කරුණාට පුලුවන් නම් ෆොනීට බැරි මොකද? හොරිකඩ තර්කවලට උත්තරයක් Featured

Sunday, 25 February 2018 15:56

පළාත් පාලන මැතිවරණයෙන් ඉක්බිති රටේ විවිධ පාර්ශ්ව දැවැන්ත විලි රුදාවකින් පෙළෙන්නට විය. ඒ, අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්විය යුතුය යන විලිරුදාවෙනි.

ඒ සියල්ල යටපත්වීමෙන් අනතුරුව වැලඳුණ විලිරුදාව වන්නේ කැබිනට් සංශෝධනය යි. ඒ සමග ම තවත් දැවැන්ත විලි රුදාවක් බිහිවුණි. ඒ, සරත් ෆොන්සේකා මහතා සාමය හා නීතිය පිළිබඳ අමාත්‍යවරයා වේදෝ යන විලිරුදාවෙනි. මෙම විලිරුදාවෙන් වඩ වඩාත් පෙළෙන්නට වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පසුගිය ආණ්ඩුවේ විවිධ දූණන වංචාවලට සම්බන්ධ යැයි සැකයට භාජනය වී සිටින පිරිස ය.

අගමැතිකම සහ විපක්ෂ නායකමත් එපා...

සරත් ෆොන්සේකා මහතා වෙත නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලැබුනහොත් ඔහු ක්‍රියා කරන්නේ කෙසේ දැයි මාධ්‍යය විමසා සිටි මොහොතේ ඒ මහතා පවසා සිටියේ මාස හයක් ඇතුළත සියලු ම හොරුන්ට සහ වංචාකරුවන්ට දඬුවම් පමුණුවන බවයි.

මෙම ප්‍රකාශයත් සමගම යට සඳහන් කළ පිරිස වඩ වඩාත් කලබලයට පත්වු අතර පළාත් පාලන මැතිවරණයෙන් ඉක්බිති අගමැති ධුරය ඉල්ලා සිට එය විහිළුවක් බව තමන්ට ම අවබෝධ වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකධුරය ලබා දිය යුතුයැයි බෙරිහන් දුන් පිරිස නිහඬ වූහ. ඔවුන්ගේ ඊළඟ මෙහෙයුම වූයේ කෙසේ හෝ සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරය ලබාගැනීම වැලැක්වීම ය. මේ සඳහා මහින්ද හිතවාදී බොහෝ පිරිස් මැදැහත්ව විවිධාකාරයේ කුමන්ත්‍රණ දියත් කළහ. වුවමනා දේටත් නොවුමනා දේටත් ඇඟිලි ගසන අන්තවාදි සංඝ සමාජයේ කොටස් ද මේ කාර්ය වෙනුවෙන් පෙරමුණ ගත්හ.

තාවකාලික අස්වැසිල්ල යළි ගිනි පුපුරක්ව

කෙසේ හෝ අද පැවති කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ අවස්ථාවේ දී නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍යවරයා යටතට පවරා ගත්තේ ය. ඒ මොහොතේ යට සඳහන් කළ පිරිසට කිසියම් අස්වැසිල්ලක් ලැබෙන්නට ඇතුවාට සැක නැත. එහෙත් ඊට ටික වේලාවකට පසුව පැමිණි ආරංචියෙන් මෙම පිරිස යළිත් කලබලයට පත්වුහ. ඒ, අග්‍රාමාත්‍යවරයා මෙම අමාත්‍යාංශයේ වැඩ බාරගත්තේ සතියක කාලයකට පමණක් බවත්, දැනට විදෙස්ගතව සිටින සරත් ෆොන්සේකා මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව අදාළ අමාත්‍යාංශය ඒ මහතාට පවරන බවට ලද ආරංචිය සමගිනි.

මෙම ආරංචිය ලද සැණින් පෙර සේම අන්තවාදි භික්ෂු සංවිධාන, දූෂණයට සහ වංචාවලට සම්බන්ධ පොලිස් නිලධාරිහු සහ පසුගිය ආණ්ඩුව සමයේ වංචා දූෂණ සිදු කළැයි සැක සහිත සියලු පිරිස් ඒකරාශිව යළිත් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව කඳවුරු බඳින්නට වුහ. මෙහි විහිළු සහගත ම කතාව වන්නේ සරත් ෆොන්සේකා මහතා වෙත සාමය හා නීතිය පිළිබඳ අමාත්‍යාංශය ලබා දෙනවානම් තමා පොලිස්පති ධුරයෙන් ඉවත් වන බව වත්මන් පොලිස්පතිවරයා පැවසීම ය. ඇතැම්විට ඒ මහතා එසේ පවසන්නට ඇත්තේ සරත් ෆොන්සේකා මහතා සමග නීතිය නැවිමට හෝ කැඩිමට නොහැකි බව ඉන්තේරුවෙන් ම දන්නා නිසා විය හැකි ය. මේ මොහොතේ මට සිහිපත් වූයේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවහොත් සිය දිවි නසාගන්නා බවට ජ්‍යෝතිර්වේදියකු යැයි කියාගන්නා එක්තරා අවස්ථාවාදි කපටියකු කළ ප්‍රකාශය යි.

