාරි 10 ට පෙර බැඳුම්කර කොමිසම් වාර්ථාව පාර්ලිමේන්තු විවාදයට ගන්නා ලෙසයි. එම අභියෝගය පිළිගනිමින් අගමැතිවරයා 8 වෙනිදාට විවාදය යෙදූ විට ජනාධිපතිගේ බත් බැලයින් හරහා එය ඡන්දයට අවුලක් යැයි තප්පුලෑවේය. ඒ අනුව එය 6 වෙනිදාට යෙදූ විට මෙච්චර දවසක් වේදිකා ගානේ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කළ බොරු එකින් එක හෙළිදරව් වීම සිදුවන විට රෙදි ගැලවෙන්නේ තමන්ගේ බව කල්පනා කළ මෛත්‍රී පාර්ශ්වය සිදු කළේ ඇලෝසියස් අත් අඩංගුවට ගැනීමය. එවිට උසාවියේ නඩුවක් තිබෙනවාය කියමින් පාර්ලිමේන්තු විවාදයෙන් පැන යා හැක..


දූෂණ විරෝධී ඩොලර් කපුටන්ගේ බොරු


මේ අතර මෛත්‍රී උපදේශක ශිරාල් ලක්තිලගේ මිතුරු එන් ජී ඕ ඩොලර් කපුටකු වන රජිත් කීර්ති තෙන්නකොන් ද අද මාධ්‍ය හමුවක් පවත්වමින් බැඳුම්කරයෙන් රුපියල් බිලියන 26ක් ම පාඩු වී ඇති බව තමන් සොයා ගත් වග කීවේය.. ඒ වෙනුවෙන් සංඛා සටහන්ද රැසක් ඉදිරිපත් කර තිබිණි. අද මේ ප්‍රකාශය සිදු කළේ පර්පෙච්චුවල් සමාගම විසින් ද්විතීක වෙලඳපොළ ගනු දෙනු වලින් රජයේ අරමුදල් වලට බිලියන 25 ක ලාබයක් අත් වූ බවට කළ අනාවරණයට උත්තර දීමටය.

බැඳුම්කරය අල්ලාගෙන වසර දෙක තුනක් තිස්සෙ කෑ මොර දුන්නත් මේ තෙන්නකෝන් නම් තක්කඩියා බැඳුම්කර ගනුදෙනුවක් කියන්නේ කුමක්ද කියා හෝ දන්නා පුද්ගලයකු නොවේ.. ඒ තබා පසුගිය කාලය මුලුල්ළේම මොහු විසින් ප්‍රකාශ කළ සියලුම දේ පට්ට පල් බොරුවලින් ගහනය. ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛනයන් බොහොමයක් ද බොරුය.. අද දින පැවත්වූ මාධ්‍ය හමුවේ ද සුපුරුදු පරිදි මේ බොරුවම ඔහු සිදු කළේය.

ද්විතීක වෙඳපොළ ගනුදෙනුවක දී ගනුදෙනුව සිදුවන්නෙ කුමණ ක්‍රමවේදයකට යන්න ගැන හාංකවිසයක දෙයක් නොදැන මොහු අංක ගණිතයෙන් ගනන් හදා පෙන්වූයේ බිලියන 26 පාඩු බවය.. ඊටත් වඩා විහිළුවට කාරණය නම් මොහු විගනකාධිපතිවරයාටත් බැඳුම්කර කොමිසමටත් ගනන් වැරදී ඇති බව ප්‍රකාශ කිරීමය.

රජයේ අරමුදල් විසින් බැඳුම්කර මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ මුදල පාඩුවක් ලෙස ගනනය කරන මේ මැටි මෝල්ලු එම බැඳුම්කර නැවත විකිණීමෙන් වැඩි ආදායමක් ලැබෙන බව දන්නේ නැත. නැත්නම් ඒ කරුණ වසන් කර රටේ ජනතාව නොමඟ යවමින් මේ කරන්නෙ අමු තකක්ඩි කමකි. කොහොමත් මොවුන් තක්කඩියන්ය.

ජනාධිපති පව්...

කෙසේ නමුත් ජනාධිපතිවරයාත් මේ ඔහුගේ ගෝලබාල හෙංචයියනුත් ශ්‍රීලනීපය දේශපාලනයේ අතුගැවී යාම වලක්වා ගැනීම වෙනුවෙන් මේ දඟලන දඟලිල්ල නම අනුකම්පා සහගතය. එහෙත් මේ කාලකන්ණි වැඩ නිසා රටේ ආර්ථිකයේ ඉදිරි ගමනට එහි අභිවෘද්ධියට වන හානිය බරලතලය. ඒ නිසා මේ කිසිවකුට අනුකම්පා නොකළ යුතුය.

නීතිය මඟින් පැහැදිලි විමර්ශනයක් සිදු කර කළ යුතු කරුණු කාරනා දේශපාලන වේදිකාවක මතට ගෙනත් තමන්ගේ ප‍ටු ආත්මාර්ථකාමි බඩගොස්තර වුවමනාවන් සපුරා ගැනීම නම් නින්දිතය. රාජපක්ෂලා කළෙත් ඔය ටිකමය. එතැනින් එහාට තවත් කිව යුතු දෙයක් නැත. විය යුතු දේ ගැන රටේ ජනතාව දැනුවත්ය. ඔවුන් මෛත්‍රීගේ අවසානය තීරණය කරනු ඇත. මන්ද යහපාලනය අපේක්ෂාවෙන් මෛත්‍රීව බලයට පත් කළ ජනතාවකට දේශපාලන තක්කඩියෙක්ව ආපසු පලවා හැරීමට අමුතුවෙන් හිතන්නට දෙයක් නොවේ.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us