තලගොයි කබරගොයි න්‍යාය

කෙසේ වෙතත් අන්තවාදී භික්ෂු සංස්ථාව නගන මූඪ තර්කයක් වන්නේ නීත්‍යානුකුලව දඬුවම් ලැබූ පුද්ගලයකු නීතිය හා සාමය පිළිබද අමාත්‍යධුරය හොබවන්නේ කෙසේ ද යන්න ය.

මෙහි දී ඒ අවස්ථාවාදී නරුමයන්ට පැවසිය යුතු කරුණු කිහිපයක් ම පවතී. එනම් සරත් ෆොන්සේකා මහතා නීතියෙන් දඬුවම් ලැබුවේ: පළිගැනීමේ චේතනානේ යුතුව ඒ මහතා වෙත එල්ල කළ අභූත චෝදනා සඳහා අනීතිකව ලබා දුන් දඬුවමක් බවයි. ඒ දඬුවම යනු හුදෙක් නීත්‍යානුකුල ක්‍රියාදාමයක් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ දොළදුක සන්සිඳවීම සඳහා පැනවූ දඬුවමකි. එය මෙරට පමණක් නොව සමසත ලෝකය ම දන්නා කරුණකි. අන්තවාදි භික්ෂු සංස්ථාව එවන් මතයක් ගෙනහැර දක්වන්නේ ඔවුන් මියගොස් නැවත ඉපදී ඇති වටපිටාවක මෙනි.

හොදයි... සරත් ෆොන්සේකා මහතා නීතියෙන් වරදකරුවකු වුවා යැයි සිතමු. එසේනම්: LTTE සංවිධානයේ ප්‍රබලයකු වූ ද, බුද්ධ ශාසනයේ මුදුන් මල්කඩ යැයි සැලකෙන දළදා මාලිගාවට පහර දුන්නා වූ ද, ශ්‍රි මහා බෝධිය අබියස දී ම්ලේඡ්ඡ ප්‍රහාරයක් එල්ල කළා වූ ද, අරන්තලාවේ සිදුකළ මහා භික්ෂු ඝාතයට වග කිවයුත්තා වූ ද විනයාග මූර්ති මුදලිදරන් හෙවත් කරුණා අම්මාන් උත්තරීතර යැයි පවසන පාර්ලිමේන්තුවේ ඇමතිධුරයක් ලැබීමෙන් නොනැවතී ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරක් දක්වා පැමිණියේ කෙසේ ද? LTTE සංවිධානයේ මූල්‍ය අංශය බාරව සිටි කේ. පී හෙවත් කුමාර පද්මනාදන් අදත් යහතින් ජීවත්වන්නේ කෙසේ ද? එසේනම් අවසන් වශයෙන් මේ අන්තවාදි භික්ෂුසංස්ථාවෙන් විමසීමට ඇත්තේ මිනිසුන් 999 දෙනකු මරා, එසේ මැරූ එක් මිනිසකුගෙන් එක් ඇඟිල්ල බැගින් මාලයක් සාදා තමන්ගේ ගෙලේ දමාගෙන සිටි අහිංසක හෙවත් අංගුලිමාල රහත් බවට පත්ව නිවන් මාර්ගයට පිවිසියේ කෙසේ ද යන්නය.

එබැවින් දූෂිත පාලකයන්ට දඬුවම් දෙන විට ඒ ඒ ගිහියන්ගේ මෙන්ම අන්තවාදී භික්ෂුන්ගේ චීවර ඔවුන්ගේ ම මල-මුත්‍රාවලින් තෙත්වීම වැළැක්වීම වෙනුවෙන් පෙනී නොසිට රටේ අනාගතය යහපත් මාවතක් කරා රැගෙන යන්නට ඉඩ දෙන්නැයි අදාළ පාර්ශව වෙතින් ඉල්ලා සිටින්නට නොව ඔවුන්ට බල කරන්නට ජනතාව පෙළ ගැසිය යුතුය.

 

Jayasiri Alawatta

sis.lk

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us